July 27, 2024
Beauty Gems අපනයන විශිෂ්ටතා රන් සම්මාන දිනයි
පුවත්

Beauty Gems අපනයන විශිෂ්ටතා රන් සම්මාන දිනයි

Dec 18, 2023

මෙරට ප්‍රධාන පෙළේ මැණික් ව්‍යාපාර ආයතනයක් වන Beauty Gems සමාගම ජාතික අපනයන මණ්ඩලය (NCE) සංවිධානය කළ ජාතික අපනයන විශිෂ්ටතා 2023 සම්මාන උළෙලේදී මධ්‍යම පරිමාණ කාණ්ඩයේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රන් සම්මානය දිනා ගත්තේය. සම්මාන උළෙල පසුගියදා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

2003දී ඇරඹූ Beauty Gems සමාගමේ ප්‍රදර්ශනාගාරය බම්බලපිටියේත්, මිල දී ගැනීමේ මධ්‍යස්ථානය බේරුවලත් පිහිටා ඇත. ජාත්‍යන්තර වෙළෙඳපොළට ශ්‍රී ලාංකික Cat’s Eye සහ Star Sapphire යන මැණික් වර්ග සපයන විශාලම සැපයුම්කරු වන Beauty Gems සතුව පුළුල් පරාසයක විහිදුණු මැණික් එකතුවක් ඇත. එම සමාගම Rubies, Alexandrite, Padmardhacha, Tsavorite සහ Spinel වැනි අ‌නෙකුත් මැණික් වර්ගද අලෙවි කරන අතර පාරිභෝගිකයන් ආයතනය පිළිබඳව තබා ඇති විශ්වාසය තව දුරටත් තහවුරු කිරීමේ අරමුණින් අලෙවි කරන සෑම මැණිකක් සඳහාම සහතිකයක් නිකුත් කරයි. Beauty Gems අලෙවි කරන සෑම මැණිකක්ම දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතිවලට අනුව සහතික කර තිබේ. Beauty Gems පසුගිය කාලය පුරා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, සිංගප්පූරුව, ප්‍රංශය සහ ජර්මනිය වැනි ප්‍රමුඛ පෙළේ මැණික් ගැනුම්කරුවන් සිටින රටවල් රැසකට මැණික් අපනයනය කරයි. චීන වෙළෙඳපොළට මැණික් සැපයීම ඇරඹූ පළමු ශ්‍රී ලාංකික සමාගම් කිහිපය අතරට Beauty Gems අයත්ය. ලොව පුරා පැවැත්වෙන ප්‍රධාන පෙළේ මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශන ගණනාවකට මැණික් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ඉදිරිපත් කරන Beauty Gems 2018 වසරේ විශිෂ්ටම තරුණ ව්‍යවසායකයා ඇතුළු සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. ISO 9001:2015 ප්‍රමිති සහතිකය ඇතුළු දේශීය සහ ජාත්‍යන්තර තත්ත්ව සහතික රැසක්ද ඔවුන්ට හිමි වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *