Agro Green Harvest Cultivation සමාගම Platinum Excellence සම්මාන දිනයි
ශ්‍රී ලංකාවේ තිරසාර කෘෂිකර්මාන්තය, ග්‍රාමීය සංවර්ධනය, ආහාර සුරක්ෂිතතාව සහ නවීන කෘෂිකාර්මික නවෝත්පාදන ක්ෂේත්‍රයට කළ විශිෂ්ට දායකත්වය වෙනුවෙන් Agro Green Harvest Cultivation පෞද්ගලික සමාගම Platinum Excellence Awards 2026 සම්මාන උළෙලේදී Platinum Excellence in Agricultural Impact & Rural Development සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල Cinnamon Life හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යවසායකයෝ, ව්‍යාපාරික නායකයෝ සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තිකයෝ රැසක් ඒ සඳහා එක් වී සිටියහ. ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීන තාක්ෂණය සහ තිරසාර වගා ක්‍රමවේද ඔස්සේ පරිවර්තනය කිරීමේ දැක්මක් සහිතව ආරම්භ කළ Agro Green Harvest Cultivation සමාගම වර්තමානයේදී කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ වේගයෙන් වර්ධනය වන ආයතනයක් ලෙස ප්‍රසිද්ධියට පත් වී තිබේ. ජාතික ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම, රැකියා අවස්ථා බිහි කිරීම සහ දිගු කාලීන ආර්ථික වර්ධනයට දායක වන ඉහළ වටිනාකමකින් යුත් කෘෂිකාර්මික ව්‍යාපෘති සංවර්ධනය කිරීම සමාගමේ ප්‍රධාන අරමුණයි.
සමාගම පොල් ලෙලි චිප්ස් නිෂ්පාදනය, ධාන්‍ය භෝග වගාව, කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය, නවීන කෘෂිකර්ම පද්ධති, පශු සම්පත් ව්‍යාපාර සහ ඒකාබද්ධ කෘෂිකාර්මික සංවර්ධන ව්‍යාපෘති ඇතුළු විවිධ ක්ෂේත්‍රවල ක්‍රියාත්මක වේ. සමාගම ශ්‍රී ලංකාවේ උසස් තත්ත්වයේ පලතුරු, එළවළු සහ කුළුබඩු ජාත්‍යන්තර වෙළෙඳපොළට අපනයනය කරමින් ශ්‍රී ලාංකීය කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ගෝලීය වෙළෙඳපොළ තුළ නව අවස්ථා නිර්මාණය කරයි. පරිසර හිතකාමී වගා ක්‍රම, වගකීම් සහගත භූමි කළමනාකරණය සහ නවීන කෘෂිකාර්මික තාක්ෂණය සඳහා අඛණ්ඩව ආයෝජනය කරන සමාගම ගොවීන්, ප්‍රාදේශීය ප්‍රජාව, ආයෝජකයන් සහ සංවර්ධන හවුල්කරුවන් සමඟ සමීපව කටයුතු කරමින් ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරන තිරසාර කෘෂිකාර්මික ආකෘති රැසක් සාර්ථකව ක්‍රියාත්මක කර තිබේ. නවෝත්පාදන, යාන්ත්‍රිකකරණය සහ තාක්ෂණික දියුණුව ඔස්සේ ගොවීන් සවිබල ගැන්වීම සමාගමේ මෙහෙවර වන අතර ශ්‍රී ලාංකීය ගොවීන් ගෝලීය ආහාර නිෂ්පාදන නායකයන් බවට පත් කිරීම එහි දිගු කාලීන දැක්මයි. එමෙන්ම නවීන හා තිරසාර කෘෂිකාර්මික ක්‍රමවේද හරහා ගෝලීය ආහාර සුරක්ෂිතතාවට දායක වීමට සමාගම අපේක්ෂා කරයි. පළපුරුදු කළමනාකරණ කණ්ඩායමක් මෙහෙයවන Agro Green Harvest Cultivation සමාගම වැවිලි සහ සංචාරක ක්ෂේත්‍රවල පුළුල් අත්දැකීම් සහිත එහි කළමනාකරණ අධ්‍යක්ෂවරයාගේ නායකත්වය යටතේ තිරසාර සංවර්ධනය, ප්‍රජා සවිබල ගැන්වීම සහ ජාතික ආර්ථිකයට වටිනාකමක් එක් කිරීම අරමුණු කර ගනිමින් සිය කෘෂිකාර්මික ව්‍යාපෘති තව දුරටත් පුළුල් කරමින් සිටී. කෘෂිකාර්මික ව්‍යාපාරයට අමතරව ඔවුන් Exodus Travel and Tours සමාගමද මෙහෙයවන අතර කෘෂිකර්මාන්තය සහ සංචාරක කර්මාන්තය ඒකාබද්ධ කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට දායක වන විවිධාංගීකෘත ව්‍යාපාර ආකෘතියක් ගොඩ නඟා ඇත. මෙවර හිමි වූ Platinum Excellence සම්මානය Agro Green Harvest Cultivation සමාගමේ ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයක් වන අතර ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තව දුරටත් ශක්තිමත් කිරීම, ගොවීන්ගේ ජීවනෝපාය නැංවීම සහ ජාතික ආර්ථිකයට දිගු කාලීන වටිනාකමක් එක් කිරීම වෙනුවෙන් සමාගම දරන කැපවීම නැවතත් තහවුරු කරයි.

