
Bristo Products ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන දිනයි
ආහාර පිසීමට භාවිත කරන බඳුන් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Bristo Products 2024 ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වෙනත් කර්මාන්ත අංශයේ (කුඩා පරිමාණ) විශිෂ්ටම ජාතික කර්මාන්ත සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. දශකයකට වැඩි අත්දැකීම් සහිත D & A Marketing සමාගම සිංගර් ශ්‍රී ලංකා, ආපිකෝ, දම්රෝ, කාගිල්ස්, කීල්ස්, කූල් ප්ලැනට් වැනි මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් රැසකට සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට Bristo නිෂ්පාදන සපයයි. බණ්ඩාරගම පිහිටි නවීන කර්මාන්තශාලාවේ නිපදවන එම නිෂ්පාදන කල් පැවැත්මෙන් සහ සුරක්ෂිතභාවයෙන් ඉහළ අතර භාවිතයටද පහසුය.
සෑම Bristo නිෂ්පාදනයකටම උසස් ප්‍රමිතියේ අමුද්‍රව්‍ය යොදා ගනී. ලේයර් තුනකින් යුත් ජර්මානු වෙල්බර්ගර් නොඇලෙන ආලේපනය Bristo බඳුන්වල ආහාර පිසීම පහසු කරයි. ඒවා ආහාරවල සුරක්ෂිතභාවය සහ සෞඛ්‍ය සම්පන්න බව තහවුරු කරයි. ආරක්‍ෂිත සහ විශ්වාසනීය ආහාර පිසීමේ අත්දැකීමක් සපයන, Perfluorooctanoic අම්ලය අඩංගු නොවන, පරිසර හිතකාමී Bristo නිෂ්පාදන පිළිබඳව පාරිභෝගිකයන් තබා ඇත්තේ ඉහළ විශ්වාසයකි. Bristo සන්නාමයෙන් විශාල පරාසයක විහිදුණු, උසස් තත්ත්වයේ Non-Stick ආහාර පිසීමේ බඳුන් රැසක් මිලදී ගත හැකිය. ෆ්‍රයින් පෑන්, කැසරෝල්, කුකින් පෑන්, හොපර් පෑන්, නලාව සහිත කේතල්, Non-Stick කොකිස් අච්චු ඒ අතර ප්‍රධාන වේ. Platinum සහ Ceramic Coated යන මාදිලි දෙක යටතේ එම නිෂ්පාදන මිල දී ගත හැකිය. සෑම නිෂ්පාදනයක්ම අල්ලා ගැනීමට පහසු බේක්ලයිට් හැන්ඩ්ල් එකකින් සහ වීදුරු පියනකින් සමන්විතය. Bristo නිෂ්පාදන වර්ණ රැසකින් තෝරා ගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව ලැබේ. Bristo ප්‍රෙෂර් කුකර් ලීටර් 3, 5 සහ 7.5 යන ධාරිතාවලින් සහ වැඩි දියුණු කළ ආරක්‍ෂිත ක්‍රමවේදවලින් සමන්විතය. පසුගිය කාලයේදී ඔවුන් දෙස් විදෙස් තත්ත්ව සහතික සහ සම්මාන රැසක් දිනා තිබේ. ලොව පුරා මුළුතැන්ගෙවල්වලට අවශ්‍ය භාණ්ඩ සැපැයීම ඔවුන්ගේ මීළඟ ඉලක්කයයි. ගෝලීය අවශ්‍යතාවලට ගැළපෙන ආකාරයේ නිෂ්පාදන සහ සේවා සැපයීම ඉලක්ක කර ගත් එම සමාගම ඉදිරියේදී සිය මෙහෙයුම් දේශීයව හා විදේශීයව වශයෙන්ද පුළුල් කිරීමට සැළසුම් කර ඇත.
1 Comment
Wow! Thank you! I permanently wanted to write on my website something like that. Can I implement a portion of your post to my blog?