
කොමර්ෂල් බැංකුව ලංකා බැංකු සේවක සංගමය (CBEU) සමග සාමුහික ගිවිසුමක් සහ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි
2024 වසරේ සිය පළමු ක්‍රියාවලින්ගෙන් එකක් ලෙස කොමර්ෂල් බැංකුව, ලංකා බැංකු සේවක සංගමය සමග නව සාමුහික ගිවිසුමකට සහ අවබෝධතා ගිවිසුමකට පිවිසෙමින්, වඩා යහපත් සේවක සේවා කොන්දේසි සහතික කිරීම සඳහා බැංකුවේ නොසැලෙන කැපවීම යළි තහවුරු කර ඇත. කොමර්ෂල් බැංකුව, සංගමය සහ සේවකයින් අතර සහයෝගීතාවය තුළින් කාර්යක්‍ෂම හා ඵලදායී සේවා පරිසරයක්ද පවත්වාගෙන යෑමද මෙම ක්‍රියාවලිය මගින් අපේක්‍ෂා කරයි.
සාමුහික ගිවිසුම මගින් කොමර්ෂල් බැංකුව, ලංකා බැංකු සේවක සංගමය සහ සංගමයේ සාමාජිකයින්ද ආවරණය වන අතර, එමගින් විධායක සහකාර ශ්‍රේණිවල හා අනුබද්ධ ශ්‍රේණිවල සහ විධායක නොවන ශ්‍රේණිවල ස්ථිර රැකියා කොන්ත්‍රාත්තු මත සේවයේ නියුතු සංගමයේ සාමාජිකයින් ආවරණය කෙරෙයි. දෙපාර්ශ්වය අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම හරහා, විධායක ශ්‍රේණියේ නිලධාරීන් ආවරණය වේ.
අත්සන් කරන ලද සාමුහික ගිවිසුම සහ අවබෝධතා ගිවිසුම 2026 දෙසැම්බර් 31දා දක්වා බලපැවැත්වේ.
1 Comment
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.