මේ වෙසක් මාසයේ කිඹුල්පැටියාව ගම්වාසීන්ගේ ජීවිත සුවපත් කරවීමට AIA ඉන්ෂුවරන්ස් වෙතින් මහඟු දායාදයක්
මෙවර වෙසක් මාසයේ දී මෙරට ආයතනික සන්නාම අතරින් වඩාත් ගෞරවාන්විත මෙන්ම ජනතාව වඩාත් ආදරය කරන සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලද AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගම විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ, කිඹුල්පැටියාව ගම්වාසීන්ගේ සිහිනයක්ව පැවති ආරක්ෂිත මෙන්ම පිරිසිදු පානීය ජලය ලබා දෙමින් ඔවුනගේ ජීවිත සුවපත් කිරීමට හැකිවීම මහත් අභිමානයෙන් සමරයි. මනුෂ්‍ය ජීවිත, ජීවත් කරවීමට අත්‍යවශ්‍ය මූලිකම අවශ්‍යතාවයක් වන පිරිසිදු පානීය ජලය නොමැතිව සිටි මෙම ගම්වාසීන්ගේ පරිහරණය පිණිස ප්රතිආශ්රැතිකරණ ජල පෙරණයක් ලබා දීමට AIA ඉන්ෂුවරන්ස් නොබෝදා කටයුතු කරන ලදී. මෙම ව්‍යාපෘතිය ඔස්සේ සමාගමේ සන්නාම ප්‍රතිඥාවට අනුව ශ්‍රී ලාංකික ජනතාවට වඩාත් සුවපත්, සැපවත් දිගුකල් ජීවිත ගත කිරීමට සහාය වීමට ඇති කැපවීම මනාව පිළිබිඹු වේ.
ජලය යනු මෙලොව වටිනාම ස්වාභාවික සම්පතක් වන අතර, පිරිසුදු පානීය ජලය ජනතාවගේ සෞඛ්‍ය, සුභ සිද්ධිය සහ සෞභාග්‍යයේ ද පදනමයි. කිඹුල්පැටියාව ගම්මානයේ වෙසෙන පවුල් 300ක්, ආසන්න වශයෙන් ගම්වැසියන් 1500ක් මෙන්ම එහි ප්‍රාථමික විද්‍යාලයේ දූ දරුවන් 75කට, යම් දිනක පිරිසුදු පානීය ජලය ලබා ගැනීම කාලාන්තරයක් පුරාවට පැවති සිහිනයක් වුනා. ජීවිතය ජීවත් කරවීමට අත්‍යවශ්‍ය මෙම සම්පත නොමැති කමින් ඔවුන්ගේ ජන ජීවිතය අඩාල වී තිබුනා පමණක් නොව මෙරට වඩාත් වැදගත් ආගමික උත්සවයක් වන වෙසක් මංගල්‍යය පවා සැමරීමේ දී ඔවුනට බොහෝ දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වුනා. අනුරාධපුර පිහිටි ගම්මානයක ජීවත් වන ඔවුනට සම්බුදු තෙමඟුල යනු ඉතාමත් සුවිශේෂී උත්සවයක්. කෙසේ වෙතත් පිරිසුදු පානීය ජලය නොමැති කමින් සෞඛ්‍යමය හේතු මත වෙසක් සමයේ බහුලව සිදු කරන දන්සැලක්වත් හරියාකාරව ක්‍රියාත්මක කර ගැනීමට ඔවුනට නොහැකිවුණා. මේ වසරේ දී AIA ඉන්ෂුවරන්ස් විසින් ගමට ප්රතිආශ්රැතිකරණ ජල පෙරණයක් ලබා දීම හේතුවෙන් දෛනිකව ඔවුනගේ පිරිසුදු පානීය ජල අවශ්‍යතාවය සඳහා වූ සිහිනය සැබෑවක් වූවා පමණක් නොව ගම්වාසී ජනතාවට මෙවර වෙසක් උත්සවය වඩාත් සතුටින් සැමරීමටත් ඉඩ ලැබී තිබුනා.
පිරිසුදු පානීය ජලය යනු ජීවිතය ජීවත් කරලීමට මිනිසාට ලැබුන වටිනාම සම්පත වන අතර ජීවත්වීම සඳහා මිනිසාට අත්‍යවශ්‍ය වන මූලික අවශ්‍යතාවයන්ගෙන් එකකි. AIA ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන අලෙවි නිලධාරී වන සසිත් බඹරදෙණිය මහතා සිය අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ ” අපගේ මූලික අරමුණ වූයේ කිඹුල්පැටියාව ගම්වාසීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කර නගා සිටුවීමයි. ඒ ඔස්සේ ඔවුන්ගේ සෞඛ්‍ය සම්පන්න බව සහ සුබසිද්ධිය පොදුවේ ඉහළ නැංවීමටත්, මෙවර වෙසක් උත්සවය ගෞරවාන්විතව මෙන්ම සතුටෙන් සැමරීමට ඔවුනට සහාය වීමටත් අපට හැකි වුනා. මෙම කර්තව්‍ය සුවපත්, සැපවත්, දිගුකල් ජීවිතයක් ලඟා කරගැනීමට ජනතාවට සහාය වීම යන AIA හි සන්නාම ප්‍රතිඥාවට අනුව මනාව ගැලපෙන බවයි මම සිතන්නේ. මෙම නවතම ප්රතිආශ්රැතිකරණ ජල පෙරණ ව්‍යාපෘතිය ඔස්සේ, අප සේවය කරන ජන සමාජය වෙත තිරසාර විසඳුම් ලබාදීම වෙනුවෙන් AIA හි කැපවීම මනාව පිළිබිඹු වන අතර කිඹුල්පැටියාව ගමේ දැනට වාසය කරන මෙන්ම අනාගත පරපුරටත් එහි ප්රතිලාභ අත්විඳීමට හැකිවනු ඇතිබව මගේ විශ්වාසයයි.”
“මෙම ව්‍යාපෘතියේ ප්‍රතිපලයක් ලෙස ගමේ ජනතාවට මහත් අස්වැසිල්ලක් ලැබී තිබෙනවා. පිරිසුදු පානීය ජලය ලැබී තිබෙන නිසා මෙවර ප්‍රථම වරට සෞඛ්‍යාරක්ෂිතව දන්සැලක් දීලා මෙවර වෙසක් උත්සවය හොඳින් සමරන්න අපට හැකියාව ලැබී තිබෙනවා. මෙය අපේ ගමේ වාසය කරන ලොකු කුඩා හැමදෙනාටම ලැබුන විශාල දායාදයක් වගේම වසර ගණනාවක සිට දකිමින් සිටි සිහිනයක සැබෑ වීමක්” යැයි කිඹුල්පැටියාව එක්සත් සුබ සාධක සමිතියේ සභාපති ජී. එන්. ගුණසේකර මහතා කියා සිටියේය.
කිඹුල්පැටියාව ග්‍රාමය අයත් වෙන, හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ප්‍රාදේශීය ලේකම් තුමිය වන එම්. කේ. ජී. මොරවක මහත්මිය කියා සිටියේ “හොරොව්පොතාන ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාසයේ අංක 154 දෙමටවැව ග්‍රාම නිලධාරි වසමට අයත් කිඹුල්පැටියාව ග්‍රාමයේ සිටින ජනතාවට වෙසක් උත්සවය සමරන්න පමණක් නොවෙයි ඔවුන්ගේ එදිනෙදා ජීවිතය සෞඛ්‍යසම්පන්න අයුරින් ගත කරන්න පිරිසිඳු පානීය ජලය අත්‍යවශ්‍ය වී තිබුණා. පසුගිය වකවානුව තුල මෙම ගම්මානයේ වකුගඩු රෝගීන් වාර්තාවීමත් සමගම පිරිසිදු ජලයේ අවශ්‍යතාවය තදින්ම දැනෙන්න උනා. ඒ අවශ්‍යතාවය සපුරමින් ගමේ සැම දෙනාටම මෙන්ම විශේෂයෙන් මේ ගමේ දරුවන්ට මෙතැන් පටන් ලැබෙන පානීය ජලය පිරිසිඳු සහ ආරක්ෂිත බැවින් ලෙඩදුක් වලින් තොරව ජීවත් වීමේ වාසනාව උදා වී තිබෙනවා. ඔවුන්ගේ ජීවිතවල ගුණාත්මක බව වෙනස් කිරීම සඳහා ලබාදුන් දායකත්වයට, AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමට අපි සියලු දෙනා හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.”
කිඹුල්පැටියාව ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති එස්. නීල් දිසානායක මහතා කියා සිටියේ “මෙම නවතම ප්රතිආශ්රැතිකරණ ජල පෙරණ ව්‍යාපෘතිය ඔස්සේ වැඩියෙන්ම ප්රතිලාභ ලබන්නේ මේ ගමේ පාසල් දරුවන්. මෙරට අනාගතය බාර ගන්න සිටින දරු පරපුරේ සෞඛ්‍යසම්පන්න බව ඉතා වැදගත් කරුණක් කියලයි මගේ අදහස. දැන් ඔවුනට පානීය ජලය තිබෙන නිසා ලෙඩදුක් අඩු වී පාසලට පැමිණීම වැඩිවෙයි කියා මම අපේක්ෂා කරනවා. මේ ව්‍යාපෘතිය කිඹුල්පැටියාව ගමේ ජනතාවගේ ඉදිරි ගමනට ලැබුන මහඟු දායාදයක්” මේ වසරේ කිඹුල්පැටියාව ගම්වාසීන්ට වෙසක් උත්සවය සෞඛ්‍යාරක්ෂිතව සිතේ සැනසීමෙන් සැමරීමට හැකියාව ලැබුනේ පිරිසුදු පානීය ජලය සඳහා ඔවුන් ලද ප්රවේශයත් සමඟ වන අතර ඔවුනට ඒ සහනය ලබාදීමට හැකිවීම පිළිබඳව AIA ඉන්ෂුවරන්ස් ලංකා සමාගමෙහි අපට ඇත්තේ නිහතමාහී ආඩම්බරයක්.