
ශක්තිමත් මූල්‍ය වර්ධනයක් සමඟ කොමර්ෂල් බැංකුව 3වන කාර්තුවේ දී ණය ලබාදීම වේගවත් කරයි
පවතින වෙළඳපල තත්ත්වයන් තුළ පොලී ආදායම අඩු වීමෙන් ඇතිවූ බලපෑම්වලට ප්‍රතිචාර දක්වමින් විචක්ෂණශීලීව බැංකුකරණ කළඹ කළමණාකරණය කිරීම හා එහි CASA අනුපාතය අඛණ්ඩව වැඩිදියුණු කිරීම මගින් කොමර්ෂල් බැංකු සමූහය 2024 තුන්වන කාර්තුව අවසානයේ දී ආකර්ෂණීය වර්ධනයක් අත්කර ගෙන ඇත.
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව, සහ එහි අනුබද්ධ සමාගම් වලින් සමන්විත කොමර්ෂල් බැංකු සමූහය විසින් 2024 සැප්තැම්බර් 30න් අවසන් මාස නවය සඳහා ශුද්ධ පොලි ආදායම රුපියල් බිලියන 88.98 ක් ලෙස වාර්තා කළ අතර මෙම කාලපරිච්ඡේදය සඳහා පොලී ආදායමේ මෙන්ම දළ ආදායමේ අඩුවීමක් පෙන්නුම් කළද, එය 46.15% ක වැඩි වීමකි.
ණය මෙන්ම රජයේ සුරැකුම්පත් සඳහා ලැබෙන පොලී අනුපාත පෙර වසරට වඩා අඩු මට්ටමක පැවති නිසා එම කාලය සඳහා වාර්තා කරන ලද රුපියල් බිලියන 241.71 ක දළ ආදායම 2023 අනුරූප මාස නවයට වඩා 5.57% කින් පහත වැටීමකි.
පොලී ආදායමට එලෙසම බලපෑම් එල්ල වූ නිසා එම ආදායම රුපියල් බිලියන 207.12 ක් දක්වා 7.77% කින් අඩු වූ නමුත්, තැන්පතු නැවත මිල කිරීම සහ CASA අනුපාතය තවදුරටත් වැඩිදියුණු කිරීම හරහා ශුද්ධ පොලී ආදායමේ ශක්තිමත් වර්ධනයක් ඇති කරමින් පොලී වියදම් කැපී පෙනෙන ලෙස 27.83% කින් රුපියල් බිලියන 118.14 ක් දක්වා අඩු කර ඇත.
“අඩු පොලී අනුපාතික පවතින කාල සීමාවන් තුළදී බැංකුවලට ඇති අභියෝගය වන්නේ කාලෝචිත ව ලාභාන්තික කළමණාකරණය කර ගනිමින් ඔවුන්ගේ කළඹ වර්ධනය කර ගැනීමයි,” යනුවෙන් කොමර්ෂල් බැංකුවේ සභාපති, ෂාර්හන් මුෂීන් මහතා අදහස් දැක්වීය. “විචක්ෂණභාවය සහ සාධාරණත්වය පිළිබඳ අපගේ නිර්දෝෂි වාර්තාව සමඟින් පෙන්නුම් කරන ලද මූල්‍ය ශක්තිය මගින් තැන්පතු බලමුළුගැන්වීම තවදුරටත් පවත්වාගෙන යාම හා එමගින් ණය ලබා දීම තවදුරටත් වේගවත් කිරීමට අපට හැකියාව ලැබේ. සමාලෝචනය කරන ලද මාස නවය සඳහා වූ කාර්යසාධනය මගින් මෙම කාර්යයන් වල ප්‍රගතිය සමූහයේ ප්‍රවීණත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබිඹු කරයි.”
කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා වැඩිදුරටත් පැවසූයේ ණය කළඹෙහි ගුණාත්මකභාවය පිළිබඳ සුපරීක්ෂාකාරී අධීක්ෂණය, හානිපූර්ණය සඳහා ප්‍රතිපාදන සාධාරණව හා ඉදිරි දැක්මක් සහිතව කළමණාකරණය කිරීම, සහ වත්කම් හා වගකීම් කාලෝචිත ලෙස නැවත මිල කිරීම හේතුවෙන් සමූහයේ මාස නවයක කාර්යසාධනය මනාව පෙන්වා දී ඇති අතර, මෙම උපාය මාර්ගය ඉදිරියට ද පවතිනු ඇති බවයි. “අස්ථාවර තත්ත්වයන් තුළදී පවා පැවති මෙම ශක්තිමත් හා ස්ථාවර කාර්යසාධනය බැංකුවට ණය දීම වේගවත් කිරීම, ඩිජිටල් පරිවර්තනය හා තිරසාරභාවය වෙනුවෙන් ආයෝජනය කිරීම සහ වෙනත් කැපවීම් ඉදිරියටත් සිදුකරගෙන යාමට අවස්ථාව ලබා දෙයි,” යනුවෙන් මනතුංග මහතා පැවසීය.
සලකා බලන මාස නවය සඳහා සමූහය රුපියල් ටි‍්‍රලියන 1.42 ක දළ ණය සහ අත්තිකාරම් වාර්තා කර ඇති අතර එය 2023 දෙසැම්බර් සිට රුපියල් බිලියන 121.06 ක නැතහොත් 9.34% ක වර්ධනයක් සහ රුපියල් බිලියන 13.45 ක මාසික සාමාන්‍යයකින් වැඩි වීමකි.
ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගියද මාස නවය තුළදී රුපියල් බිලියන 8.73 ක සාමාන්‍ය මාසික වර්ධනයක් පෙන්නුම් කරමින් තැන්පතු රුපියල් ටි‍්‍රලියන 2.23 ක් දක්වා එනම් 3.66% කින් වැඩි විය.
සමූහයේ මුළු වත්කම් 2024 සැප්තැම්බර් වන විට රුපියල් ටි‍්‍රලියන 2.76 දක්වා මාස නවයක් තුළදී රුපියල් බිලියන 108 කින් එනම් 4.05% කින් වැඩි විය.
සමාලෝචනය කරන ලද කාලසීමාව තුළදී සමූහයේ සමස්ත මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 115.72 දක්වා 33.86% කින් වර්ධනය විය.
හානිපූර්ණය සහ අනෙකුත් පාඩු සඳහා සමූහය විසින් රුපියල් බිලියන 20.02 ක ප්‍රතිපාදන ලබා දී ඇති අතර එය 2023 වසරේ අනුරූප මාස නවයක කාලසීමාව තුළදී වෙන්කළ රුපියල් බිලියන 25.78 ක අගයට වඩා 22.35% ක අඩුවීමකි.
මාස නවය සඳහා ශුද්ධ මෙහෙයුම් ආදායම රුපියල් බිලියන 95.70 දක්වා 57.74% කින් වර්ධනය විය. මෙම කාලසීමාව සඳහා සමූහයේ සම්පූර්ණ මෙහෙයුම් වියදම් රුපියල් බිලියන 36.49 දක්වා 14.12% කින් වර්ධනයක් වුවද රුපියල් බිලියන 59.21 ක මූල්‍ය සේවා මත බදු ගෙවීමට පෙර මෙහෙයුම් ලාභයක් වාර්තා කිරීමට හැකි විය. එය 106.36% ක වර්ධනයකි.
මූල්‍ය සේවා මත බදු 141.95% කින් රුපියල් බිලියන 8.87 ක් දක්වා වැඩි වීම හමුවේ මාස නවය සඳහා බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 50.34 ක් වූ අතර එය 101.14% ක වර්ධනයකි. සමූහය 2024 පළමු මාස නවය සඳහා රුපියල් බිලියන 31.54 ක ශුද්ධ ලාභයක් වාර්තා කර ඇති අතර එය 2023 අනුරූප කාලසීමාවට වඩා 113.61% ක වර්ධනයක් නිරූපණය කරයි. තුන්වන කාර්තුව අවසානයේ සමූහයේ මුළු බදු ගාස්තු රුපියල් බිලියන 27.67 ක් වන අතර එය පෙර වසරේ මුල් මාස නවයට අදාළ රුපියල් බිලියන 13.93 අගය මෙන් දෙගුණයකි.
අනෙකුත් ප්‍රධාන කාර්යසාධන දර්ශක අතර බැංකුවේ පළමු පෙළ සහ මුළු ප්‍රාග්ධන අනුපාත 2024 සැප්තැම්බර් 30 දා වන විට පිළිවෙලින් 12.550% (2023 දෙසැම්බර් 31 දිනට 11.442%) සහ 17.229% (2023 දෙසැම්බර් 31 දිනට 15.151%) දක්වා වර්ධනය විය. මෙම දර්ශක සඳහා ව්‍යවස්ථාපිත අවම අගයන් වන්නේ 10% සහ 14% යන අනුපාතයන්ය.
කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන අතර කොළඹ කොටස් වෙළඳපල බැංකු අංශයේ ඉහළම වෙළඳපල ප්‍රාග්ධනකරණයක් ඇති බැංකුව වේ. ශ්‍රී ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව ශ්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප්‍රථම බැංකුව ද වේ. බැංකුව මේ වනවිට දිවයින පුරා විහිදුනු බැංකු ශාඛා සහ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලයක් ක්‍රියාත්මක කරන අතර බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ බැංකු අතර පුළුල්තම ජාත්‍යන්තර පිය සටහන තබා ඇති වාණිජ බැංකුව ද වේ.
49 Comments
маркетплейс аккаунтов соцсетей https://kupit-akkaunt-top.ru
аккаунт для рекламы маркетплейс аккаунтов соцсетей
Account Selling Service Sell Account
Sell accounts Account market
Sell Account socialaccountsmarket2025.com
Account Sale Database of Accounts for Sale
Account Store Profitable Account Sales
Account trading platform Buy accounts
Purchase Ready-Made Accounts Sell Account
Buy accounts Database of Accounts for Sale
Social media account marketplace Database of Accounts for Sale
Purchase Ready-Made Accounts Website for Buying Accounts
profitable account sales social media account marketplace
social media account marketplace website for selling accounts
accounts for sale purchase ready-made accounts
website for selling accounts https://buyaccountsdiscount.com/
account store buy and sell accounts
purchase ready-made accounts website for selling accounts
account selling platform social media account marketplace
account marketplace accounts for sale
account trading service online account store
account marketplace sell accounts
accounts marketplace https://social-accounts.org/
purchase ready-made accounts https://accounts-for-sale.org
account exchange secure account sales
marketplace for ready-made accounts website for selling accounts
secure account purchasing platform account market
account acquisition social media account marketplace
account trading platform buy accounts
sell accounts purchase ready-made accounts
buy pre-made account website for buying accounts
account trading platform account sale
account market account exchange
маркетплейс аккаунтов соцсетей https://kupit-akkaunt.online
buying facebook account https://buy-adsaccounts.work
buy facebook profile https://buy-ad-account.top
buying fb accounts https://ad-account-buy.top
facebook account buy https://buy-ads-account.work
buy facebook profiles facebook ad account for sale
Эта публикация дает возможность задействовать различные источники информации и представить их в удобной форме. Читатели смогут быстро найти нужные данные и получить ответы на интересующие их вопросы. Мы стремимся к четкости и доступности материала для всех!
Разобраться лучше – https://medalkoblog.ru/
buy google ads invoice account https://buy-ads-invoice-account.top
buy adwords account https://buy-account-ads.work
google ads reseller buy google ad threshold account
tiktok ads agency account https://buy-tiktok-ads-account.org
tiktok ads account buy buy tiktok ads accounts
buy tiktok ad account https://tiktok-ads-account-for-sale.org
tiktok ads account buy https://tiktok-agency-account-for-sale.org
tiktok ads account buy https://buy-tiktok-ad-account.org
¡Hola, seguidores de la victoria !
Casinos no regulados y sin restricciones – https://www.casinossinlicenciaespana.es/ casino sin licencia
¡Que experimentes giros memorables !