July 27, 2024
SLIM SMEDA රන් සම්මානයෙන් සීෆෝ ඉන්ඩස්ට්‍රීස් පිදුම් ලබයි
පුවත්

SLIM SMEDA රන් සම්මානයෙන් සීෆෝ ඉන්ඩස්ට්‍රීස් පිදුම් ලබයි

Sep 9, 2023

අනර්ඝ ප්‍රමිතියෙන් සපිරි මදුරු දැල් නිෂ්පාදනය තුළින් දිවයින පුරා ඉහළ කීර්ති නාමයක් දිනා ඇති සී/ස සීෆෝ ඉන්ඩස්ට්‍රීස් පෞද්ගලික සමාගම (www.cfour.lk) ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සංවිධානය කළ SME Development Awards 2022 (SMEDA) සම්මාන උළෙලේදී රෙදිපිළි, ඇඟැළුම් හා මෝස්තර කාණ්ඩයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල කොළඹ ග්‍රෑන්ඩ් මොනාෂ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. එහිදී සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ චින්තක සිල්වා මහතා වෙත රන් සම්මානය පිරිනමන ලදී.

මදුරු දැල් නිෂ්පාදනයේ වසර පහළොවක අත්දැකීම් ඇති සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම (0352050255) මුළු දිවයිනම ආවරණය කරන අලෙවි ජාලයක් සාර්ථක ලෙස පවත්වා ගෙන යන මෙරට එකම මදුරු දැල් නිෂ්පාදන සමාගමයි. මදුරු දැල් නිපදවීමට උසස්ම තත්ත්වයේ ආනයනිත අමුද්‍රව්‍ය යොදා ගන්නා සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම රවුම් සහ හතරැස් රාමු සහිතව කුඩා, ද්විත්ව හා පවුලටම සෑහෙන ආදී විවිධ ප්‍රමාණවලින් සිය නිෂ්පාදන ඉදිරිපත් කරයි. බෞද්ධ භික්ෂූන්ට පූජා කරනු පිණිස ‘පූජා’ නමින් විශේෂ මදුරු දැලක් සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම නිපදවයි. අලංකාරවත් ලෙස කහ වර්ණයෙන් නිෂ්පාදිත ‘පූජා’ මදුරු දැල් දිවයින පුරා අටපිරිකර පූජා භාණ්ඩ අලෙවිසල්වලින් ලබා ගත හැකිය. “ඉතා කුඩා ව්‍යාපාරයක් වශයෙන් ඇරැඹූ සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම වර්තමානයේදී විශාල සාර්ථකත්වයක් ලබා තිබෙනවා. පසුගිය කාලයේදී සම්මාන රැසකින් පිදුම් ලැබීමට අප සමාගමට හැකි වුණා. මෙවර ජාතික මට්ටමේ SLIM සම්මානයකින් පිදුම් ලැබීම අප ලැබූ සුවිශේෂ ජයග්‍රහණයක්. මේ සියලු ජයග්‍රහණ වෙනුවෙන් වෙහෙස නොබලා කැප වීමෙන් වැඩ කළ සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සියලු සේවකයන්ට මාගේ කෘතඥතාව පිරි නමනවා.” සීෆෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ චින්තක සිල්වා මහතා පැවසීය.  මාවනැල්ල, හිඟුල, බටවල පාරේ සීෆෝ කර්මාන්ත ශාලාව පිහිටා ඇති අතර ප්‍රධාන නගර රැසකද සීෆෝ අලෙවි නියෝජිතයෝ සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *