July 11, 2026
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
පුවත්

Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

Jul 11, 2026

ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකය ශක්තිමත් කිරීමේ සුවිශේෂ පියවරක් තබමින් Ceylon Green Life Plantation (CGLP) සමාගම Ceylon ECO Resort ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කළේය. ඇඹිලිපිටිය පනාමුර ප්‍රදේශයේ අක්කර 90ක භූමි ප්‍රදේශයක ඉදි කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය, සංචාරක කර්මාන්තය, අධ්‍යාපනය හා ජෛව විවිධත්ව සංරක්ෂණය එකම වේදිකාවකට ගෙන එන නවතම සංවර්ධන ආදර්ශයකි. දැනට අක්කර 400කට අධික වගා භූමි ප්‍රමාණයක් පවත්වා ගෙන යන Ceylon Green Life Plantation සමාගම හරිතාගාර වගාව ශ්‍රී ලංකාව තුළ ජනප්‍රිය කරමින් නවීන කෘෂිකාර්මික තාක්ෂණය ගොවීන් වෙත හඳුන්වා දීමට කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කර තිබේ. හරිතාගාර ඉදි කිරීම, තාක්ෂණික උපදේශන සේවා සැපැයීම හා ඉහළ අස්වැන්නක් දෙන වගා ක්‍රම ප්‍රවර්ධනය කිරීම තුළින් දේශීය කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් ඇති කිරීමට සමාගම සමත් වී ඇත.

මෙම නව ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකාවේ කෘෂි විද්‍යා පීඨයක්, ජාත්‍යන්තර මට්ටමේ සංචාරක නිකේතනයක්, හරිතාගාර වගා කළාප, කුරුඳු, පොල් හා අන්නාසි වගා ව්‍යාපෘති ඇතුළු තවත් කෘෂිකාර්මික සංවර්ධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැළැසුම් කර ඇත. එමඟින් රැකියා අවස්ථා ඇති කිරීම, ආයෝජන ගෙන ඒම හා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සමාගමේ අපේක්ෂාවයි. සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා සභාපති ආචාර්ය මාලන් ෆ්‍රැන්සිස් පීටර්ස් මහතා සඳහන් කළේ තිරසාර කෘෂිකර්මාන්තය හා නවෝත්පාදනය ඔස්සේ ජාතික ආර්ථිකයට දායක වන විශ්වාසදායක ව්‍යාපාරයක් ලෙස CGLP ඉදිරියටත් කටයුතු කරන බවයි. මෙම ව්‍යාපෘතියේ මුල් ගල් තැබීම හා රෝපණ වැඩසටහන සමූහ ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂිකා ඉරේෂා නිමන්තිකා වික්‍රමසිංහ මහත්මියගේ සහ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු අතර ශ්‍රී ලංකාවේ හරිත ආර්ථිකය හා තිරසාර සංවර්ධනය සඳහා නව පරිච්ඡේදයක් සනිටුහන් කළ අවස්ථාවක් ලෙස එය සැළැකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close