August 24, 2026
ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයයි: BYD ගාල්ල 3S ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි
පුවත්

ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය අප ලැබූ විශිෂ්ටතම ජයග්‍රහණයයි: BYD ගාල්ල 3S ප්‍රදර්ශනාගාරය වාහන බෙදා හැරීම් සහ සේවා වාර 1000ක් සම්පූර්ණ කරයි

Aug 24, 2026

BYDසහ එහි ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදා හරින ආයතනය වන John Keells CG Auto, BYD ගාල්ල 3S ප්‍රදර්ශනාගාරය හරහා වාහන බෙදා හැරීම් 1,000ක් සහ සේවා වාර 1,000ක් සාර්ථකව සම්පූර්ණ කිරීමේ සුවිශේෂී කඩඉම පසුගියදා සනිටුහන් කළේය. පාරිභෝගිකයින් BYD සන්නාමය කෙරෙහි තැබූ විශ්වාසය සහ ගොඩනගාගත් ශක්තිමත් සබඳතාවය මෙම සුවිශේෂී සන්ධිස්ථානයට මූලික පදනම විය. තවද මෙය BYD වාහන හිමිකරුවන්ට අසමසම වාහන හිමිකාරීත්ව අත්දැකීමක් ලබා දීමට සමාගමේ ඇති කැපවීම තවදුරටත් තහවුරු කරයි. ශ්‍රී ලංකාව තුළ BYD සන්නාමයේ වේගවත් වර්ධනයත් සමඟම, අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සහ විශ්වාසනීය සහායක් ලබාදෙමින්, ඔබේ වාහන හිමිකාරීත්වයේ සෑම පියවරකදීම ඔබ ළඟින්ම රැඳී සිටීමට අප සැමවිටම කැපවී සිටින්නෙමු.                                                                                                                                                                                                                                                                                                                                                                                                                  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close