ලංකා බැංකුවේ ඌව පරණගම ශාඛාව නව නිවහනකට
බැංකු කරණයේ නව යුගයකට දොරටු විවර කරමින්, වඩාත් පහසු, නම්‍යශීලී හා කාර්යක්ෂම බැංකු සේවාවක් සැපයීමේ අරමුණින් නවීන ඩිජිටල් තාක්ෂණය හා මුසු වූ ලංකා බැංකුවේ ඌව පරණගම ශාඛාව නව ගොඩනැඟිල්ලක ප්‍රතිස්ථාපනය කිරීම පසුගිය දා සිදු කෙරිණි. මේ වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකාරිණී (උපකාරක සේවා) ප්‍රියන්ති විජේසේකර, ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් එන්.ජී.එම්.එස්. කුමාර, සහකාර මහා කළමනාකරු (ඌව පළාත) අයි. කේ. නවරත්න, ඌව පළාත් මෙහෙයුම් කළමනාකාරිණී පුෂ්පා විජේසිංහ, බණ්ඩාරවෙල ප්‍රාදේශීය කළමනාකරු කේ. චන්ද්‍රමෝහන් සහ ඌව පරණගම ශාඛා කළමනාකරු චතුරංග පරණවිතාන යන මහත්ම මහත්මීහු ඇතුළු ලංකා බැංකු කළමනාකාරිත්වයේ සාමාජික සාමාජිකාවෝ හා ගනුදෙනුකරුවෝ රැසක් සහභාගි වූහ.
ඌව පරණගම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත් වන ජනතාව සාමාජීය හා ආර්ථික වශයෙන් බල ගන්වමින්, ඔවුන් වෙත මූල්‍ය පහසුකම් සමගින් සියලු ම බැංකු සේවාවන් ලබා දීම ප්‍රතිස්ථාපනය කෙරුණු මෙම ලංකා බැංකු ශාඛාවේ අරමුණ වන අතර, දිවයින පුරා පිහිටා ඇති 653ක් වූ ලංකා බැංකු ශාඛා ජාලය හා 2000කට අධික පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ වී ඇති නිසා ඌව පරණගම ප්‍රදේශය ආශ්‍රිත ගනුදෙනුකරුවන්ට මෙම ශාඛාව හරහා රටේ ඕනෑ ම ප්‍රදේශයක් සමඟ මෙන් ම ජාත්‍යන්තර ව ද ගනුදෙනු සිදු කිරීමේ වරප්‍රසාදය හිමිවේ. එමෙන් ම ඉතිරිකිරීමේ ගිණුම්, ස්ථාවර තැන්පතු ගිණුම්, ආයෝජන සැලසුම්, නිවාස හා පෞද්ගලික ණය, අධ්‍යාපන ණය, කල්බදු , උකස් සේවා වැනි මූල්‍ය පහසුකම් රැසක් මෙන් ම සුවිශේෂී ණය පහසුකම් ද ඌව පරණගම ශාඛාව මගින් ලබාගත හැකි වීම විශේෂිත ය. ඊට අමතර ව ගනුදෙනුකරුවන්ට Debit හා Credit කාඩ් පත්, ජාත්‍යන්තර මුදල් හුවමාරු කිරීමේ පහසුකම් මෙන් ම ප්‍රේෂණ සේවාවන් ද සහිතව ඌව පරණගම ශාඛාව මගින් අංගසම්පූර්ණ බැංකු සේවාවක් ලබා ගත හැකි වේ.
මහ ජනතාව වෙත ඩිජිටල් බැංකු සේවාවෙහි නව අත්දැකීම් ලබා දීම සඳහා නිබඳ ව ම වෙහෙසෙන ලංකා බැංකුව ඒ වෙනුවෙන් ම SmartPay, Smart Online Banking, Mobile Banking (B App), E – Commerce Debit Card, BOC Connect (නියෝජිත බැංකු සේවාව), Branch on Wheels (ජංගම බැංකු ශාඛා), Smart Zone, BOC Digi (ඩිජිටල් ශාඛා), Smart Pass Book (විද්‍යුත් පාස් පොත), SmartGen ඩිජිටල් ගිණුම, අන්තර්ජාලය ඔස්සේ ගෙවීම් ක්‍රමවේද සහ ගිණුම් විවෘත කිරීම, පෞද්ගලික/නිවාස ණය සඳහා අයදුම් කිරීම ආදී සේවාවන් මාර්ගගත ව (Online) ලබාගැනීමේ හැකියාව වැනි ඩිජිටල් බැංකුකරණ විසඳුම් රැසක් තම ගනුදෙනුකරුවන් වෙත හඳුන්වා දීමට කටයුතු කර ඇත. මෙම ඩිජිටල් පහසුකම් නිසා ගනුදෙනුකරුවන්ට ඉතා පහසුවෙන් දෛනික බැංකු ගනුදෙනු සිදු කිරීමේ අවස්ථාව උදා වී තිබේ.