September 12, 2025
Salesforce වෙතින් මිල ප්‍රකාශ සඳහා වැය වන කාලය 75% කින් අවම කරන ‘Agentforce for Revenue’
පුවත්

Salesforce වෙතින් මිල ප්‍රකාශ සඳහා වැය වන කාලය 75% කින් අවම කරන ‘Agentforce for Revenue’

Aug 27, 2025

Salesforce විසින් එහි නවතම Revenue Cloud තුළට අන්තර්ගත කර ඇති විසඳුමක් වශයෙන් Agentforce for Revenue හඳුන්වා දී ඇත. මෙමගින් මිල ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ගත වන කාලය 75% කින් අඩු වන අතර, විකුණුම් අංශවල සේවකයන් විසින් සිදු කළ යුතු ක්ලික් කිරීම් සංඛ්‍යාව 87% කින් අඩු වේ. මෙය මිල ප්‍රකාශ ඉදිරිපත් කිරීම, පසු විපරම් ක්‍රියාවලිය සහ දත්ත ඇතුළත් කිරීම සඳහා ඩිජිටල් ශ්‍රමය හඳුන්වා දීමක් වන අතර, එමගින් විකුණුම් නියෝජිතයන්ට පාරිභෝගික සම්බන්ධතා සහ ගනුදෙනු සඳහා වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව හිමි වේ.  

Agentforce භාවිතා කරන සමාගම්වලට, තම අවශ්‍යතාව විස්තර කිරීම මගින් තත්පර ගණනක් ඇතුළත එම අවශ්‍යතාවට ගැළපෙන නිවැරදි මිල ප්‍රකාශ නිර්මාණය කළ හැක. උදාහරණයක් ලෙස “Quote 25 licenses with a 10% discount” වැනි විධානයක් ලබාදුන් විට පද්ධතිය මගින් ක්ෂණිකව ඊට අදාළ නිෂ්පාදන, මිලගණන් සහ කොන්දේසි ආදිය හඳුනා ගෙන අදාළ මිල ප්‍රකාශය ක්ෂණිකව නිර්මාණය කරයි.

මිල ප්‍රකාශ ජනනය කිරීමට අමතරව, පෙළ අයිතම දහසකට වඩා ඇති සංකීර්ණ ගනුදෙනු සඳහාද Revenue Cloud හි වැඩිදියුණු කළ Product Configurator භාවිතා කළ හැකි වේ. එහිදී එය Constraint-based logic engine එකක් භාවිතයෙන් ක්ෂණිකව ලබාදෙන උපදෙස් ඔස්සේ විකුණුම් නියෝජිතයන්ට අදාළ ක්‍රියාවලිය සඳහා පූර්ණ මගපෙන්වීමක් ලබාදෙනු ලබයි.

AdMed, Inc. වැනි සමාගම් දැනටමත් ගනුදෙනු වේගවත් කරමින් තම ව්‍යාපාර කටයුතු වර්ධනය කරගැනීම සඳහා නියමු මට්ටමින් මෙම තාක්ෂණය භාවිතා කරමින් සිටී. API-first සැකැස්මක් භාවිතා කරන Revenue Cloud ඉතාමත් පහසුවෙන් අනෙකුත් නාලිකා සමග සම්බන්ධ වෙමින්, Salesforce Trust Layer හරහා අනුකූලතාව සහ ආරක්ෂාව සහතික කරන අතරම ව්‍යාපාරවලට ස්වයංක්‍රීයකරණය වේගවත් කිරීමට උපකාරී වෙයි.

Salesforce’s Summer ’25 හඳුන්වා දීම් මාලාව යටතේ දැන් ලබාගත හැකි Revenue Cloud, විකුණුම් හා අලෙවි කටයුතු වඩාත් කඩිනම්, සුහුරු හා නිවැරදි ලෙස මහා පරිමාණයෙන් සිදුකරමින් Salesforce CPQ හි කාර්යක්ෂමතාව වැඩි කරන සුවිශේෂී විසඳුමක් ලෙස හැඳින්විය හැකි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close