July 27, 2024
ආපිකෝ වෙතින් සුව නින්දකට අලුත්ම ‘New Super Cool මෙට්ට’
පුවත්

ආපිකෝ වෙතින් සුව නින්දකට අලුත්ම ‘New Super Cool මෙට්ට’

Jan 3, 2024

ශ්‍රී ලංකාවේ ෆෝම් මෙට්ට කර්මාන්තයේ පුරෝගාමියා වන ආපිකෝ,  ‘Arpico නිව් සුපර් කූල්’ (Arpico New Super Cool) නමින් නවතම මෙට්ටයක් වෙළඳපොළට හඳුන්වා දීම වෙනුවෙන් සංවිධානය කළ විශේෂ උත්සවයක් පසුගියදා පැවැත්විණි.

සම්භාවනීය අමුත්තන් රැසක් එක්වසිටි මෙම උත්සව අවස්ථාවේදී රිචඩ් පීරිස් සහ සමාගමේ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා විසින් New Super Cool මෙට්ට නිල වශයෙන් හඳුන්වා දීම සිදුකරන ලදී.

ප්‍රශස්ත දෛනික ක්‍රියාකාරිත්වය සඳහා සුව නින්දක වටිනාකම ඉතා හොඳින් හඳුනාගත් ආපිකෝ, ගුණාත්මක නින්දක් හා සුවබර විවේකයක් වෙනුවෙන්ම විප්ලවීය වෙනසකින් යුතුව New Super Cool මෙට්ට නිෂ්පාදනය කර තිබේ. විවේකය හා නින්ද කෙනෙකුගේ යහපැවැත්මට අතිශයින් වැදගත්  වන අතර සෑම කෙනෙකුම පාහේ තම ජීවිතවලින් තුනෙන් එකක් නින්ද සඳහා වැය කරන බව පැවසේ.

අති නවීන තාක්ෂණය හා සැලසුම් අනුව ලේයර හතරක්, එනම් දෙපස quilted soft ෆෝම් ලේයර දෙකක් Cool foam ලේයරය සහ ලේටෙක්ස් මිශ්‍රිත හාඩ් ෆෝම් ලේයරයක් සහිතව, අසමසම සුවපහසුවක් ගෙනෙන ලෙසින් නව ආපිකෝ සුපර් කූල් මෙට්ට නිෂ්පාදනය කර ඇත. මෙහි අන්තර් සම්බන්ධිත සිදුරු සහිත ෆෝම් ලේයරය මගින් නැවුම් සිසිලසක් ද ලේටෙක්ස් සහිත හාඩ් ෆෝම් ලේයරය මගින් විවේකී, සුවපහසු සහ සෞඛ්‍ය සම්පන්න නින්දක අත්දැකීමක් ද සහතික කරයි.  සම්ප්‍රදාය සහ නවීනත්වය එක්තැන් කරමින්, පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන් මැනැවින් සපුරාලන පරිදි මෙවැනි නවෝත්පාදන හඳුන්වා දීමට ආපිකෝ නිරන්තරයෙන් සමත් වී ඇත.

“ඵලදායී හා නිරෝගීමත් ජීවිතයකට ගුණාත්මක නින්දක් අත්‍යවශ්‍යයි. නින්දට හා විවේකයට අළුත් අර්ථයක් ලබාදෙන අපගේ නවතම නිෂ්පාදනය වන නව සුපර් කූල් මෙට්ට හඳුන්වා දීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය, නවෝත්පාදනය ඔස්සේ පාරිභෝගිකයන්ට උපරිම සුපහසුව සලසමින්, ඔවුන්ගේ යහපැවැත්ම සහතික කිරීම සඳහා අප දරන උත්සාහයේ නවතම පියවරක් ලෙස හැඳින්විය හැකියි. අපගේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී/ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය සේන යද්දෙහිගේ මහතාගේ දැක්ම යටතේ අප ක්‍රමෝපායික තාක්‍ෂණික දියුණුව තුළින් නවෝත්පාදන සහ පාරිභෝගික විශිෂ්ටත්වය ඒකාබද්ධ කරමින් පාරිභෝගික අත්දැකීම පරිවර්තනයකට ලක්කරමින් සිටිනවා. මේ ඉදිරි ගමනේ පෙරමුණ ගනිමින්, බලාපොරොත්තු වන මට්ටමටත් වඩා විශිෂ්ට සහ කාර්යක්ෂම සේවාවක් ලබාදීම අපගේ ඉලක්කයයි.” රිචඩ් පීරිස් සහ සමාගමේ දේශීය නිෂ්පාදන හා බෙදාහැරීම් අංශයේ කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් විජේසිංහ මහතා පැවසී ය.

Arpitech (පුද්.) සමාගම මෙරට Polyurethane foam සහ spring මෙට්ට, ෂීට්, කුෂන්, සහ Siliconized Fiber කොට්ට සම්බන්ධ දශක ගණනක පළපුරුද්ද සහිත ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකි. ISO 9001-2015 සහතිකකරණය හිමි ආපිකෝ, සිය Arpifoam නිෂ්පාදන සඳහා SLS ප්‍රමිතිය අනුගමනය කරයි. Arpitech සමාගම පන්නරය ලබන්නේ, දශක 9 කට අධික ඉතිහාසයක් හිමි තම මවු සමාගම වන රිචඩ් පීරිස් සහ සමාගම තුළිනි. 1932 වසරේදී ඉන්ධන හලක් සමගින් සුළුවෙන් ආරම්භ වූ රිචඩ් පීරිස් සහ සමාගම, ඉන් පසුව දැවැන්ත සාර්ථකත්වයක් අත්කරගනිමින් මෙරට ප්‍රමුඛතම සමූහ ව්‍යාපාරයක් බවට පත් විය. මේ වනවිට එම සමූහය පාරිභෝගික වෙළඳාම්, වැවිලි කර්මාන්ත, රබර්, ගෘහ භාණ්ඩ, ටයර්, ප්ලාස්ටික්, රක්ෂණ, කොටස් තැරැව්කරණය, මුල්‍ය සේවා හා සැපයුම් ඇතුළු ක්ෂේත්‍ර රාශියක් ආවරණය කරයි. ඉහළ වාර්ෂික පිරිවැටුමක් සහිත එය කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත වී ඇති විශාලතම සමාගම් අතරින් එකකි.

නවෝත්පාදනය හා පාරිභෝගික තෘප්තිය වෙනුවෙන් නොසැලී කැප වන ආපිකෝ, නව සුපර් කූල් මෙට්ට හඳුන්වා දීමත් සමගින් මෙරට මෙට්ට කර්මාන්තයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට සමත් වී තිබේ. පාරිභෝගිකයන්ට විශිෂ්ටතම තලයේ නිෂ්පාදන හා සේවාවන් තිළිණ කරමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන අතරම තම ව්‍යාපාර කටයුතු අඛණ්ඩව වර්ධනය කරමින් දියුණුව කරා යාම ආපිකෝ සමාගමේ අරමුණ වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *