August 17, 2026
ලංකා බැංකුව, මීගමුව, පලඟතුරේ වෙරළ තීරයපිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි
පුවත්

ලංකා බැංකුව, මීගමුව, පලඟතුරේ වෙරළ තීරයපිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි

Aug 17, 2026

පාරිසරික තිරසාර භාවය වර්ධනය කිරීම වෙනුවෙන් ලංකා බැංකුවේ අඛණ්ඩ කැපවීම පිළිබිඹු කරමින් ඉහත වැඩසටහන පසු ගිය දා සාර්ථක ව දියත් කෙරුණු අතර, ලංකා බැංකුවේ තිරසාර බැංකු ඒකකයේ සංවිධානයෙන් සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මීගමුව මහ නගර සභාව, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව, සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක (PHI) කාර්යාලය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, හෝටල් හිමියන්ගේ සංගමය, ශ්‍රී ලංකා සාගර විශ්ව විද්‍යාලය, මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසල, Ernst & Young  (EY) සහ Biodiversity Sri Lanka  යන ආයතන ඇතුළු පාර්ශ්ව කරුවන්ගේ  සහයෝගයෙන් දියත් කෙරුණු මෙම වැඩසටහනට  පාසල් සිසු සිසුවියන්, ස්වේච්ඡා සේවකයින්, ප්‍රදේශවාසීන් ඇතුළු  විශාල පිරිසක් සහභාගි වූහ. 

එමෙන් ම මෙම සුවිශේෂී වැඩසටහනට ලංකා බැංකුවේ සහභාගිත්වය සනිටුහන් කරමින් මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරිවරයා,  ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා ඇතුළු, ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ ශාඛා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවෝ එක් වූහ.

මෙම කර්තව්‍යය ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ දිගු කාලීන සංරක්ෂණය වෙනුවෙන් ලංකා බැංකුවේ කැප වීම පිළිබිඹු කරන අතර, මේ සඳහා අත්වැල් බැඳ ගත් සියලු දෙනාට ලංකා බැංකුව සිය ස්තුතිය පුද කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close