February 24, 2026
ඇඟලුම් කර්මාන්තයේ උන්නතිය කාන්තාවන්ගේ කැපවීමයි
පුවත්

ඇඟලුම් කර්මාන්තයේ උන්නතිය කාන්තාවන්ගේ කැපවීමයි

Mar 10, 2025

ශ්‍රී ලාංකේය කර්මාන්ත ක්ෂේත්‍රයේ හදවත බඳු ඇඟලුම් කර්මාන්තය ලොව පුරා විසිරුණු පාරිභෝගිකයින් වෙනුවෙන් නිමි ඇඳුම් නිෂ්පාදනය කරමින් රටේ ආර්ථිකය සවිමත් කිරීම උදෙසා නිහඬ සේවාවක් සිදු කරමින් සිටියි. මෙම විප්ලවීය සේවාව තුළ ඇත්තේ ශ්‍රේෂ්ඨ චරිත හෝ ආකර්ෂණීය ජීවිත කතාවන් නොව සම්ප්‍රදාය අභිබවා සම්මතයට අභියෝග කරමින්, බාධක ජයගනිමින් සාර්ථකත්වය හඹා යාම වෙනුවෙන් වෙහෙසුන කණ්ඩායමක ශක්තියයි. ඔවුන්ගේ කැපවීමයි.

ඒ අන් කිසිවකුත් නොව මෙරට කාන්තාවයි. කර්මාන්තයේ සාර්ථකත්වය වෙනුවෙන් අධිෂ්ඨානයෙන් යුතුව කැපවෙමින් ජීවිතය වියන්නට වෙර දරන ඔවුන් ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තය තුලින් ලොව පුරා පාරිභෝගිකයින්ගේ නොමඳ ගෞරවයට පත්ව ඇති බව රහසක් නොවේ. මේ මෙරට ඇඟලුම් කර්මාන්තයේ පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් කැපවුණු එවන් කාන්තාවන් කිහිප දෙනෙකි.

බාධක ජය ගනිමින් සාර්ථකත්වය හඹා ගිය උපේක්ෂා මධුමාලි පෙරේරා

2018 වසරේදී MAS Intimates තුරුලිය ආයතනයේ පරීක්ෂකවරියක් (Checker) ලෙස උපේක්ෂා ඇඟලුම් කර්මාන්තයට පිවිසෙන්නේ කර්මාන්තය පිළිබඳ කිසිඳු අත්දැකීමක් නොමැතිවය. එහෙත් දිනෙන් දින ඒ තුළින් අත්දැකීම් ලැබූ ඇය සාර්ථකත්වයේ මාවත ඉගෙනීම බව අවබෝධ කර ගැනීමට සමත් වූවාය. එතැන් සිට ඇය රැකියාව තුළින් බොහෝ දේ ඉගෙන ගනිමින් රැකියාව තුළින්ම ඉදිරියට එන්නට සමත් වූයේ 2024 වසර වන විට වැඩබලන නිෂ්පාදන විධායකවරියක් (Acting Value Stream Executive) බවට පත් වෙමිනි. එහිදී නිෂ්පාදන පේළි 6කට නායකත්වය දෙමින් තමන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් තමන්ගේ කැපවීමේ හා අධිෂ්ඨානයේ ශක්තිය ප්‍රදර්ශනය කිරීමට සමත් විය.

අන් නායකයින් මෙන් ඈත සිට අණ දීමට කටයුතු නොකළ ඇය තමන්ගේ කණ්ඩායම් සමඟ එක්ව කටයුතු කරමින් අවවාදයට වඩා ආදර්ශය උතුම් බව ක්‍රියාවෙන් පෙන්වා දුන්නේ අන් අයගේ ගෞරවය මෙන්ම විශ්වාසයද තමන් සතු කර ගනිමිනි. තමන්ගේ කණ්ඩායමේ සාමාජිකයින්ට වඩා වයසින් අඩු වුවද එකමුතුබව, නිර්මාණශීලීත්වය හා වගකීම සෑම කෙනෙක් අතරම බෙදා දෙන්නට කටයුතු කළාය. ගැටලු විසඳීමට හෝ නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට පමණක් සීමා නොවූ ඇය තම ආයතනය මෙන්ම තමන්ගේ කණ්ඩායම් සාමාජිකාවන් වෙනුවෙන් ද නිරන්තරයෙන් පෙනී සිටියාය.

යහමින් මුදල් හදල් නොතිබූ පවුලකින් ඇඟලුම් කර්මාන්තයට එක් වුණු උපේක්ෂා නිරන්තරයෙන් තමන්ගේ පවුලේ දියුණුව පිළිබඳව කල්පනා කළාය. ඇගේ සාර්ථකත්වය නිසාම තමන්ගේ පියාගේ විශ්‍රාම දිවිය සුවසේ ගත කරන්නට මඟ පෑදු, තම පවුලේ හා වෘත්තීය ප්‍රගතියේ සාක්ෂියක් වශයෙන් ඇය 2023 දී ‘වසරේ සවිබලගැන්වූ කාන්තාව’ (Empowered Woman of the Year) ලෙස සම්මාන දිනා ගැනීමටද සමත් විය. එමෙන්ම ‘අනාගත කාන්තා නායකත්ව වැඩසටහන’ සඳහාද තේරි පත් වීමටද ඇයට හැකි විය.

‘කාන්තා නායකත්වය ඇඟලුම් කර්මාන්තයේ අනාගතය’ බව තරයේ විශ්වාස කරන උපේක්ෂාගේ බලාපොරොත්තුව වන්නේ තමන්ගේ මඟ පෙන්වීම තුළින් හෙට දවසේ කාන්තාවන් බාධක ජය ගනිමින් සාර්ථකත්වය කරා යාමට දිරිමත් කිරීමයි.

අරමුණු සහගත නායකත්වයක් තුළින් සාර්ථකත්වය හඹා ගිය ඔමේෂා සමරක්කොඩි

වසර ගණනාවක් තිස්සේ සමාජ සම්මතයන්ට එරෙහිව සටන් කරමින් සිය හදවත තුළ ජනිත වූ සිහිනය සිහින සැබෑ කර ගැනීමට සමත් වූ ඔමේෂා House of Intimates හි නිර්මාතෘවරියයි. ඒ තුලින් කාන්තාවන්ට ඉහළට පැමිණීමට සුදුසුකම් ඇති බව පමණක් නොව සැඟවී ඇති අසාමාන්‍ය දේ සිදු කිරීමට හැකියාව ඇති බවයි.

2016 වසරේදී තම පියාගේ උදව්වවෙන් තමන්ගේම අදහසක් සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගත් ඔමේෂාගේ සාර්කත්වය පහසුවෙන් අත්කර ගත්තක් නොවීය. සමාජයේ මුල් බැසගත් අදහස් හා මූල්‍ය දුෂ්කරතා ඇයට මහත් අභියෝගයක් විය. එහෙත් ඒවායින් අධෛර්යමත් නොවී නොබියව අභියෝගයන්ට මුහුණ දෙමින් තම ශක්තිමත් බව හා සාර්ථකත්වය හඹා යාමේ අධිෂ්ඨානය ඔප්පු කිරීමට ඇය සමත් විය. විශේෂයෙන් වසංගත සමයේදී ඇය මුහුණ දුන් අභියෝගයන් ඊට උදාහරණ සපයනු ඇත.

ඒ කාලය තුල මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් ව්‍යාපාරය කඩා වැටීමේ අවධානමකට ලක් වූ අවස්ථාවේදී ඇයගේ නායකත්වය විදහා දක්වමින් ව්‍යාපාරය අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් වූ ඇය අභියෝග හමුවේ නොසැලෙන හැකියාව ප්‍රදර්ශනය කළාය.

“කාන්තාවන් කියන්නේ යම් දෙයකට දායක වන්නන් පමණක් නෙවෙයි. ඔවුන් නායකයින් ලෙස සැලකිය යුතුයි.” ඒ ඔමේෂාගේ අදහසයි. වර්තමානය වන විට ව්‍යාපාරයක් ගොඩනැගීමට වඩා වැඩි දෙයක් සිදු කිරීමේ අපේක්ෂාවෙන් පසුවන ඇය සමාජ සම්මතයන් බිඳ දමමින් සෑම ක්ෂේත්‍රයකම කාන්තාවන්ට නායකත්වය හිමි කර ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දීමට නිරන්තරයෙන් කැපවී සිටියි.

හෙට දවසේ නායකයින්ට අවශ්‍ය ශක්තිය ලබා දෙන නදීශා බණ්ඩාර

නදීෂා බණ්ඩාරට අනුව සාර්ථකත්වය යනු පෞද්ගලික සාර්ථකත්වය පමණක් නොව තමන්ව අනුගමනය කරන අන් සියලු දෙනාගේ සාර්ථකත්වයට අවැසි අවස්ථාවන් නිර්මාණය කිරීමයි. Brandix හි අලෙවි සාමාන්‍යාධිකාරිය වන ඇය Calvin Klein, NIKE සහ Tommy Hilfiger ඔදපපහ ්‍යසකසෙටැර වැනි දැවැන්ත වෙළෙඳනාම සඳහා ගෝලීය ගිණුම් කළමනාකරණය කිරීම සිදු කරයි. නිර්මාණ ආධුනිකයකු සිට ව්‍යාපාර නායිකාවක දක්වා ලෙස නදීෂා අත් කරගත් සාර්ථකත්වයට හේතු වූයේ ලිංග භේදය මත නොව දක්ෂතාව මත තීරණාත්මක අධිෂ්ඨානය, කැපවීම හා නායකත්වය තීරණය විය යුතු බවට ඈ තුළ තිබූ විශ්වාසයයි.

තමන්ගේ පුද්ගලික සාර්ථකත්වයෙන් පමණක් සෑහීමකට පත් නොවූ ඇය අනාගත නායකයින්ට අවශ්‍ය මඟ පෙන්වමින් සමානාත්මතාව ඉහළ නංවන ප්‍රතිපත්ති පිළිබඳව හඬක් නැගීමට ද කටයුතු කළාය. ඒ තුළින් කාන්තාවන්ට ඔවුන්ගේ අවස්ථා ලබා දීම සහතික කරන ඇය “සැබෑ සාර්ථකත්වය වන්නේ කර්මාන්තය මෙහෙයවීමේ දක්ෂතාව තුළින් පිළිබිඹු වන නායකත්ව සාර්ථකත්වයට හේතුවයි ” යනුවෙන් පවසයි. එසේම විවිධත්වය, කාන්තා නායකත්වය ඇඟලුම් කර්මාන්තයේ අනාගත සාර්ථකත්වයේ පියවර බව ඇය තදින්ම විශ්වාස කරයි.

සිහිනය යථාර්තයක් කළ රේණුකා ගලහිටියාව

ගැටලුවක් නිරාකරණය කර ගැනීමේ සැබෑ අවශ්‍යතාවයකින් සිටි රේණුකාට කිසි විටෙක ව්‍යවසායිකාවක් වීමේ බලාපොරොත්තුවක් නොතිබිණ. මහන මැෂින් 2කින් නිවසේදී ඇඳුම් මැසීමට පටන් ගත් ඇය, ඇගේ කුඩා මැහුම් ව්‍යාපාරය Nishara Export & Import (Pvt) Ltd බවට පත් කළාය. අපනයනය ශක්තිමත් කරන එය කාන්තාවන් සිය ගණනකගේ ජීවිත නගා සිටුවීමේ සාර්ථක ඇඳුම් ව්‍යාපාරයක් බවට අද පත්ව ඇත.

ඇඳුම් නිර්මාණය සඳහා නිසි පුහුණුවක් නොමැතිව තමන් වෙත පැමිණි සුවිසල් අභියෝග නොසැලෙන අධිෂ්ඨානයෙන් යුතුව ජය ගත් රේණුකා ව්‍යාපාරය තුලින් සියලු දේ ඉගෙන ගනිමින් ඉදිරියට ගියාය. බොහෝ දෙනෙකුගේ ව්‍යාපාර කඩා වැටීමට හේතු වූ බාධක ජයගත් ඇගේ රහස අන් කිසිවක් නොව කිසි විටෙක අධිෂ්ඨානය අත් නොහැරීමයි.

අද වන විට රේණුකාගේ ව්‍යාපාරය සේවය කරන පිරිසෙන් 97%ක් කාන්තාවන්ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් අද වන විට ස්ථාවර රැකියා සහ වෘත්තීය අවස්ථා හරහා තමන්ගේ ජීවිත සාර්ථකත්වයට පත් කර ගැනීමටද සමත්ව සිටියි. ඇගේ ව්‍යාපාරයේ වත්මන් සහායක නිෂ්පාදන කළමනාකරු මීට පෙර කර්මාන්තශාලාවක සහායකයෙක් ලෙස කටයුතු කළ අයෙක් වන අතර එය කාන්තාවන්ට නැගී සිටීමට, වර්ධනයට හා නායකත්වය හෙබවීමට රේණුකා ලබා දී ඇති අවස්ථාවන්හි සුවිශේෂී නිදසුනක් ලෙසද පෙන්වා දිය හැකිය.

“අසාර්ථක වීම් මා දිරිමත් කළා. මා සමඟ සිටි කාන්තාවන් ඉදිරියට යාම වෙනුවෙන් මා පෙළඹවීමට ලක් කළා” රේණුකා පවසයි. රේණුකාගේ මේ සාර්ථක ගමනේ ශක්තිය වන්නේ ඇය තුළ තිබූ නොසැලෙන ආත්ම විශ්වාසයයි. කාන්තා ව්‍යවසායකයින් වෙත අරමුදල් හා පුහුණුව ලබා දෙන ජාතික වැඩසටහන් පිළිබඳව නිරන්තරයෙන් හඬ නගන ඇය කාන්තාවන් පෙරමුණ ගැනීම තුලින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දියුණුවට පත් වනු ඇතැයි විශ්වාසය පලකර සිටියි.

නිගමනය – ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයේ නව පරිච්ඡේදයක්

ඉහත දැක්වූ උපේක්ෂා, ඔමේෂා, නදීකා හා රේණුකාගේ ජීවිත කතාවන් සාමාන්‍ය කඩයිම්වලට එහා ගිය විශිෂ්ටත්වයන්ය. ඔවුන් අද වන විට ව්‍යාපාරයන්හි ප්‍රධාන සාධකයන් බවට පත්ව සිටිති. ක්ෂේත්‍රයේ පෙරමුණ ගෙන සිටින මොවුන් තමන්ගේ ජීවිත කතාව නැවත නැවතත අලුත් කරමින් ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් නායකත්වය ගැනීමට නිර්භීත, නිර්මාණශීලී හා විශ්වාසයෙන් යුත් කාන්තාවන් සිටින බව පසක් කිරීමට සමත්ව ඇත. ඔවුන් සියලු දෙනා එක්ව මෙරට දියුණුව වෙනුවෙන් නව මාවත් විවර කරමින් බාධක හමුවේ නොසැලී සිහින සැබෑ කර ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නේ ශ්‍රී ලාංකේය ඇඟලුම් කර්මාන්තය පෙර නොවූ විරූ අයුරින් ශක්තිමත් කරමිනි.

1 Comment

  • Het speelveld van de Christmas Big Bass Bonanza casino game bestaat uit 5 rollen met 3 rijen symbolen. Er zijn 10 vaste winlijnen die van links naar rechts uitbetalen. Voor een winnende combinatie zijn minimaal 3 dezelfde symbolen op een actieve winlijn nodig. Inzetten doe je op deze hoge variantie gokkast al vanaf €0,10. Ook big spenders kunnen met Christmas Big Bass Bonanza goed uit de voeten. De maximale inzet per draai is namelijk €250. De Big Bass Splash gokkast is geschikt voor zowel PC’s en laptops als mobiele telefoons en tablets, en is ontworpen door Pragmatic Play en hun toepasselijk genaamde partner Reel Kingdom. Het spel heeft 5 rollen, 10 winlijnen en een heleboel vis-gerelateerde symbolen op het speelveld. De RTP van Big Bass Bonanza Megaways is 96,7%. Als je je hebt aangemeld via de widget ben je klaar om mee te doen aan Big Win City. Ga naar ons Sportsbook en plaats een weddenschap op basis van de inzetvoorwaarden. Je maakt na afhandeling van je kwalificerende weddenschap kans op de Sportsbook Jackpot tot wel €10.000!
    https://www.perthcancercare.com/4560/buffalo-king-megaways-een-gedetailleerde-review-voor-nederlandse-spelers/
    “How to be modern and to continue the tradition, how to revive an old dormant civilization as part of universal civilization.” Paul Ricour Critical regionalism is an architectural movement that came as an answer to the question above. How can architecture progress forward without loosing its roots and traditions? It is also a resistance against the modernist era, seeking to create the sense of place and meaning that was lost during the modernist era. As an approach, it seeks to create spaces that react to the surrounding environment and context by using architectural traditions of the region. It focuses on the relationship of the building to the site and location. Useful info. Lucky me I discovered your site by accident, and I’m surprised why this twist of fate did not took place in advance! I bookmarked it.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close