CIC සමාගම පෝෂණ ගුණයෙන් සපිරි Besto බිත්තර වෙළෙඳපොළට හඳුන්වාදෙයි
CIC සමාගම පෝෂණ ගුණයෙන් හා උසස් ප්‍රමිතියෙන් සපිරි සිය නවතම නිෂ්පාදනය වන CIC Besto ඔමේගා 3 බිත්තර වෙළෙඳපොළට හඳුන්වා දෙයි. ස්වාභාවිකව වැඩි දියුණු කළ මෙම බිත්තර නිපදවන කිකිළියන්ට දෙන ආහාරවල ප්‍රතිජීවක, හෝර්මෝන හෝ කිසිදු සත්ත්ව නිෂ්පාදනයක අතුරු ඵලයක් අමුද්‍රව්‍යය ලෙස යොදා නොගැනේ. සම්පූර්ණයෙන්ම ශාකමය අමුද්‍රව්‍ය පමණක් යොදා ගෙන ආහාර සාදන නිසා මෙම බිත්තරවල රසය සහ පෝෂණ ගුණය ඉතා ඉහළය. Besto බිත්තරවල සාමාන්‍ය බිත්තරවලට වඩා සිව් ගුණයක් ඔමේගා-3 මේද අම්ල, විටමින් A, විටමින් B9 (ෆෝලික් අම්ලය), විටමින් D3, විටමින් E සහ සැන්තොෆිල් අඩංගු වන අතර සාමාන්‍ය බිත්තරවලට වඩා දෙගුණයක් සින්ක් සහ යකඩ අඩංගු වේ.
Besto බිත්තර වයස් භේදයකින් තොරව සෞඛ්‍ය වාසි රැසක් ගෙන දෙයි. ඔමේගා 3 මේද අම්ල හදවතේ සහ මොළයේ ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීමටත්, සෞඛ්‍යයට හිතකර කොලෙස්ටරෝල් (HDL) ඉහළ මට්ටමක පවත්වා ගැනීමටත්, බුද්ධි වර්ධනයටත් උපකාර වේ. විටමින් ඊ සමේ තෙතමනය ආරක්ෂා කිරීමටත්, ප්‍රතිශක්තිය ඉහළ නැංවීමටත් දායක වෙමින් ශක්තිමත් ප්‍රති-ඔක්සිකාරකයක් ලෙසද ක්‍රියා කරයි. විටමින් ඩී කැල්සියම් අවශෝෂණයට උපකාර වන අතර අස්ථිවලට සහ මස්පිඬුවලට අත්‍යවශ්‍ය වේ. ෆෝලික් අම්ලය, යකඩ, සින්ක් වැනි සංඝටක ශක්තිය නිපදවීම, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සහ ශරීරයේ සමස්ත වර්ධනයට දායක වේ. Lutein සහ Zeaxanthin ඇසේ සුද ඇති වීමේ සහ ඇස් දුර්වල වීමේ අවදානම අඩු කරමින් අක්ෂි සෞඛ්‍යය යහපත් කරයි.
සෑම විටම අදාළ ප්‍රමිතිවලට මුල්තැන දෙන CIC සමාගම සෑම Besto බිත්තරයක්ම අදාළ පෝෂණ සංඝටකවලින් අනූන බව සහතික කරයි. CIC සමාගමේ පශු වෛද්‍යවරු නිරන්තරයෙන් කිකිළියන් පරීක්ෂා කරති. බිත්තර කහ මදයේ පැහැය හා පෝෂණය වැඩි කිරීම සඳහා දාස්පෙතියා මල් පෙති, බෙල්පෙපර්, බඩඉරිඟු වැනි ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිපදවන ආහාර පමණක් කිකිළියන්ට දෙන බැවින් බිත්තරවල මදයේ පැහැය සහ පෝෂණ මට්ටම ඉහළ මට්ටමක පවතී. සෑම බිත්තරයක්ම ප්‍රමිතිය සහ නැවුම් බව සහතික කිරීමට පරීක්ෂා කෙරෙන අතර බිත්තරවල නිෂ්පාදිත සහ කල් ඉකුත් වීමේ දින පැහැදිලිව සඳහන් කර ඇත.
ශරීර වර්ධනයට පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය ළමුන්, ශක්තිය සහ පෝෂණය අවශ්‍ය වැඩිහිටියන්, අස්ථි සහ ඇස්වල සුවතාව අවශ්‍ය පුද්ගලයන් ඇතුළු ඕනෑම අයෙකුට Besto බිත්තරවලින් ඉතා රසවත් ආකාරයට පෝෂණ අවශ්‍යතා සපුරා ගත හැකිය. දිවයින පුරා පිහිටි සියලු ප්‍රධාන සුපිරි වෙළෙඳසල්වලින් Besto බිත්තර මිල දී ගත හැකිය. ඒවායේ පෙනුම, තත්ත්වය, රසය හෝ ඕනෑම අසාමාන්‍යතාවක් පිළිබඳව යෝජනා හෝ විමසීම් 0710398398 අංකයට හෝ bestoeggs@cicfeeds.lk විද්‍යුත් ලිපිනයට දැනුම් දිය හැකිය.
1 Comment
Noodlemagazine This is really interesting, You’re a very skilled blogger. I’ve joined your feed and look forward to seeking more of your magnificent post. Also, I’ve shared your site in my social networks!