January 15, 2025
ලංකා බැංකුව 2024 ජන සතු සේවා මලල ක්‍රීඩා උළෙලේ දී සමස්ත ශූරතාව දිනා ගනී
පුවත්

ලංකා බැංකුව 2024 ජන සතු සේවා මලල ක්‍රීඩා උළෙලේ දී සමස්ත ශූරතාව දිනා ගනී

Sep 20, 2024

ජන සතු සේවා මලල  ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජන සතු සේවා මළ ක්‍රීඩා උළෙල 2024 අගෝස්තු මස 01 සහ 02 යන දිනවල කොළඹ සුගතදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර, එහි සමාප්ති උත්සවයට ජන සතු සේවා මලල ක්‍රීඩා සංගමයේ ගරු සභාපති, ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා, නියෝජ්‍ය මහා කළමනාකරු (සංවර්ධන බැංකු කටයුතු හා ශඛා ණය මෙහෙයුම් – කලාප II) ආර්. එම්. එන්. ජීවන්ත, සහකාර මහා කළමනාකරු (අලෙවි) බුද්ධික ප්‍රේමරත්න, සහකාර මහා කළමනාකරු (බස්නාහිර පළාත – උතුර) සුදත් ලියනගේ, සහකාර මහා කළමනාකරු (බස්නාහිර පළාත – මධ්‍යම) කැලුම් ගජනායක සහ සහකාර මහා කළමනාකරු (බස්නාහිර පළාත – දකුණ) ඩී. අසංක යන මහත්ම මහත්මීහු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගි වූහ. එහි දී කාන්තා සහ පිරිමි ශූරතා දෙක ම ඇතුළු ව තරඟාවලියේ සමස්ත ශූරතාව දිනා ගැනීමට ලංකා බැංකු මලල ක්‍රීඩා කණ්ඩායම සමත් විය.

ජන සතු සේවා මලල ක්‍රීඩා සංගමය 52වන වරටත් සංවිධානය කළ මෙවර  තරඟාවලිය සඳහා  රාජ්‍ය ආයතන 39ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙදහසකට අධික සංඛ්‍යාවක් සහභාගි වූහ. එහි දී සමස්ත ලකුණු 329ක් ලබා ගත් ලංකා බැංකු කණ්ඩායම  වසර 17කට පසු සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඊට අමතර ව මෙවර තරඟාවලියේ දී ලංකා බැංකු ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව තරඟ වාර්තා කිහිපයක් පිහිටුවීමට සමත් වීම ද විශේෂත්වයකි.

මෙවර ජන සතු සේවා මලල ක්‍රීඩා උළෙලේ විවෘත කාණ්ඩය යටතේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලංකා බැංකු වාල්වෙට්ටිතුරායි ශාඛාවේ එස්. ඩී. ඩිලක්ෂිනී ක්‍රීඩිකාව සමත් වූ අතර, එම කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩකයා බවට පත් වීමට ලංකා බැංකු කල්පිටිය ශාඛාවේ නඳුන් ප්‍රනාන්දු ක්‍රීඩකයා සමත් විය. එමෙන් ම මෙවර ක්‍රීඩා උලෙළේ වයස අවුරුදු 30-34 වයස් කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වීමට ලංකා බැංකු මීගමුව නගර ශාඛාවේ සුමුදු ජයසේකර ක්‍රීඩිකාව සමත් වූ අතර, වයස අවුරුදු 40-44 වයස් කාණ්ඩය යටතේ දක්ෂතම ක්‍රීඩිකාව බවට පත් වීමට ලංකා බැංකු මහ නුවර (II) නගර ශාඛාවේ සෞම්‍යා ගුණරත්න ක්‍රීඩිකාව සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close