2026 ලෝක සංචාරක සම්මාන උළෙලේ දී City of Dreams Sri Lanka සම්මාන 2කින් පිදුම් ලබයි
Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස පිලිගැනීමට ලක් වෙයි
ශ්රී ලාංකේය සංචාරක කර්මාන්තයේ වසරක විශිෂ්ටත්වය සනිටුහන් කරමින් World Travel Awards හිදී 2026 සුවිශේෂී සම්මාන 2කින් පිදුම් ලැබීමට City of Dreams Sri Lanka පසුගියදා සමත් විය. ඒ අනුව 2026 වසරේ Asia’s Leading New Resort සහ Sri Lanka’s Leading Luxury Resort ලෙස එම සම්මාන උලෙළේදී City of Dreams Sri Lanka පිළිගැනීමට ලක් විය.
මෙම සුවිශේෂී ජාත්යන්තර ඇගයීම තුලින් City of Dreams Sri Lanka දේශීය මෙන්ම ආසියානු කලාපීය සංචාරක තුළ අත්කරගෙන ඇති විශිෂ්ටත්වය මනාව විදහා දක්වයි. ආසියාවේ සුඛෝපභෝගී සංචාරක ක්ෂේත්රය තුළ ශ්රී ලංකාවේ ප්රමිතිය ඉහළ නැංවීම සඳහා ඔවුන් දක්වන දායකත්වයද මේ තුලින් මනාව පිළිබිඹු වේ. එහිදී හිමි කරගනු ලැබූ Asia’s Leading New Resort සම්මානය තුලින් අතිශය තරඟකාරී ආසියානු වෙළෙඳපොළක් තුළ සිය සන්නාම අනන්යතාවය සාර්ථකව ගොඩනැඟීමට දැක්වූ දක්ෂතාව පෙන්වා දෙන අතර ශ්රී ලංකාව සතු සුඛෝපභෝගී සංචාරක ව්යාපාරයේ පවතින ඉහළ ගුණාත්මකභාවය, විවිධත්වය සහ ජාත්යන්තර මට්ටමේ වෘත්තීයමය පරිණතභාවය Sri Lanka’s Leading Luxury Resort සම්මානය මඟින් තහවුරු කරයි.
දකුණු ආසියාවේ ප්රථම පූර්ණ ඒකාබද්ධ නිකේතනය ලෙස කොළඹ හදවත බඳු පරිශ්රයක සුඛෝපභෝගී නවාතැන්, ඉහළම මට්ටමේ භෝජනාගාර, විනෝදාස්වාද අංග, සුවතා මධ්යස්ථාන, සාප්පු සවාරි සංකීර්ණ මෙන්ම මහා පරිමාණ ව්යාපාරික සමුළු එකම වහලක් යටදී සාර්ථකව සපුරා ගැනීමේ අවස්ථාව City of Dreams Sri Lanka උදා කර දී තිබේ. එහි අති සුඛෝපභෝගී හෝටල් සන්නාමය වන භඤූඅ් සහ අමුත්තන් වෙනුවෙන් අසමසම අත්දැකීමක් උරුම කර දෙන Cinnamon Life ශ්රී ලංකාව තුල තමන් අත්කරගෙන ඇති අනන්යතාව මනාව ඉදිරියට පවත්වාගෙන යාමට සමත්ව සිටියි.
මෙම ජයග්රහණය පිළිබඳව අදහස් දක්වමින් City of Dreams Sri Lanka හි උප සභාපති සහ ආයතන සාමාන්යාධිකාරී මයිකල් හබාෂි මහතා සඳහන් කර සිටියේ “අපගේ පළමු මෙහෙයුම් වසර තුළදීම මෙම ලෝක සංචාරක සම්මාන ද්විත්වය ලබා ගැනීමට ලැබීම අප ජයග්රහණයක් ලෙස සඳහන් කළ හැකියි. මෙම සම්මාන අප ආයතනය ලැබූ දැවැන්ත සන්ධිස්ථානයක් වන අතරම, අපගේ සේවක මණ්ඩලයේ දැඩි උද්යෝගය, කැපවීම සහ සියුම් කරුණු කෙරෙහි දක්වන සුවිශේෂී අවධානය මින් මනාව පිළිබිඹු වනවා. ශ්රී ලංකාව තුළ සුඛෝපභෝගී සංචාරක සේවාවේ සහ ඒකාබද්ධ නිකේතන අත්දැකීම්වල නවතම මානයක් බිහි කිරීම අපගේ අරමුණ වූ අතර, මෙම ජාත්යන්තර ඇගයීම අපගේ ඉදිරි ගමනට විශාල විශ්වාසයක් සහ ශක්තියක් සපයනවා. අපගේ එකම අභිලාෂය හුදෙක් ලබාගත් ජයග්රහණ මත පමණක් රැඳී සිටීම නොව, සේවා ප්රමිතීන් තවදුරටත් ඉහළ නංවමින් අපගේ අමුත්තන් වෙනුවෙන් විශිෂ්ටතම අත්දැකීම් නිර්මාණය කිරීම සහ ශ්රී ලංකාව කලාපයේ ප්රමුඛතම සංචාරක ගමනාන්තයක් බවට පත්කිරීමේ ජාතික ක්රියාවලිය සඳහා අඛණ්ඩව ඉහළම දායකත්වයක් සැපයීමයි.” යනුවෙනි.
World Travel Awards 2026 හිදී අත්කරගනු ලැබූ මෙම ජයග්රහණය, Melco Resorts & Entertainment සමාගම සමස්ත ආසියානු කලාපය පුරාම අත්කර ගෙන ඇති ආධිපත්යයේ තවත් එක් සුවිසල් පියවරක් ලෙසද සඳහන් කළ හැකිය. මීට අමතරව Macau’s Leading Casino Resort 2026 සහ Macau’s Leading Resort 2026 2026 ලෙස මැකාවුහි City of Dreams සම්මාන හිමි කරගත් අතර Asia’s Leading Casino Resort 2026 සහ පිලිපීනයේ ප්රමුඛතම නිකේතනය Philippines’ Leading Resort 2026 ලෙස City of Dreams Manila සම්මාන දිනා ගන්නා ලදී.

