WNPSහි ‘PLANT’ වැඩසටහන සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරැකීමට අලියාන්ස් ලංකාඅත්වැල් බැඳගනී
ශ්‍රී ලංකාවේ අනාගතයට සුබවාදී පෙර නිමිත්තක් සනිටුහන් කරමින්, පුරෝගාමී මෙන්ම ප්‍රබල පියවරක් තබමින්, අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් සමාගම, ශ්‍රී ලංකා වනජීවී හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සමඟ සිය හවුල්කාරිත්වය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ, ‘Preserving Land and Nature’ (PLANT) වැඩසටහනට සහයෝගය දැක්වීම සඳහා ය.Forest corridors ගොඩනැගීම, ශ්‍රී ලංකාවේ වඳවී යාමේ තර්ජනයට ලක් වූ පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීම, ජෛව විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම මෙම වැඩසටහන මගින් සිදුකෙරේ.
මෙම සහයෝගීතාවය, තිරසාර රක්ෂණකරණය සහ ආයතනික සමාජ වගකීම වෙනුවෙන් අලියාන්ස් ලංකා හි අඛණ්ඩ කැපවීමෙහි සැලකිය යුතු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙම හවුල්කාරිත්වය යටතේ, 2025 ඔක්තෝබර් 30 වන දින සිට අලෙවි කරනු ලබන සෑම මෝටර් රථ සහ සංචාරක රක්ෂණ ඔප්පුවක් පාසාම, අලියාන්ස් ලංකා ආයතනය සිය පාරිභෝගිකයින් වෙනුවෙන්, ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක වනාන්තර නැවත සිටුවීම, වනාන්තර නැවත සිටුවීම, පරිසර පද්ධති පුනරුත්ථාපනය, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ ජෛව විවිධත්ව සංරක්ෂණ ව්‍යාපෘති සඳහා අරමුදල් දායක කරනු ඇත.
මෙම වියාපෘතිය, අලියාන්ස් සමූහයේ ගෝලීය ‘පාරිසරික, සමාජීය සහ ආයතනික පාලන’ (ESG – Environmental, Social, and Governance) උපායමාර්ගයේ දේශීය ප්‍රකාශනයක් වේ. එම ගෝලීය උපායමාර්ගය, 2050 වන විට ශුද්ධ-ශුන්‍ය විමෝචනය (net-zero emissions) ළඟා කර ගැනීම, 2019 මට්ටම් හා සසඳන විට 2025 වන විට අභ්‍යන්තර විමෝචනය 70% කින් අඩු කිරීම, තිරසාර රක්ෂණ විසඳුම් ප්‍රවර්ධනය කිරීම, සහ දේශගුණයට ඔරොත්තුදෙන සහ සමාජ වගකීම් සහිත ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ වඩාත්ම ක්‍රියාකාරී සංරක්ෂණ සංවිධානය වන WNPS හි ප්‍රමුඛතම ව්‍යාපෘතියක් වන ‘PLANT’ වැඩසටහන, මූලික වශයෙන් මෙරට ආවේණික ජීව විශේෂයන්ගෙන් පොහොසත් නිරිතදිග ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින්; forest corridors නිර්මාණය, වාසස්ථාන ප්‍රතිස්ථාපනය සහ ප්‍රධාන ජෛව විවිධත්ව කේන්ද්‍රස්ථාන ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරයි. ‘PLANT’ වැඩසටහන මේ වන විට ස්ථාන 33ක ක්‍රියාත්මක වන අතර, වඳවී යාමේ තර්ජනයට ලක් වූ සහ දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක් වූ විශේෂ 125ක් ඇතුළුව ජීව විශේෂ 1250කට අධික සංඛ්‍යාවකට නිවහන සපයයි. තවද, එය මේ වන විටත් කිලෝමීටර් 25කට අධික Forest Corridors නිර්මාණය කිරීම ආරම්භ කර ඇත. අලි, දිවියන් සහ අනෙකුත් විශේෂයන්ගේ සංක්‍රමණය සඳහා අත්‍යවශ්‍ය, අර්ධ වශයෙන් හායනයට ලක් වූ අක්කර 24ක භූමියක් ආරක්ෂා කර ප්‍රතිස්ථාපනය කරන ‘බුදුන්වෙල වන ව්‍යාපෘතිය’ සහ වාසස්ථාන සම්බන්ධතාවය වැඩි දියුණු කරමින් මිනිස්-වනජීවී ගැටුම් අවම කිරීම සඳහා කඳුකර වතු ආශ්‍රිතව කිලෝමීටර් 20කට අධික Forest Corridors නිර්මාණය කිරීම, එහි ප්‍රමුඛ ව්‍යාපෘති අතර වේ.
අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඩ් හි ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ප්‍රශාන්ත් ග්‍රෝවර් මහතා මෙසේ අදහස් දැක්වීය:
“අලියාන්ස් හි අප විශ්වාස කරන්නේ ‘වඩාත්ම වටිනා දේ රැකගැනීම’ යන්න රක්ෂණයට එහා ගිය දෙයක් බවයි; එය අප සැමට පොදු අපගේ ග්‍රහලෝකය සහ අනාගතය සුරක්ෂිත කිරීමක්. අප තබන සෑම පියවරක්ම අපගේ පාරිභෝගිකයින්ට, ප්‍රජාවන්ට සහ අප අවට ලෝකයට වටිනාකමක් නිර්මාණය කිරීමේ අපගේ කැපවීම මත පදනම් වෙනවා. WNPS සහ ‘PLANT’ වැඩසටහන සමඟ ඇති අපගේ හවුල්කාරිත්වය තුළින්, ශ්‍රී ලංකාවේ ස්වාභාවික පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමට සහ අනාගත පරපුර වෙනුවෙන් එහි ජෛව විවිධත්වය සුරැකීමට අප අර්ථවත් ක්‍රියාමාර්ග ගන්නවා. ‘අපට ඇත්තේ එකම පෘථිවියක්’ පමණයි. එය ආරක්ෂා කිරීම යනු අපට වඩාත්ම වටිනා අයව ආරක්ෂා කිරීමේ තවත් එක් ක්‍රමයක්. එබැවින් මෙම කාර්යයට නායකත්වය දීමට ලැබීම ගැන අප ආඩම්බර වෙනවා.”
WNPS හි ‘PLANT’ වැඩසටහනේ සභාපති ශ්‍රියන් ද සිල්වා විජයරත්න මහතා මෙසේ අදහස් පළ කළේය:
“WNPS PLANT වැඩසටහන යනු ශ්‍රී ලංකාවේ ස්වභාවික පරිසර පද්ධති ප්‍රතිස්ථාපනය කිරීමටත්, අපගේ ආවේණික විශේෂ ආරක්ෂා කිරීමටත් ඇති ප්‍රගතිශීලී, විද්‍යාත්මක මඟ පෙන්වීමක් සහිත ප්‍රවේශයක්. අලියාන්ස් ලංකා සමඟ ඇති මෙවැනි සහයෝගීතාවයන්, මහා පරිමාණ සංරක්ෂණ ප්‍රයත්නයන් සඳහා වගකීම් සහගත ආයතනවලට ඉටු කළ හැකි අත්‍යවශ්‍ය භූමිකාව මනාව අවධාරණය කරනවා. සංරක්ෂණය යන්න ව්‍යාපාරයක මූලික හරයටම ඒකාබද්ධ කිරීම, පාරිභෝගික ප්‍රජාවන් අපගේ ස්වාභාවික පරිසර පද්ධතිවල භාරකරුවන් බවට පත් කළ හැකි ප්‍රබලතම ක්‍රමයයි. අලියාන්ස් ආයතනය, පාරිභෝගිකයාට කිසිදු අමතර පිරිවැයක් නොපටවා, දහස් ගණනක් පාරිභෝගිකයින් මෙම ගමනේ පාර්ශ්වකරුවන් බවට පත් කර තිබෙනවා. අලියාන්ස් කණ්ඩායමේ මෙම දැක්ම පිළිබඳව අප ඔවුන්ට ගැඹුරු කෘතඥතාව) පළ කරනවා. අප එක්ව, අපගේ පරිසරයේ දීර්ඝකාලීන තිරසාරභාවය සඳහා ආයෝජනය කරමින්, ජෛව විවිධත්වය සුරක්ෂිත කරමින්, පරිසර පද්ධති පුනර්ජීවනය කරමින්, මිනිසුන්ගේ සහ වනජීවීන්ගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කරනවා.”
අලියාන්ස් ලංකා කණ්ඩායම, එහි ප්‍රධාන විධායක නිලධාරී සහ දේශීය කළමනාකරු ප්‍රශාන්ත් ග්‍රෝවර්, ප්‍රධාන බෙදාහැරීමේ නිලධාරී රංග ඩයස් සහ වෙළඳපල කළමනාකරණ ප්‍රධානී, කසුන් යටවර යන මහත්වරුන්ගේ නායකත්වයෙන්, WNPS සහ PLANT නියෝජිතයින් වන ජෙහාන් කනගරෙත්න සහ ශ්‍රියන් ද සිල්වා විජයරත්න යන මහත්වරුන් වෙත සංකේතාත්මක පැළයක් පිරිනමන ලදී. මෙම අවස්ථාව කණ්ඩායම් දෙකේ සාමාජිකයින්ගේ සහ මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. අරමුදල් සැපයෙන කඳුකරයේ ‘Forest Corridor’ නිර්මාණ කටයුතු කිහිපයක් නොවැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිතය.
WNPS හි හිටපු සභාපති ජෙහාන් කනගරෙත්න මහතා අලියාන්ස් ලංකා වෙත සිය කෘතඥතාව පළ කරමින් මෙසේ පැවසීය:
“සංරක්ෂණය සහ සාමාන්‍ය පුරවැසි ප්‍රජාව අතර ඇති පරතරය පියවීමට ආයතනවලට කෙතරම් ප්‍රබල මැදිහත්වීමක් කළ හැකි ද යන්න අලියාන්ස් ලංකා ආයතනය මනාව පෙන්වා දෙනවා. WNPS සෑම විටම ශ්‍රී ලංකාවේ සංරක්ෂණය දෙස බැලුවේ දීර්ඝකාලීන දැක්මකින්. යම් කෙටිකාලීන ලාභයක් කැප කරමින්, මෙම සමාගම සංරක්ෂණ මුලපිරීම් සඳහා දීර්ඝකාලීන පදනමක් සපයා දෙනවා. ඒ වගේම, ආයතනික ක්‍රියාකාරකම් හුදු වරින් වර සිදු කරන ව්‍යාපෘති මට්ටමෙන් ඔබ්බට ගොස්, දීර්ඝකාලීන බලපෑමක් ඇති කරන ක්‍රියාමාර්ග දක්වා ගෙන ඒමට ඔවුන් සමත් වී තිබෙනවා. තවද, අලියාන්ස් ආයතනය WNPS හි සංකේතාත්මක ‘Loris’ සඟරාව (iconic WNPS Loris publication) සඳහා ද සහයෝගය දක්වමින්, ‘අප මීට වඩා හොඳින් ක්‍රියා කළ යුත්තේ ඇයි’ යන්නට ජීවමාන උදාහරණ ලෙස, සංරක්ෂණ සන්දර්භයන් ගණනක් ලොව පුරා බෙදා හැරීමට අවස්ථාව සලසා දෙනවා”.
මෙම හවුල්කාරිත්වය තුළින්, අලියාන්ස් ලංකා ආයතනය පාරිසරික භාරකාරත්වය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා වන සිය කැපවීම නැවතත් තහවුරු කරයි. තවද, අලියාන්ස් ටත්, අප සැමටත් ඇත්තේ එකම පෘථිවියක් බැවින්, එය ආරක්ෂා කිරීමට සිය පාරිභෝගිකයින් ද දිරිගැන්වීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

