February 10, 2025
අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙගාවොට් 30,000 ක ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ 1,000 MW (1 GW) ධාරිතාවක්ක්‍රියාත්මක කරයි
පුවත්

අදානි ග්‍රීන් එනර්ජි සමාගම මෙගාවොට් 30,000 ක ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානයේ 1,000 MW (1 GW) ධාරිතාවක්ක්‍රියාත්මක කරයි

Mar 14, 2024

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමාගමක් වන අදානි ග්‍රීන් එනර්ජි සමාගම (Adani Green Energy Limited (AGEL) ) විසින් ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  ඛාවඩා  හි ස්ථාපිත කර ඇති ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති (RE) උද්‍යානයේ දී මෙගාවොට් 1,000 සූර්ය බලශක්ති සමුච්චිත ධාරිතාවක් ක්‍රියාත්මක කරන ලදී. මෙමඟින් මෙගාවොට් 9,478 ක මෙහෙයුම් ධාරිතාවක් අත්පත් කර ගැනීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගමට හැකියාව ලැබී ඇති අතර ඔවුන් 2030 වසර වන විට  සපුරාගැනීමට අපේක්ෂිත මෙගාවොට් 45,000ක  ඉලක්කය වෙත ළඟා වීමටද එය ඉවහල් වනු ඇත.

ඛාවඩා ව්‍යාපෘතිය ඇරඹී මාස 12ක් ගත වීමටත් ප්‍රථම මෙගාවොට් 1,000ක ධාරිතාවක් උත්පාදනය කිරීමට අදානී ග්‍රීන් එනර්ජි සමාගම විසින් කටයුතු කරන ලදී. ඒ වෙනුවෙන්  ආසන්න වශයෙන්  සූර්ය මොඩියුල මිලියන 2.4ක් පමණ සම්බන්ධ කර ගෙන තිබේ. ඉදිරි වසර 05 තුළදී  ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන මෙම  GW 30කින් යුත් ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති බලාගාර ව්‍යාපෘතිය වර්ග කිලෝමීටර් 538ක මුඩු බිමක් පුරා විහිදෙන අතර එහි විශාලත්වය පැරීසිය මෙන් පස් ගුණයකි.  නව හරිත රැකියා අවස්ථාවන් 15,200කට අධික ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය ඔස්සේ නිර්මාණය වන අතර එය මහජන සුබසාධනය වෙනුවෙන් කදිම අවස්ථාවක් වනු ඇත.

අදානි ග්‍රීන් එනර්ජි සමාගමට ජයිසල්මර් හි ලොව විශාලතම සුළං-සූර්ය දෙමුහුන් පොකුර තැනීම සහ ක්‍රියාත්මක කිරීමේ කටයුතු  සාර්ථක කර ගැනීම සඳහා Adani Infra මඟින් පසක් කර ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව,අදානි නිව් ඉන්ඩස්ට්‍රි සමාගම (Adani New Industries Limited (ANIL) ) සතු තාක්ෂණික විශේෂඥතාව,  මෙහෙයුම් විශිෂ්ටත්වය පිළිබඳ AIMSL හි හැකියාව සහ ශක්තිමත් සැපයුම් දාමය සුවිශාල පිටුබලයක් සපයනු ලබයි.

ඛාවඩා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියේදී තිරසාර භාවිතයන් ඒකාබද්ධ කිරීම සඳහා නව්‍ය විසඳුම් රැසක් යොදාගෙන තිබේ. ඒ අනුව බලශක්ති උද්පාදනය ඉහළ නැංවීම සඳහා  මෙන්ම වියළි කච් කලාපයේ ජල සංරක්ෂණ ක්‍රියාවලියට දායකත්වය දැක්වීම වෙනුවෙන් සම්පූර්ණ බලාගාරයේ පැනල් මත දූවිලි එකතු කිරීමට ජලය රහිත පිරිසිදු කිරීමේ රොබෝවරුන් යෙදවීමට අදානි ග්‍රීන් එනර්ජි සමාගම පියවර ගෙන තිබේ. අදානි ග්‍රීන් එනර්ජි සමාගමේ  මෙම ජල මධ්‍යස්ථතා ක්‍රමවේදයන්  එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධනය පිළිබඳ 06 වැනි ඉලක්කයට අනුගත වේ. ගෝලීය වශයෙන් පිරිසිදු බලශක්ති ව්‍යාප්තිය  වේගවත් කිරීම සඳහා මෙන්ම තිරසාර ප්‍රගතිය සඳහා  අදානි ග්‍රීන් එනර්ජි සමාගම දක්වන නොසැලෙන කැපවීම  පිළිබඳව මෙම ඛාවඩා පුනර්ජනනීය බලාගාර  ව්‍යාපෘතිය මනා සාක්ෂියක් වනු ඇත.

ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති උද්‍යානය පිළිබඳව.

සිය වෙළෙඳ  පාර්ශවකරුවන්ගේ ද සහයෝගීතාවය සහිතව අදානි ග්‍රීන් එනර්ජි සමාගම  ගුජරාට් ප්‍රාන්තයේ කච් ප්‍රදේශයේ ඛාවඩා  හි මුඩු බිමක ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටියි. වර්ග කිලෝමීටර් 538ක භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් ඉදිකෙරෙන මෙම බලාගාරය විශාලත්වයෙන්  පැරීසිය මෙන් පස් ගුණයකි. මුම්බායි නගරයේ විශාලත්වයට සමපාත වන භූමි පරාසයක් පුරා විහිදී ඇති මෙම ව්‍යාපෘතිය, ඉදිකිරීම් කටයුතු අවසන් වූ පසු   පෘථිවියේ විශාලතම බලාගාරය වනු ඇත.

3 Comments

  • Thanks for sharing. I read many of your blog posts, cool, your blog is very good.

  • Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.

  • Great! Thank you so much for sharing this. Visit my websitee: free stresser

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close