December 26, 2024
ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග
පුවත්

ආකර්ෂණීය හා ආරක්ෂිත TikTok අත්දැකීමක් නිර්මාණය කිරීම සඳහා වන සුවිශේෂී විශේෂාංග

Nov 25, 2024

අද වනවිට ශ්‍රී ලාංකිකයින් අතර අතිශයින් ජනප්‍රියව පවතින TikTok යන සමාජ මාධ්‍ය යෙදුමකින් එහා ගිය නිර්මාණශීලී වේදිකාවක් ලෙස හැඳින්වීම නිවැරදිය. තමන්ගේ අත්දැකීම් අනෙකුත් පරිශීලකයින් සමඟ බෙදාහදා ගැනීමේ ස්ථානයක් බවට පත්ව ඇති TikTok විවිධ ක්ෂේත්‍රයන් පිළිබඳ බොහෝ අර්ථවත් දේ ඔවුන් වෙත ගෙන ඒමට සමත්ව ඇත. මෙහිදී පරිශීලකයා මුහුණ දෙන ප්‍රධානතම ගැටලුවක් වන්නේ අර්ථවත් අන්තර්ගතයන් පමණක් නොව සමහර අවස්ථාවන්හිදී අනවශ්‍ය ආකාරයේ අන්තර්ගතයන්ද TikTok හරහා බෙදා ගැනීමට සමහර පුද්ගලයන් කටයුතු කර තිබීමයි. එහෛයින් අන් කවරදාටත් වඩා පරිශීලකයාගේ ආරක්ෂාව හා මානසික යහ පැවැත්ම පිළිබඳ අවධානය යොමු කිරීම කාලෝචිත කරුණක් බවට පත්ව ඇත.

ඒ නිසාම ඒ වෙනුවෙන් සිය පරිශීලයින්ට ශක්තියක් වීමට TikTok කටයුතු කර ඇත්තේ ආරක්ෂිත විශේෂාංග කිහිපයක් හඳුන්වා දෙමිනි. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ එක් වෙමින් වැරදි තොරතුරු විසඳීමට හා විශ්වාසදායක සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ හා අන්තර්ගත නිර්මාණ කරුවන්ගේ එකතුවක් වන Fides ජාලය හරහා නිවැරදි තොරතුරු හුවමාරු කර ගැනීම සහතික කිරීමට TikTok කටයුතු කරනු ලැබීය. සමාජ මාධ්‍ය භාවිතයේදී කාලය කළමනාකරණය, මානසික සෞඛ්‍යය පිළිබඳ අවධානය යොමු කර ඇති TikTok ධනාත්මක හා ආරක්ෂාකාරී ඩිජිටල් අත්දැකීමක් උරුම කර දීම වෙනුවෙන් නව්‍ය විශේෂාංග 7ක් හඳුන්වා දී ඇත. පහත දැක්වෙන්නේ එම විශේෂාංගයි.

01. ‘ඔබ තනි නැත’ –  අවශ්‍යතා ඇති අයට මානසික සෞඛ්‍යය සහාය

විශේෂයෙන් මානසික සෞඛ්‍ය ගැටලුවලට ලක්ව සිටින පරිශීලකයින් සඳහා උපකාරක විශේෂාංගයන් ලබා දීමට TikTok කටයුතු කරනු ලබයි. යම් පරිශීලකයකු මානසික සෞඛ්‍යය හෝ සියදිවි නසා ගැනීම් පිළිබඳ අන්තර්ගතයන් සොයන්නේ නම් ඔවුන්ට මානසික සහනයක් ගෙන එන පණිවිඩ සමඟින් ආමන්ත්‍රණය කිරීමට TikTok පියවර ගෙන ඇත. එවන් පුද්ගලයින්ට අවශ්‍ය ඉඟි හා ආධාරක සම්බන්ධ තීරුවක් එහි දිස්වන අතර ඔවුන්ට විශ්වාසවන්ත පුද්ගලයින් සමඟ සම්බන්ධ වීම සඳහා ද අවස්ථාව සලසා දී ඇත. තවද ඔවුන්ට පියවරෙන් පියවර ගැඹුරු හුස්ම ගැනීමේ අභ්‍යාස පුහුණු කරමින් ඔවුන් මුහුණ දෙන මානසික ව්‍යාකූලතාවන් ලිහිල් කිරීමේ ක්‍රියාකාරකම්වල යෙදීමට TikTok ඔවුන්ව දිරිමත් කරයි.

2. තිර කාලය කළමනාකරනය කිරීම – යහපත් සෞඛ්‍ය පුරුදු දිරි ගැන්වීම

තාක්ෂණය සමඟ සමබරව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳව නිරන්තරයෙන් පෙන්වා දෙන TikTok නිවැරදිව එය සිදු කිරීම සඳහා විශේෂාංග කිහිපයක් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඒ තුළින් පරිශීලකයින් එය තමන්ගේ දින චර්යාවට ගැලපෙන දෛනික තිර කාල සීමාවක් සකස් කිරීමේ හැකියාව උදා කර දී ඇති TikTok ඔවුන්ගේ සතිපතා භාවිතයන් පිළිබඳ අවබෝධයක් ලබා දීමේ හැකියාවද මේ තුළින් උදා කර දී තිබේ. තමන්ගේ ඩිජිටල් පුරුදු ගැන සිතා බැලීමට පරිශීලකයින්ට අවස්ථාව සලසා දී ඇති එය රටා හඳුනාගනිමින් ඵලදායිතාව ඉහළ නැංවීමටද පරිශීලකයින්ට හැකියාව ලබා දෙයි. තවද  තමන් භාවිත කළ තිර කාලය පිළිබඳ සිහි කැඳවීම් සමඟින් විවේක ගැන්වීමට, විඩා නිවා ගැනීමට පරිශීලකයන් දිරි ගැන්වීමද සිදු කරනු ලබයි.

3. පවුල් අතර සබඳතාව – තරුණයින් හා දෙමව්පියන් වෙනුවෙන් සහාය සම්බන්ධතා අත්දැකීමක් නිර්මාණය කිරීම

තරුණ පරිශීලකයින් සඳහා වන TikTok හි පවුල් සබඳතා යෙදුම් හරහා ඩිජිටල් ආරක්ෂාව සඳහා එක් වීමේ අවස්ථාව උදා කර දී ඇති අතර දෙමව්පියන්ට ඔවුන්ගේ ගිණුම් සමඟ දරුවන්ගේ ගිණුම් සම්බන්ධ කර ගැනීමටද හැකියාව උදා වේ. එසේම දෙමව්පියන් හට දරුවන්ගේ තිර කාලය අධීක්ෂණය කිරීමට, රහස්‍යතා සැකසීම් කළමනාකරණය කිරීමට මෙන්ම ආරක්ෂිත විශේෂාංගයන් පිළිබඳ සොයා බැලීමට හැකියාව උදා වේ. මේ සැකසුම් හේතුවෙන් දරුවන් හා දෙමව්පියන් අතර වන සම්බන්ධතාව ශක්තිමත් කිරීමට හැකිවීම විශේෂත්වයකි.

4. TikTok ආරක්ෂක මධ්‍යස්ථානයේ යහ පැවැත්ම පිළිබඳ මාර්ගෝපදේශයන්

TikTok හි ආරක්ෂිත මධ්‍යස්ථානය යනු ඩිජිටල් පුරුදු කළමනාකරණය කිරීම සහ මානසික යහපැවැත්ම වෙනුවෙන් සහාය වීම අරමුණු කොටගත් මඟ පෙන්වීම් සිදු කරන සුබසාධන මාර්ගෝපදේශ එකතුවකි. සමාජ මාධ්‍යයන් තුළ සමබර සබඳතාවක් පවතාවාගෙන යාමට මග පෙන්වන මෙම මාර්ගෝපදේශයන් යහපත් සබැඳි භාවිතයන් පිළිබඳ තොරතුරු පරිශීලකයින් වෙත ලබා දේ.

5. සෞඛ්‍ය සම්පන්න විවේකයක් වෙනුවෙන් නින්ද පිළිබඳ මතක් කිරීම

TikTok හි නින්ද පිළිබඳව මතක් කිරීමේ විශේෂාංගය පරිශීලකයින්ගේ විවේකය කළමනාකරණය කිරීම හා මානසික යහපැවැත්ම සඳහා ඉතා වැදගත් විශේෂාංගයක් ලෙස සඳහන් කළ හැකිය. තිර කාලය කළමනාකරණය කරමින් නියමිත වේලාවට නින්ද පිළිබඳ මතක් කිරීමට කටයුතු කරන මෙම විශේෂාංගය අවුරුදු 13 – 17 අතර පරිශීලකයින් සඳහා පැයකට පසු ස්වයංක්‍රීයව ඒ පිළිබඳව දැනුම් දීමට කටයුතු කර ඇත.

6. වයසට සරිලන අන්තර්ගතයන් හා අන්තර්ක්‍රියා සඳහා ප්‍රමුඛත්වය

බොහෝ විට TikTok පරිශීලනය කරනු ලබන්නේ වයස අවුරුදු 18ට අඩු නව යොවුන් දරුවන්ය. එසේ හෙයින් ඔවුන්ට ගැලපෙන අන්තර්ගතයන් ලබා දීම හා අන්තර්ක්‍රියාවන් වෙත ප්‍රමුඛත්වය ලබා දීමට TikTok කටයුතු කර ඇත. ඒ තුළින් නුසුදුසු අන්තර්ගතයන් වෙත ඔවුන් නිරාවරණය වීම පාලනය කරනු ලබන TikTok සිය මෙවලම් හරහා නුසුදුසු අන්තර්ක්‍රියා සිදු කිරීම පාලනය කිරීමටද කටයුතු කරනු ලබයි. මෙය ආරක්ෂිත අවකාශයක් ඔවුන් වෙත ලබා දීමට ඉතා වැදගත් කටයුත්තකි.

7. තරුණ පරිශීලකයින්ගේ ආරක්ෂාව

වයස අවුරුදු 13 සිට 7 දක්වා නව යොවුන් වියේ පසුවන පරිශීලකයින් සඳහා නිශ්චිත විමසුම් සහ ආරක්ෂණ ක්‍රියාත්මක කර ඇති ඒ තුළින් සමබර ඩිජිටල් ජීවන රටාවක් පවත්වාගෙන යාමට ඔවුන් උනන්දු කරවනු ලබයි. උදාහරණයක් ලෙස දෛනික තිර කාලය මිනිත්තු 100 ඉක්මවන අයෙකුට වගකීම් සහිත යෙදුම් තුළින් තිර කාලය සීමා කිරීමට දිරි ගන්වනු ලබයි.

මේ අකාරයෙන් පරිශීලකයින් තුළ යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යමින් ආරක්ෂාකාරීව සිය TikTok අත්දැකීම් ලබා ගැනීමේ අවස්ථාවන් උදාකර දී තිබීම හේතුවෙන් කිසිඳු ගැටලුවකින් තොරව තව තවත් ආකර්ෂණීය හා නිර්මාණශීලී අන්තර්ගතයන් රස විඳීමට හැකියාව උදා වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *