July 27, 2024
කාගිල්ස් බැංකුව CSE හි ගනුදෙනු ආරම්භ කරයි
පුවත්

කාගිල්ස් බැංකුව CSE හි ගනුදෙනු ආරම්භ කරයි

Jan 17, 2024

සීමාසහිත Cargills Bank හි කොටස් (CODE: CBNK-N-0000) 2024 ජනවාරි 09 වැනි දින කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE)හි ගනුදෙනු ආරම්භ විය.CSE හි ප්‍රධාන පුවරුවේ ‘නන්විධ බැංකු’ අංශය යටතේ ලැයිස්තුගත කර ඇත. මෙම අවස්ථාව විශේෂ සීනුව නාද කිරීමේ උත්සවයකින් සනිටුහන් විය.

බැංකුවේ ව්‍යාප්ති සැලසුම් සඳහා රුපියල් මිලියන 500ක් රැස්කර ගැනීමේ අරමුණින් සමාගමේ සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් මිලියන 62.5ක් සඳහා වන මූලික මහජන නිකුතුව (IPO) කොටසකට රුපියල් 8.00ක නිකුතු මිලකට පිරිනමා ඇත.

මෙම අවස්ථාවට සීමාසහිත Cargills Bank Ltd. (CBL), සභාපති රිචඩ් ඊබෙල් මහතා හිටපු සභාපති, Cargills බැංකුව සහ උප සභාපති, Cargills (Ceylon) PLC, රංජිත් පේජ් මහතා; කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, සෙනරත් බණ්ඩාර මහතා; ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ප්‍රභූ මාතවන් මහතා; ප්‍රධාන උපාය මාර්ග නිලධාරී තලාල් මරුසූක් මහතා; CSE හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ අර්ජුන හේරත් මහතා; සීමාසහිත කාගිල්ස් බැංකුව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, නිකුතුවේ හවුල් කළමනාකරුවන් CTCLSA සහ NDB ආයෝජන බැංකුව, CBL ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සහ කණ්ඩායම සහභාගි විය.

මෙම අවස්ථාවට කොළඹ කොටස් හුවමාරුව නියෝජනය කරමින් එහි සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා, ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සහ CSE ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී විය.

ආරම්භක අදහස් ඉදිරිපත් කරමින් CSE සභාපති ඩිල්ෂාන් විරසේකර මහතා, සීමාසහිත කාගිල්ස් බැංකුව මහජනතාව වෙත ගෙනයාමේ මුලපිරීම පිළිබඳව සුබපැතුම් එක් කළේය. “බැංකු ක්‍ෂේත්‍රයේ සුදුසුකම් ලත් පළපුරුදු වෘත්තිකයන් කණ්ඩායමක් විසින් මෙහෙයවනු ලබන සහ කළමනාකරණය කරන ප්‍රමුඛ බැංකුවක් ලෙස, ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන බැංකුවක් වන සීමාසහිත Cargills Bank, අපි සතුටින් පිළිගනිමු. 2024 වසර සඳහා සීමාසහිත Cargills Bank හි ලැයිස්තුගත කිරීම සාර්ථක මූලික කොටස් නිකුතුවක් අනුගමනය කර ඇති අතර එය ආරම්භක දිනයේදීම අධි දායකත්වයක්  සටහන් වී ඇත.”

විරසේකර මහතා වැඩිදුරටත් පැවසුවේ, “කොටස් වෙළඳපොලේ ප්‍රාග්ධනය රැස්කර ගැනීමට ඇති වටිනා අවස්ථාවන් පිළිබඳව ශ්‍රී ලංකාවේ සියලුම පරිමාණයේ කර්මාන්ත හා ආයතන දැනුවත් කිරීම සහතික කිරීමට CSE කැපවී සිටී. අපි ලැයිස්තුගත ණයකරවල සිට පර්පෙචුවල් බැඳුම්කර, කොළ සහ නිල් බැඳුම්කර මෙන්ම යටිතල පහසුකම් බැඳුම්කර දක්වා ණයකර ගණනාවක් පසුගිය වසර ගණනාවක්  පුරාවට හඳුන්වා දී ඇත. මෙම උපකරණ ඔබේම හෝ ඔබේ ගනුදෙනුකරුවන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිත කරන ලෙසත්, ප්‍රාග්ධනය ඉහළ නැංවීම සඳහා විකල්පයක් ලෙස ප්‍රාග්ධන වෙළෙඳපොළ ගවේෂණය කිරීමටත්, එමගින් ආර්ථිකයට දායක වීමටත් මම බැංකුව දිරිමත් කරමි.”

CTCLSA සහ NDB ආයෝජන බැංකුවේ ඒකාබද්ධ නිකුතු කළමණාකරුවන්, CSE සහ ඔවුන්ගේ සියලු සහායන් හා IPO හි සාර්ථකත්වය සඳහා ගෙන ඇති පියවරවල දැඩි ලෙස නියැලී සිටි බැංකුවේ ප්‍රධාන කණ්ඩායමට ස්තුතිය පුද කරමින්, රිචඩ් ඊබෙල් මහතා, CBL හි සභාපතිවරයා පැවසුවේ, “කාගිල්ස් බැංකුව දැන් ලැයිස්තුගත සමාගමක් වන අතර, මෙම සන්ධිස්ථානයට පැමිණීම ගැන අපි ආඩම්බර වෙමු. නිකුතුව තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකට අධි දායකත්වයක් ලබා ඇති අතර, අපි දැන් නව කොටස් හිමියන් 2000 ක් පමණ බැංකුවට සාදරයෙන් පිළිගනිමු.”

ඔහු වැඩිදුරටත් පැවසුවේ, “අපගේ නව කොටස් හිමියන්ට අපගේ බැංකුව සමඟ ඇති අත්දැකීම් ප්‍රශංසනීය වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. පරීක්‍ෂණ කාලවලදී ඉවසීමෙන් අප සමඟ රැඳී සිටින කොටස් හිමියන් අනාගතයට සැපයිය හැකි වටිනාකම දකිමින් තම ආයෝජනවල ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා බැංකුව සමඟ රැඳී සිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපගේ ව්‍යාපාරය වර්ධනය කිරීමට සහ අපගේ කොටස් හිමියන්ට අප ලබා දෙන වටිනාකම වැඩි කිරීමට අපගේ කැපවීම කෙරෙහි අපි දිගටම අවධානය යොමු කරමු.”

ශ්‍රී ලංකාවේ 25 වැනි බලපත්‍රලාභී වාණිජ බැංකුව ලෙස 2014 ජූනි මාසයේදී ආරම්භ කරන ලද කාගිල්ස් බැංකුව ග්‍රාමීය ප්‍රජාවන් සවිබල ගැන්වීම ජාතියේ සමස්ත ශක්තියට දායක වේ යන මූලික විශ්වාසය සමඟින් ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික්ක 14ක් පුරා විහිදුනු ශාඛා 24කින් සමන්විත විස්තීර්ණ ජාලයක් සමඟින්, බැංකුව විසින් සියලුම පාරිභෝගික අංශ වෙත පූර්ණ බැංකු සේවා රැසක් සපයනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *