July 27, 2024
Asriel Holdings සමඟ අත්වැල් බැඳගනිමින් Brooks Running සපත්තු ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙතට
පුවත්

Asriel Holdings සමඟ අත්වැල් බැඳගනිමින් Brooks Running සපත්තු ශ‍්‍රී ලාංකීය පාරිභෝගිකයින් වෙතට

Jan 11, 2024

ජාත්‍යන්තර වශයෙන් කීර්තියක් දිනා ඇති ක‍්‍රීඩා පාවහන් සන්නාමයක් වන Brooks Running, සිය දේශීය හවුල්කරු වන Asriel Holdings ^Pvt’& Ltd සමඟ එක්ව, පසුගිය සති අන්තයේ දී Brooks Running සන්නාම ගත සපත්තු මෙරට පාරිභෝගිකයින්ට හඳුන්වා දුන්නේය.

Warren Buffet හි Berkshire Hathaway Inc. හට අනුබද්ධිත ආයතනයක් වන Brooks Running යනු කාර්යසාධනය සහ නවෝත්පාදනය සමඟින් වර්ධනය වූ සන්නාමයකි. එය එක්සත් ජනපද වෙළෙඳපොලෙන් 25% ක් හිමිකරගෙන ඇති අතර වසරක් තුළ ඉන්දියාවේ විකුණුම්වල 100% වැඩිවීමක් පෙන්නුම් කර ඇති ශක්තිමත් සන්නාමයකි. එමෙන්ම Brooks Running ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතර වඩාත්ම ජනප‍්‍රිය සන්නාමයක් ද වෙයි.

”Brooks Running විසින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට හොඳම ධාවන අත්දැකීමක් ලබාදීම උදෙසා සහ අසමසම සුවපහසුවක්, ඉහළ කාර්ය සාධනයක් ලබා දෙන මලල ක‍්‍රීඩා සපත්තු නිර්මාණය කිරීම සඳහා ඉංජිනේරු තාක්ෂණය, ජෛව යාන්ත‍්‍රික විද්‍යාව සහ ත‍්‍රිමාණ (3D) මුද්‍රණ තාක්ෂණය ආදී අති නවීන විද්‍යාත්මක නවෝත්පාදන උපයෝගී කරගන්නවා”

”හොඳම මලල ක‍්‍රීඩා පාවහන් නිෂ්පාදනය කරමින් ශී‍්‍ර ලංකාවේ ක‍්‍රීඩාව සහ ශාරීරික යෝග්‍යතා ක්ෂේත‍්‍රය සවිබලගැන්වීමට අපි අඛණ්ඩව කැපවෙනවා.” යනුවෙන් Brooks Running හි ශී‍්‍ර ලාංකාව සඳහා කළමනාකාර කාර්තික් ෂා මහතා පැවසීය.

විශේෂයෙන් මෙරට වේග පන්දු යැවීමේ ශූරයෙකු වන, චාමික කරුණාරත්න එදා මෙදා තුර සිය කී‍්‍රඩා ජීවිතයට ශක්තියක් ලෙස Brooks Running සපත්තු තෝරාගෙන තිබේ.

”මම මුලින්ම ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්න පටන් ගත්තම මම මගේ සපත්තු ගැන වැඩි සැලකිල්ලක් දැක්වූයේ නැහැ, මොකද මට ඒ වන විටත් හුරුපුරුදු වෙළඳ නාමයක් තිබුණා. නමුත් ජාත්‍යන්තර මට්ටමේ සෙසු ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ උත්තේජනය මත Brooks Running සපත්තු භාවිතා කිරීමට මම තීරණය කළ අතර එදා සිට මේ දක්වා Brooks Running සපත්තු මිලදී ගැනීමට තීරණය කළා. මෙම සන්නාමය මගේ කී‍්‍රඩා දිවිය තුළ විශාල ධනාත්මක වෙනසක් සිදු කර තිබෙන අතර, ඒ නිසාම ඔවුන්ට සහ Asriel Holdings වෙත සහය දැක්වමින්  දිවයින පුරා සිටින තවත් ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමඟ මගේ අත්දැකීම් බෙදා ගැනීමට මම තීරණය කළා.” යනුවෙන් චාමික කරුණාරත්න මහතා පැවසීය.

සෞඛ්‍ය සහ යෝග්‍යතා පිළිබඳ දැනුවත්භාවය වැඩි වීම හේතුවෙන්, විශේෂයෙන් COVID සමයෙන් පසුව, වැඩි පිරිසක් ක‍්‍රීඩාවල නිරත වන බව Brooks Running හඳුනාගෙන ඇත. ශ‍්‍රී ලංකාව, නේපාලය, මාලදිවයින මෙන්ම ආසියාවේ සහ යුරෝපයේ අනෙකුත් ප‍්‍රධාන වෙළඳපලවල කී‍්‍රඩා සපත්තු ඉල්ලූමෙහි විශාල වර්ධනයක් ඇති කරමින් ඉන්දියාවේ විකුණුම් සෑම වසරකම පාහේ දෙගුණයකින් වැඩි වී ඇති බව පැහැදිලිය.

Brooks Running සපත්තු ශ‍්‍රී ලංකාවට හඳුන්වා දීමට Asriel Holdings මූලිකත්වය ගෙන කටයුතු කරන අතර Brooks Running 2024 මාර්තු වන විට ශ‍්‍රී ලංකාවේ දී සිය සම්පූර්ණ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

”ශ‍්‍රී ලංකාවේ Brooks Running හි හවුල්කරු සහ නියෝජිතයා ලෙස සේවය කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. Asriel Holdings හි සාර්ථකත්වය ගොඩනැගී ඇත්තේ අපගේ සන්නාම සහ සැපයුම්කරුවන් සම්බන්ධයෙන් ගුණාත්මක ප‍්‍රමිතියක් ගොඩනගාගෙන තිබෙන නිසා. Brooks වැනි ජාත්‍යන්තර සන්නාමයක් සමඟ ඇති හවුල්කාරිත්වය අපගේ කැපවීමට සාක්ෂියක්. අපගේ අරමුණ වන්නේ විශ්වාසනීසය සහ විශිෂ්ට සන්නාම සමඟ පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගනිමින් පාරිභෝගිකයින් තෘප්තිමත් කිරීමයි.”

Asriel Holdings යනු HORECA – හෝටල්, අවන්හල්, කැෆේ, ක්ෂණික ආහාර අවන්හල් (QSR), බේකරි සහ කිරි ආශ‍්‍රිත කර්මාන්ත සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ආහාර සැපයුම්කරුවෙකි. ඔවුන්ට අපනයන ව්‍යාපාරයක් ද ඇත. ඔවුන් නවීන පහසුකම්වලින් උසස් තත්ත්වයේ නිෂ්පාදනයන් නිෂ්පාදනය කරන ‘Chariot’ අවන්හල් ජාලය ද ආරම්භ කරන ලදි. Brooks Running සමඟ ඇති හවුල්කාරිත්වය හරහා, Asriel විසින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට උසස් තත්ත්වයේ සපත්තු මිලදී ගැනීමට අවස්ථාව උදාකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *