July 27, 2024
දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සම්මන්ත‍්‍රණය මඟින් ආර්ථික අර්බුදය හමුවේ දිළිඳුකම පිටුදැකීමේ උපාය මාර්ග පිළිබඳ සොයා බලයි
පුවත්

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය සම්මන්ත‍්‍රණය මඟින් ආර්ථික අර්බුදය හමුවේ දිළිඳුකම පිටුදැකීමේ උපාය මාර්ග පිළිබඳ සොයා බලයි

Nov 27, 2023

දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (Centre of Poverty Analysis) විසින් සංවිධානය කරනු ලබන ‘ආර්ථික අර්බුදය සහිත කාල සමයක දිළිඳුකම පිටුදැකීම’ යන්න තේමා කර ගත් සුවිශේෂී සම්මන්ත‍්‍රණයක් එළඹෙන  නෙැවැම්බර් 29 සහ 30 දිනයන්හිදී කොළඹ BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. එම සම්මන්ත‍්‍රණය සඳහා ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතා ගැටළුව පිළිබඳ සොයා බැලීම වෙනුවෙන් විශේෂඥයින්, වෘත්තිකයින් හා පාර්ශවකරුවන් රැසක් එක්වීමට නියමිතය.

1990 වසරේදී 26.1% සිට 2016 වසර වන විට 4%ක් දක්වා දරිද්‍රතාව අවම කරමින් 1990 දශකයේ සිට දරිද්‍රතාව අවම කිරීමේ කැපී පෙනෙන වර්ධනයක් අත්කර කර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව තිබූවද COVID-19 වසංගතයේ බලපෑම හා පසුව ඇති වූ ආර්ථික අර්බුදය හමුවේ දැඩි ලෙස ආර්ථිකය හැකිලීමට ලක්වීම හේතුවෙන් දරිද්‍රතාව 26%ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ යන ලදී.

සංකීර්ණ හා විවිධ කරුණු රැසක් මූලික කරගත් දිනෙන් දින ඉහළ යන ගැටළුවක් වන මෙය විසඳීම සඳහා  දරිද්‍රතාව අවම කිරීමට යොදා ගත් ප‍්‍රතිපත්ති හා ක‍්‍රියාවලීන් අවබෝධ කර ගැනීමේ වැදගත්කම සහ එම තත්වය ආපසු හැරවීමට හේතු වූ සාධක හඳුනාගැනීමේ වැදගත්කම දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් හඳුනාගෙන ඇත. එය හෙට දවසේ දිළිඳුකම පිටුදැකීම සඳහා ඵලදායී උපාය මාර්ගයක් සකස් කිරීමේ තීරණාත්මක පළමු පියවර වනු ඇත.

මෙම සාකච්ඡුාවේ ප‍්‍රවේශයන් ලෙස අතීතය දෙස ආපසු හැරී බැලීම හා ඉදිරි බලාපොරොත්තුු යන කරුණු යොදා ගනිමින්  වත්මන් අර්බුදකාරී තත්වය සහ ඉන් ඔබ්බට දරිද්‍රතාව මැන බැලීම සහ ඒ පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා වන අපගේ අවබෝධය හා අවධානය තුළින්  කාලයත් සමග දිළිඳුකම සම්බන්ධ ගැටළු සමාලෝචනයට ලක් කිරීමටත් නියමිතය. අනාගත දරිද්‍රතාව අවම කිරීමේ ප‍්‍රයත්නයන් වෙනුවෙන් අතීතයේදී සිදු කරනු ලැබූ සාර්ථක ප‍්‍රයත්නයන්හි කාර්යභාරය තක්සේරු කිරීම එක් ප‍්‍රමුඛ ප‍්‍රතිඵලයක් වනු ඇති අතර මෙම සම්මන්ත‍්‍රණයේ 29 වැනි දින සමාරම්භය සනිටුහන් කරමින් හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ කලාපීය ප‍්‍රධාන ආර්ථික විද්‍යාඥ ආචාර්ය රණ හසන් මහතා විසින් ප‍්‍රධාන දේශන පැවැත්වීමට නියමිතය.

අර්බුදකාරී කාලයන්හිදී දරිද්‍රතාව පිළිබඳ අවධානය යොමු කිරීම සුවිශේෂී අභියෝගයක් වන අතර මෙම සම්මන්ත‍්‍රණය තුළින් සාර්ව ආර්ථික අභියෝග, දරිද්‍රතාව හා අසමානතාව පිළිබඳ ඒවායේ ප‍්‍රතිවිපාක පිළිබඳ අඛණ්ඩ යාවත්කාලීන කිරීම් වෙනුවෙන් අවස්ථාවක් නිර්මාණය කරනු ඇත. තවද තිරසාර ආර්ථික වර්ධනයක් වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථායිකරණ වැඩසටහන් හා ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරණයන්හි අඩුව පුරවන ආකාරයද ඒ තුළින් ඉස්මතු කරනු ඇත. ස්ථාවරබව පත් කිරීමේදී දරිද්‍රතාව පිටු දැකීම තුළින් පමණක් එය සිදු කළ නොහැකි අතර ඒ සඳහා වන තත්වයන් නිර්මාණය කිරීමේදී ආර්ථික වර්ධනය ඉටු කරන කාර්යභාරය ඉතා විශේෂය. එසේම ස්ථායීකරණ ප‍්‍රතිපත්තිවලින් ඔබ්බට ගිය ආර්ථික ප‍්‍රතිසංස්කරණයන් දුප්පත් ජනතාවට අසමාන ආකාරයෙන් බලපෑම් එල්ල කළ හැකි බව හඳුනාගෙන ඇත. එහෙයින් මෙම බලපෑම් අවම කිරීම සඳහා පරිපූරක ප‍්‍රතිපත්ති අත්‍යාවශ්‍ය වනු ඇත.

මෙම සාකච්ඡුා මඟින් වර්තමාන සහ ගෝලීය සිදුවීම්වලින් දරිද්‍රතාවයේ ක්ෂුද්‍ර/සජීවී අත්දැකීම්, අතීත සිදුවීම් සමඟ වන සාර්ව ආර්ථික ගැටළු හඳුනා ගනු ඇති අතර ඒ පිළිබඳව අවධානය යොමු කරන සැසි මාලාවක් තුළින් සම්මන්ත‍්‍රණයේදී පහත සඳහන් ප‍්‍රධාන ගැටළු පිළිබඳ සාකච්ඡුා කිරීමට අරමුණු කොට ගෙන ඇත.

1. ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතාව අවම කිරීම සදහා භාවිත කළ අතීත ප‍්‍රතිපත්ති

2. අතීත අත්දැකීම් අවබෝධය හා ඊට අනුව කටයුතු කිරීම

3. අර්බුද සඳහා දරිද්‍රතා මිනුම් සකස් කිරීම

4. ආදායම් දරිද්‍රතාවයෙන් ඔබ්බට යන සාධක පිළිබඳ සාකච්ඡුා කිරීම

5. පශ්චාත් – අර්බුදය හමුවේ දරිද්‍රතා අවම කිරීම සඳහා වන ආර්ථික වර්ධනය

6. දුප්පත්කමට අසාර්ථක පාලනයේ බලපෑම

7. වෙනත් රටවල අත්දැකීම් තුළින් ඉගෙනීම

ඉතා සුවිශේෂී දින 2ක කාලයක් තුළ ආර්ථික අර්බුදය මධ්‍යයේ ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීම සම්බන්ධ ප‍්‍රධාන තේමාවන් පිලිබඳ සාකච්ඡුා කිරීම වෙනුවෙන් කීර්තිමත් කථිකයින් හා ප‍්‍රවීණයින් BMICH වෙත එක් වනු ඇති අතර සමාරම්භක දිනයේදී ශ‍්‍රී ලංකාව සඳහා වන සාර්ව ආර්ථික සම්බන්ධ කර ගැනීම් හා ඉදිරි කටයුතු පිළිබඳ සොයා බලන විවිධ අදහස්වලින් උණුසුම් වනු ඇත. ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ ආචාර්ය රණ හසන් වැනි කීර්තිමත් පුද්ගලයින් විසින් මෙහෙවනු ලබන එම සාකච්ඡුාව තුළදී ශ‍්‍රී ලංකාවේ තරුණ ඉදිරි දර්ශන එළිදක්වන වාර්තා විශේෂාංගයක් සමඟින් ආර්ථික සුභ සිද්ධියට හේතුවන ප‍්‍රධාන කරුණු ඉදිරිපත් කරනු ඇත. තවද දරිද්‍රතාව, ප‍්‍රවණතා විශ්ලේෂණය හා පුළුල් සමාජ ආරක්ෂණ උපාය මාර්ග යෝජනා කිරීම සම්බන්ධයෙන් අතීතාවලෝකන අංශයන් සඳහා මෙහිදී කමිටු වෙන් කිරීමද සිදු වේ. ඊට සමගාමීව අර්බුදයන්හිදී  මතවාදාත්මක ප‍්‍රවේශයන්, කෘෂිකාර්මික පරිවර්තනයන් හා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක පැවැත්ම සම්බන්ධ උපාය මාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡුා කිරීමට නියමිතය. ඉන් අනතුරුව විවිධ අංශයන්හි විශේෂඥ අදහස් සහිතව දරිද්‍රතාව දෙස ගෝලීය දෘෂ්ඨිකෝණයකින් අවධානය යොමු කරන අංශයක් සමඟින් සංවර්ධන අධ්‍යයන ආයතන ප‍්‍රවීණයන්ගේ අදහස් එක් කරගනිමින් විවිධ තත්වයන් තුළ සමාජ ආරක්ෂණ යාන්ත‍්‍රණයන්හි වැදගත්කම පිළිබඳව ගැඹුරු සාකච්ඡුාවක්ද මෙහිදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙය තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සම්මන්ත‍්‍රණයේ දෙවැනි දිනයේදී පැවැත්වීමට නියමිත දරිද්‍රතාව හා ඊට යොමු වීමේ අවදානම් සහගත බව ඉලක්ක කර ගත් රජයේ වැඩසටහන් පිළිබඳ දේශනය ඉදිරියට ගෙන යනු ඇත. රජයේ උපාය මාර්ග පිළිබඳව වන විද්වත් කතා බහ ආර්.එච්.ඩබ්. අනුරාධ කුමාරසිරි මහතා විසින් මෙහෙයවනු ලබන අතර ආචාර්ය හේරත් ගුණතිලක, මහාචාර්ය හේමසිරි කොටගම සහ ආචාර්ය රංජිත් පුණ්‍යවර්ධන යන ප‍්‍රවීණයින්ගේ වටිනා අදහස් අනුව යමින් ආර්ථික අර්බුද, දරිද්‍රතාව හා ඊට යොමු වීමේ අවදානම යන අන්‍යෝන්‍ය සාධක විග‍්‍රහ කිරීමට නියමිතය. ඉන් පසුව දිළිඳුකම අවම කිරීමේ අසමානතාව හා විෂමතාව තීරණාත්මක භූමිකාව පිළිබඳ සංවාදය ආරම්භ වේ. ඉදිරි දැක්මක් සහිත සම්මන්ත‍්‍රණයක් ලෙස උත්සවය අවසානයේදී හවුල්කරුවන්ගේ අදහස් තුළින් අනාගතය සඳහා වන යෝජනාවන් ඉදිරිපත් කිරීමට නියමිතය. දින දෙකක් පුරා ක‍්‍රියාත්මක සම්මන්ත‍්‍රණය ශ‍්‍රී ලංකාවේ දරිද්‍රතාව පිටුදැකීමේ ශක්තිමත් ක‍්‍රමෝපායන් කෙරෙහි සාමූහික දැක්මක් සහිතව වැදගත් සාකච්ඡුාවන් සඳහා දිරි ගැන්වීමක් වනු නිසැකය.

වත්මන් ආර්ථික අභියෝග මධ්‍යයේ සහ ඉන් ඔබ්බට දරිද්‍රතාවයට මුහුණ දීම වෙනුවෙන් මග පෙන්වන වටිනා අදහස් හා අවබෝධයක් ලබා ගැනීම සඳහා නොවැම්බර් 29, 30 යන  දිනයන්හිදී  BMICH හිදී ‘ආර්ථික අර්බුද සහිත කාල සමයක දිළිඳුකම පිටු දැකීම’ යන්න තේමා කරගත් සම්මන්ත‍්‍රණය පවත්වනු ලබයි. ඒ තුළින්  ඉදිරිපත් වන අදහස් හා නිර්දේශයන් හෙට දවසේ මෙරට දරිද්‍රතාව පිටුදැකීමේ ඵලදායී උපාය මාර්ග සකස් කිරීමට බෙහෙවින් උපකාරී වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *