June 2, 2025
විශිෂ්ට බැංකුකරුවකු වන දමිත්පල්ලෙවත්ත මහතා Acuity Partnersහි සභාපතිවරයා ලෙස පත්වෙයි
පුවත් නායකයෝ

විශිෂ්ට බැංකුකරුවකු වන දමිත්පල්ලෙවත්ත මහතා Acuity Partnersහි සභාපතිවරයා ලෙස පත්වෙයි

May 22, 2024

Acuity Partners හි සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. මීට පෙර එහි සභාපති ධූරය දරනු ලැබුවේ DFCC බැංකුවේ තිමල් පෙරේරා මහතා වන අතර වසර 2ක කාලයක් (2022 – 2024) ඔහු එම ධූරයෙහි සාර්ථකව කටයුතු කළේය. පල්ලෙවත්ත මහතා Acuity Partners හි සභාපතිවරයා ලෙස පත්වන්නේ තිමල් පෙරේරා මහතාගේ ඉවත් වීමෙන් පසුවයි.

බැංකු ක්ෂේත්‍රයේ වසර 28කට වැඩි අත්දැකීම් සහිත පල්ලෙවත්ත මහතා වසර 14කට වැඩි කාලයක් ජ්‍යෙෂ්ඨ ආයතනික කළමනාකරණ තනතුරු දරා ඇත.

දැනට හැටන් නැෂනල් බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරන පල්ලෙවත්ත මහතා ඊට පෙර එහි Wholesale Banking Group නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කරනු ලැබීය. එහිදී විශාල/නැගී එන ආයතන, ව්‍යාපෘති මූල්‍ය, බැංකුකරණ ගනුදෙනු, වෙළෙඳ මූල්‍ය, මූල්‍ය ආයතන, භාරකාර හා භාරකාර සේවා සහ ඉස්ලාමීය බැංකුකරණ ඇතුළු ප්‍රධාන ව්‍යාපාරික අංශ අධීක්ෂණය කිරීමට පල්ලෙවත්ත මහතා කටයුතු කළේය. එසේම හැටන් නැෂනල් බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අවදානම්/ප්‍රධාන අවදානම් නිලධාරී, ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී යන තනතුරුවලද ඒ මහතා කටයුතු කර ඇත.

මෙම පත්වීම පිළිබඳව අදහස් දැක්වූ Acuity Partners හි කළමනාකරණ අධ්‍යක්ෂ රේ අබේවර්ධන මහතා සඳහන් කර සිටියේ “අපගේ නව සභාපතිවරයා ලෙස දමිත් පල්ලෙවත්ත මහතා පත් කිරීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. අපගේ සේවාවන් තව තවත් පුළුල් කරන විට ඔහු සතු බැංකුකරණ, අවදානම් කළමනාකරණ සහ මූල්‍ය සැලසුම්කරණ යනාදී ක්ෂේත්‍රයන් පිළිබඳ දැනුම සහ නායකත්ව හැකියාවන් සුවිසල් ආයෝජනයක් වනු ඇතැයි අපි විශ්වාස කරනවා’‘ යනුවෙනි.

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා DFCC හි සභාපතිවරයා ලෙස වසර 2ක කාලයක් කටයුතු කරමින් ශ්‍රී ලාංකේය ආර්ථිකයේ අභියෝගාත්මක අවධියේදී DFCC බැංකුවට ස්ථාවර නායකත්වයක් ලබා දීමට කටයුතු කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හිමිකර ගෙන ඇති පල්ලෙවත්ත මහතා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ London School of Economics හි කළමනාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධියකටද හිමිකම් කියයි. එසේම ගෝලීය අවදානම් වෘත්තිකයන්ගේ සංගමය විසින් පිළිගත් මූල්‍ය අවදානම් කළමනාකරු ලෙස කටයුතු කර ඇති ඒ මහතා  GARP විසින් තිරසාර හා කාලගුණික අවදානම් සහතිකයක් හිමිකරගෙන ඇත.

බැංකු ක්ෂේත්‍රය හා කළමනාකරණ භූමිකාවන්හි පල්ලේවත්ත මහතා සතු අත්දැකීම් හා පළපුරුද්ද සමඟින් Acuity Partners හි සමස්ත උපාය මාර්ගික මඟ පෙන්වීම් හා අධීක්ෂණ කටයුතු ඉතා හොඳින් සිදු කරමින් සිය ගනුදෙනුකරුවන් සහ පාර්ශවකරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමේ අවස්ථාව Acuity Partners වෙත උදා කර දෙනු ඇත.

3 Comments

  • Thanks for sharing excellent informations. Your web-site is so cool. I’m impressed by the details that you?¦ve on this website. It reveals how nicely you understand this subject. Bookmarked this web page, will come back for more articles. You, my pal, ROCK! I found simply the info I already searched everywhere and simply couldn’t come across. What an ideal site.

  • We absolutely love your blog and find almost all of your post’s to be what precisely I’m looking for. Would you offer guest writers to write content to suit your needs? I wouldn’t mind composing a post or elaborating on most of the subjects you write related to here. Again, awesome website!

  • There are actually a lot of details like that to take into consideration. That may be a nice point to bring up. I supply the ideas above as normal inspiration however clearly there are questions just like the one you deliver up where crucial thing will probably be working in sincere good faith. I don?t know if greatest practices have emerged round things like that, however I am positive that your job is clearly recognized as a good game. Both girls and boys feel the impact of only a moment’s pleasure, for the remainder of their lives.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close