CBL සමපෝෂ, අඛණ්ඩව 14 වැනි වරටත් වයස අවු 14න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු ශූරතාවලිය බලගන්වයි
CBL සමපෝෂ, අඛණ්ඩව 14වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු ශුරතාවලිය සඳහා සිය අනුග්‍රාහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ.
ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමය (SSFA) විසින් සංවිධානය කරනු ලබන ‘CBL සමපෝෂ වයස අවුරුදු 14 න් පහළ අන්තර් පාසල් ජාතික පාපන්දු තරඟාවලිය’ 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසයන්හිදී පැවැත්වීමට නියමිතය. තරාඟාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සිය මඟපෙන්වීම සහ මෙහෙයවීම සිදු කරනු ලබයි .
මෙම තරාඟාවලිය සඳහා පාසල් පාපන්දු තරඟකරුවන් 12,000 කට අධික ප්‍රමාණයක් සහභාගී වන අතර, වසර ගණනාවක් පුරාවට මෙම පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා දිවයිනේ පාසල් තුළ දක්නට ලැබෙන උද්වේගකර ප්‍රතිචාරය සුවිශේෂී වේ. දිවයිනේ දිස්ත්‍රික්ක විසිපහ පුරා ක්‍රියාත්මක වන පරිදි ක්‍රීඩාංගණ 32 කදී, බාලක කණ්ඩායම් 510ක් සහ බාලිකා කණ්ඩායම් 110ක් මේ සඳහා සහභාගී වනු ඇත. තරඟාවලියේදී දිස්ත්‍රික්ක මට්ටමින් ජයග්‍රාහක බාලක කණ්ඩායම් 33ක් සහ බාලිකා කණ්ඩායම් 25ක් ගාල්ල කේන්ද්‍ර කර ගනිමින්, දඩැල්ල පාපන්දු සංකීර්ණ ක්‍රීඩා පිටිය, බී.ටී.එස්. විද්‍යාලයීය ක්‍රීඩා පිටිය සහ ගාලු පාපන්දු සම්මේලන ක්‍රීඩා පිටිය යන ක්‍රීඩාංගන තුනකදී පැවැත්වෙන දෙවන වටයේ තරඟ සඳහා සුදුසුකම් ලැබීමට නියමිතය.
තරාඟාවලියේ පළමු වටයේ තරඟ නොවැම්බර් මස සිට ආරම්භ වන අතර දෙවන වටයේ තරඟ දෙසැම්බර් 05 සිට 07වනදා දක්වා ගාල්ලේදී ආරම්භ වීමට නියමිතය. අවසන් මහා තරඟය කොළඹ තුරඟ තරඟ පිටියේදී දෙසැම්බර් 13වනදා පැවැත්වේ. බාලක, බාලිකා දෙඅංශයේම හොඳම ක්‍රීඩකයා, හොඳම ක්‍රීඩිකාව සහ හොඳම ගෝල් රකින්නා සඳහා ද විශේෂ ඇගයීම් හා සම්මාන තරඟාවලිය අවසානයේ දී පිරිනමනු ලබයි.
CBL ආහාර අංශයේ අධ්‍යක්ෂක හා ප්‍රධාන විධායක නිලධාරී මංජුල දහනායක මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ අවධාරණය කළේය. “ශ්‍රී ලාංකීය පාසල් දූ දරුවන් පාපන්දු ක්‍රීඩාව කෙරෙහි දක්වන උනන්දුව වර්ධනය කිරීම හා ඒ තුළින් සාමූහිකත්වය විනය, සහ අනාගත ක්‍රීඩා අභිලාෂයන් ඔප නැංවීමේ අරමුණින් CBL සමපෝෂ මෙම පාපන්දු තරාඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දෙනවා. දේශීය සමාගමක් වශයෙන් හැමදාමත් දැයේ දූ දරුවන්ගේ ඉදිරි ගමන් මග උදෙසා අතහිත දීම අපගේ අරමුණ වන අතර මෙම අනුග්‍රහය දැක්වීම තුළින් ද අප බලාපොරොත්තු වන්නේ එයයි.”
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරී ඉරාජ් විමලසූරිය මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ලොව ජනප්‍රියතම ක්‍රීඩාව ලෙස සලකනු ලබන පාපන්දු ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට සහ සෑම පුරවැසියෙකු වෙනුවෙන් තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා අපි කැපවී කටයුතු කරනවා. CBL සමපෝෂ 14 වන වරටත් බලගන්වන වයස අවුරුදු 14න් පහළ ජාතික පාසල් පාපන්දු ශූරතාවලියට මෙවරත් සහය දැක්වීමට ලැබීම පිළිබඳව මම සතුටු වෙනවා. මෙය තවත් එක් පාපන්දු තරඟාවලියකට සිමා නොවී, අපේ රටේ අනාගත දරු පරපුරේ ක්‍රීඩා නිපුණත්වයන් වර්ධනය කිරීමට කටයුතු කරන තරඟාවලියක්. CBL සමපෝෂ සමඟ අත්වැල් බැඳගනිමින්, අපගේ පාසල් ක්‍රීඩකයන්ගේ හැකියාවන් සහ දක්ෂතාවයන් අගයමින්, තරඟකාරී පාපන්දු ක්‍රීඩා තරඟාවලියක් පැවැත්වීම අපගේ අරමුණයි.”
මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ සභාපති යූ. එස්. ඒ බණ්ඩාර ලීලාරත්න මහතා මෙසේ පැවසීය. “මෙම තරඟාවලියේ විශේෂත්වය වන්නේ රටේ දුර බැහැර නගරවල හා ප්‍රදේශවල සිසු දරුවන්ට මේ සඳහා සහභාගීවීමට සහ තරඟ කිරීමට අවස්ථාව ලැබීමයි. වයස අවුරුදු 14 න් පහළ කාණ්ඩය මේවන විට සැලකියයුතු මට්ටමේ දක්ෂතාවයන්ගෙන් හොඳින් සූදානම් වී සිටින අතර ඔවුන් මෙම වසරේ තරඟ කිරීම සඳහා විශාල බලාපොරොත්තුවකින් පසු වෙනවා. ඔවුන්ගේ මෙම උත්සහයන් සාර්ථක කිරීමට සහය දැක්වීම පිළිබඳව CBL සමපෝෂ වෙත මගේ ස්තූතිය පුද කරනවා.”
අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්ෂක, ලුතිනන් කර්නල් ජී.ජී. අනුර අබේවික්‍රම මහතා පාපන්දු ක්‍රීඩාවේ වේගවත් වර්ධනය හා ජනප්‍රියත්වය පිළිබඳව අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කළේය. “මෙම තරඟාවලිය, ඇතැම්විට පාපන්දු ක්‍රීඩකයෙකු පළමු වරට තරඟ කරනු ලබන තරඟාවලියක් වීමට පුලුවන්. එම නිසා මෙම තරඟාවලිය ඔවුන්ගේ අනාගත ක්‍රීඩා දිවියට විශාල ලෙස බලපානු ලබනවා. මෙවැනි තරඟ ක්‍රීඩා ක්ෂේත්‍රයට තවදුරටත් අත්‍යාවශ වෙනවා. පසුගිය වසර 14 පුරාවට සමපෝෂ විසින් එය අඛණ්ඩව පවත්වාගෙන යාමට ලබදුන් සහයෝගය ඉතා අගය කළ යුතුයි”
සමපෝෂ යනු CBL සමූහයේ පූර්ණ අනුබද්ධිත සමාගමක් වන CBL Plenty Foods (Pvt.) Ltd හි ප්‍රමුඛතම සන්නාමයයි. එය රටේ අංක එකේ පෝෂණීය උදෑසන ධාන්‍යමය ආහාර වෙළඳ සන්නාමය වන අතර, මෙරටේ ගොවි ප්‍රජාවන් සමග ඇති ශක්තිමත් වටිනා සැපයුම් දාමයන් හරහා දිවයින පුරා සිටින දරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ද ඉහළම ගුණාත්මක පෝෂණය ලබා දෙමින් ඔවුන් බලගැන්වීමට නිරන්තරයෙන් කැපවී සිටින සමාගමකි.

