අඬාරදෙනිය එස්ටේට් (පෞද්) සමාගම කර්මාන්ත විශිෂ්ටතා රිදී සම්මානයෙන් පිඳුම් ලබයි
ශ්‍රී ලාංකීය තේ කර්මාන්තයේ දශක ගණනක සිට දෙස් විදෙස් කීර්ති නාමයක් දිනා ගත් අඬාරදෙනිය එස්ටේට් පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී අගය එකතු කළ තේ, තේ හා ඒ ආශ්‍රිත කර්මාන්ත අංශයේ රිදී සම්මානයෙන් පිදුම් ලැබීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙලුම් පොකුණේදී පැවැති සම්මාන උළෙලේදී සමාගමේ සභාපති ආචාර්ය ඩබ්ලිව්. ජිනදාස මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 1983දී තේ දළු එකතු කරමින් ආරම්භය සනිටුහන් කළ මෙම ව්‍යාපාරය වර්තමානයේදී ශ්‍රී ලාංකේය තේ සන්නාමය ඉදිරියට රැගෙන යමින් දිස්ත්‍රික්ක රැසක තේ කර්මාන්ත ශාලා 11ක්, කුඩා විදුලි බලාගාර සහ සූර්ය විදුලි බල පද්ධති සහිතව මෙරට ආර්ථිකයට ප්‍රමුඛ දායකත්වයක් සපයන දැවැන්ත සමාගම් ජාලයක් බවට පත් වී ඇත. අඬාරදෙනිය ස්ටේට් (පෞද්.) සමාගම, සිංහරාජ හිල්ස් ප්ලාන්ටේෂන් (පෞද්.) සමාගම, නිවිතිගල තේ කර්මාන්තශාලා (පෞද්.) සමාගම, අඬාරදෙනිය හෝල්ඩින්ග්ස් (පෞද්.) සමාගම, අඬාරදෙනිය හිල්ස් ප්ලාන්ටේෂන් (පෞද්.) සමාගම, අඬාරදෙනිය ටී ස්ටේට් සිලෝන් (පෞද්.) සමාගම, අඬාරදෙනිය මිනි හයිඩ්‍රො පවර් (පෞද්.) සමාගම යන සමාගම් රැසකින් ව්‍යාපාර සමූහය සමන්විතය.
ශ්‍රී ලංකා තේ නිෂ්පාදනයට 2.5%ක දායකත්වයක් සපයමින් වාර්ෂිකව තේ කිලෝග්රෑම් මිලියන 8.5ක් නිපදවන අඬාරදෙනිය සමූහ ව්‍යාපාරය සෘජු රැකියා 4,000ක් සහ වක්‍ර රැකියා 25000ක් පමණ නිර්මාණය කරමින්, කුඩා තේ වතු හිමියන් 25,000කට ආසන්න පිරිසක් සමග ගනුදෙනු කරන, ග්‍රාමීයව ප්‍රවාහන නියෝජිත පිරිසක් සහ තරුණ ව්‍යවසායකයන් පිරිසක් බිහි කළ ආයතනයක් වන අතර තේ කර්මාන්තයෙන් ඔබ්බට යමින් බුද්ධිකෝෂ නමින් අතිරේක පෝෂණීය ආහාරමය නිෂ්පාදනයක්ද වෙළෙදපොළට හදුන්වා දී ඇත. සමාජ සහ ආගමික මෙහෙවරටද කැප වෙමින් ව්‍යාපාරය මෙහෙයවන ඩබ්ලිව්. ජිනදාස මහතා දෙස් විදෙස් කීර්ති සම්මාන රැසකින් පිදුම් ලබා ඇත. “රටට විදේශ විනිමය උපයන වටිනා සම්පතක් වන තේ කර්මාන්තයේ අභිවෘද්ධියට ඉහළ ගුණාත්මකභාවයකින් සහ උසස් ප්‍රමිතියකින් තේ නිපදවීමට අපි මුල් තැනක් දී තිබෙනවා. මෙම ජයග්‍රහණය වෙනුවෙන් කැප වූ සහෝදර අධ්‍යක්ෂ මණ්ඩලයට, කාර්ය මණ්ඩලයට, ප්‍රවාහන නියෝජිතයන්ට, කුඩා තේ වතු හිමියන්ට සහ සහය දුන් සැමට කෘතවේදීත්වය පිරිනමනවා.” ආචාර්ය ඩබ්ලිව්. ජිනදාස මහතා පැවසීය.
1 Comment
Oh my goodness! a tremendous article dude. Thanks However I am experiencing concern with ur rss . Don’t know why Unable to subscribe to it. Is there anybody getting equivalent rss downside? Anyone who is aware of kindly respond. Thnkx