July 27, 2024
Tabula Rasa Resort & Spa සිය අට වැනි සංවත්සරය සමරමින් Emerald Suite හි ඉදි කිරීම් අරඹයි
පුවත්

Tabula Rasa Resort & Spa සිය අට වැනි සංවත්සරය සමරමින් Emerald Suite හි ඉදි කිරීම් අරඹයි

Dec 25, 2023

නව සාමාන්‍යධිකාරිවරයා ලෙස චමින්ද අමරසිංහ මහතා පත් වේ.

දකුණු පළාතේ හබරාදූව ප්‍රදේශයේ පිහිටා ඇති දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ඉහළින්ම දිනා ඇති Tabula Rasa Resort & Spa සිය අභිමානවත් අට වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සමරමින් සිය නවතම අධි සුඛෝපභෝගී ඒකකය වන Emerald Suite හි ඉදි කිරීම් ආරම්භ කළේය. සියලුම පහසුකම්වලින් සපිරි කාමර දෙකකින් ආලින්දයකින්, බැල්කනියකින්, නාන කාමර දෙකකින් සහ පෙෳද්ගලික පිහිනුම් තටාකයකින් සමන්විත අලංකාර හරිත වර්ණ බිම් තීරුවකට මුහුණලා හබරාදූව මුහුදු තීරය ඈතින් දිස්වන ලෙස ඉදි කරන මෙම ඒකකය සදහා ඇමෙරිකානු ඩොලර් 50000ක ආයෝජනයක් Tabula Rasa Resort & Spa විසින් සිදු කරනු ලබයි.

නෙදර්ලන්ත ජාතික යුවලක් විසින් මීට වසර අටකට ඉහතදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස දකුණු පළාතේ ඉදි වුණු Tabula Rasa Resort & Spa මනස්කාන්ත කදු ගැටයක් මත හරිත වර්ණ පරිසරයක සංචාරක සිත් සතන් ආකර්ෂණය කර ගන්නා ස්ථානයක පිහිටා ඇත.

පෙෳද්ගලික පිහිනුම් තටාක සහිත ඒකක කිහිපයකින් සමන්විත Tabula Rasa Resort & Spa සතුව දේශීය මෙන්ම පෙරදිග හා අපරදිග රස ආහාරවලින් සපිරි ආපන ශාලාවක්, හබරාදූව වෙරළ තීරය හොදින් දර්ශනය වන ලෙස සිත් ගන්නා පිහිටීමක නිර්මාණය කර ඇති පිහිනුම් තටාකයක්, ගිණිමැල දැල්විය හැකි පහසුකම් සහිත රූෆ් ටොප් බාර් එකක් මෙන්ම අලංකාර උද්‍යානයක්ද ඇත.

Tabula Rasa Resort & Spa හි නව සාමාන්‍යධිකාරිවරයා ලෙස චමින්ද අමරසිංහ මහතා පසුගියදා රාජකාරි ඇරඹූ අතර ඔහුගේ පරිපාලනය යටතේ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය වැඩි වැඩියෙන් Tabula Rasa Resort & Spa වෙත ළගා කර ගැනීමට අපේක්ෂා කරයි. සිය ආගන්තුකයන්ගේ සුව පහසුව, නිදහස සහ පෙෳද්ගලිකත්වය පිළිබඳව උපරිම අවධානය යොමු කරන Tabula Rasa Resort & Spa දේශීය සංචාරකයන් වෙනුවෙන් විශේෂ ක්‍රෙඩිට් කාඩ් වට්ටම් රැසක් හඳුන්වා දීමට සූදානමින් සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *