ලංකා බැංකුව, ශ්‍රී ලංකාව පුරා සිටින අනාගත ව්‍යවසායකයන්ට නව අවස්ථා සලසමින් පැවැත්වු ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන 2026 සාර්ථකව නිමවේ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය ආයතනය වන ලංකා බැංකුව , ව්‍යවසායකත්වය සවිබල ගැන්වීම සහ මෙරට ව්‍යාපාරික ක්ෂේත්රය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන (Entrepreneur Development Programme – EDP) , සාර්ථකව පවත්වා අවසන් කරන ලදී. ව්‍යවසායකත්වය දිරිගැන්වීම, ව්‍යාපාරික හැකියාවන් වර්ධනය කිරීම සහ තිරසාර ව්‍යාපාර ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය දැනුම හා මඟපෙන්වීම අනාගත ව්‍යවසායකයන් වෙත ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ විය.
2026 ඔක්තෝබර් මස 18 වැනිදා ආරම්භ වූ මෙම වැඩසටහන නොවැම්බර් මස 15 වැනිදා දක්වා අඛණ්ඩව ඉරිදා දින පහක් පුරා පැවැත්විණි. විවෘත මහජන අයදුම්පත් කැඳවීමක් මඟින් ශ්‍රී ලාංකික පුරවැසියන් අතරින් තෝරාගත් 100කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී වූහ. ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන්ට මෙන්ම බැංකුවේ ගනුදෙනුකරුවන් නොවන අයට ද මේ සඳහා අයදුම් කිරීමේ අවස්ථාව සලසා තිබීම විශේෂත්වයකි. එමෙන්ම දැනටමත් ව්‍යාපාරයක් ආරම්භ කර නොමැති නමුත් ව්‍යාපාරික අදහස් සහිත පුද්ගලයන්ට ද මේ සඳහා සහභාගී වීමට අවස්ථාව හිමි විය.
ලංකා බැංකුවේ විද්වත් නිලධාරීන්ගේ සහ විවිධ වෘත්තීය ක්ෂේත්රයන්හි පළපුරුදු සම්පත් දායකයන්ගේ දායකත්වයෙන් දින පහක් පුරා මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කෙරිණි. ව්‍යවසායකත්වය, මූල්‍ය කළමනාකරණය සහ ව්‍යාපාර සංවර්ධනය පිළිබඳ න්‍යායාත්මක දැනුම මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් ද සහභාගිවන්නන් වෙත ලබාදීම තුළින් ඔවුන්ගේ ව්‍යාපාරික අදහස් තිරසාර ව්‍යාපාර බවට පරිවර්තනය කර ගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙන ලදී.
ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡා මණ්ඩපය මෙහි වැදගත් තැනක් ගත් අතර, බැංකු සේවා, මූල්‍ය සහාය, ව්‍යාපාර සංවර්ධනය සහ උපායමාර්ගික කළමනාකරණය පිළිබඳව මෙහිදී වැඩි අවධානය යොමු කෙරුණු අතර, සහභාගිවන්නන්ට ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් වටිනා අදහස් හා උපදෙස් ලබාගැනීමට අවස්ථාව උදා විය. එමෙන්ම ව්‍යවසායකයන්ට තම විශේෂඥ දැනුම බෙදාහදා දෙමින් ඔවුන්ට සහාය වීමට බැංකුව දක්වන කැපවීම ද මෙයින් මනාව පිළිබිඹු විය.
මෙම අවස්ථාවට ලංකා බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී (වැඩබලන මහා කළමනාකරු/ප්‍රධාන විධායක නිලධාරී) ආර්. එම්. එන්. ජීවන්ත මහතා, සංවර්ධන හා ශාඛා බැංකුකරණ අංශ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බී. කේ. ගුරුසිංහ මහතා, මානව සම්පත් උපායමාර්ග පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ශෂී ජයසිංහ මහතා, සංවර්ධන ණය හා ශාඛා ණය කලාප 02 පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සම්පත් පෙරේරා මහතා, ආයතනික අංශයේ ව්‍යාපාර පුනර්ජීවන අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී එන්. ක්‍රිෂ්ණකුමාර් මහතා, වෙළෙඳ මූල්‍ය හා සේවා අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී කේ. කේ. සුසන්ත මහතා සහ පාරිභෝගික හා සංවර්ධන ණය අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී සමන්ත විමලසිරි මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.
EDP 2026 වැඩසටහන තුළින් ව්‍යවසායකත්ව කුසලතා පෝෂණය කිරීම, තිරසාර ව්‍යාපාරික වර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාව පුරා ශක්තිමත් ව්‍යවසායක ප්‍රජාවක් ගොඩනැඟීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම ඔස්සේ ජාතික ආර්ථික සංවර්ධනය වෙනුවෙන් ලංකා බැංකුවේ දායකත්වය තවදුරටත් ශක්තිමත් කරයි.

