November 7, 2024
නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි
පුවත්

නොයොන් ලංකා ආයතනය ලේස් නිෂ්පාදනයේ සියවසක උරුමය හා ශ්‍රී ලංකාවේ වසර 20ක නිර්මාණකරණ හා ශිල්පීය හැකියාව සමරයි

Oct 30, 2024

ලේස් නිර්මාණ හා තිරසාර රෙදිපිළි නිෂ්පාදනයේ ප්‍රමුඛයෙක් වන නොයොන් ලංකා පුද්ගලික සමාගම ශ්‍රී ලංකාව තුළ 20 වැනි සංවත්සරය පසුගියදා සමරනු ලැබීය. බෙදාහැරීමේ විසඳුම් ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති නොයොන්, 100 Years of Lace Heritage, 20 Years of Design and Craftsmanship යන්න තේමා කර ගනිමින් පසුගිය 21 වන දින බියගම ප්‍රධාන කාර්යාලයේදී උත්සවයක් සංවිධානය කරමින් මෙම සුවිශේෂී සන්ධිස්ථානය සමරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා MAS Holdings හි සභාපති මහේෂ් අමලියන්, උප සභාපති ශෙරාඩ් අමලියන් සහ MAS Holdings හා ෆ්‍රෙන්ච් ලේස්හි සහයෝගී ප්‍රයත්නනය වෙනුවෙන් වූ Noyon Calais හි හිටපු සභාපති ඔලිවියර් නොයොන් යන මහත්වරුන් එක්ව සිටියේය. තවද ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ප්‍රංශ තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිනි මේරි නොයෙල් මැතිණිය, බියගම නිදහස් වෙළෙඳ කලාපයේ ආයෝජන මණ්ඩල අධ්‍යක්ෂ කිත්සිරි කුමාරසිංහ මහතා, MAS Holdings හි ප්‍රධාන විධායක නිලධාරී සුරේන් ප්‍රනාන්දු මහතා සහ නොයොන් ලංකා හි ප්‍රධාන විධායක නිලධාරී හුස්නි සාලිහ් මහතාද ඊට එක්ව සිටියහ

මෙහිදී නොයොන් සමඟ එක්වීම පිළිබඳ අදහස් දැක්වූ MAS Holdings හි සභාපති මහේෂ් අමලියන් මහතා “නොයොන් ලංකා  ආයතනය, ප්‍රංශ ලේස් කලාව නව මානයන් වෙත ගෙන යාමට කටයුතු කර තිබෙනවා. වර්තමානයේ මෙරට රෙදිපිළි නිෂ්පාදන වෙනුවෙන් ගෝලීය පිළිගැනීමක් ලබා ඇති අප ඒ තුළින් සුවිසල් දියුණුවක් අත්පත් කර ගනිමින් හා විවිධාංගීකරණය තුළින් ලේස් කලාවෙන් ඔබ්බට අපගේ විශිෂ්ටත්වය ප්‍රදර්ශනය කිරීමට සමත් වුණා.” යනුවෙන් පැවසීය.

මෙම හවුල්කාරීත්වයේ ආරම්භය හා විකාශනය පිළිබඳ අදහස් දැක්වූ ඔලිවියර් නොයොන් මහතා සඳහන් කර සිටියේ “ප්‍රංශ ලේස් නිර්මානකරණයේ විශිෂ්ටත්වය තුළින් කැපී පෙනන සාර්ථකත්වයක් අත්කරගෙන ඇති නොයොන් ලංකා  ආයතනය, කර්මාන්තය තුළ ඉහළ ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත්ව සිටිනවා” යනුවෙනි.

යුරෝපය, ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව හා චීනය යන රටවල සිය පැවැත්ම තහවුරු කර ඇති නොයොන් ලංකා ආයතනයල ලේස් කලාවෙන් ඔබ්බට සිය හැකියාවන් පුළුල් කිරීම වෙනුවෙන් නවීනතම තාක්ෂණය භාවිත කරනු ලබයි. සමීපතම ඇඟලුම් හා ක්‍රියාකාරී ඇඟලුම් නිෂ්පාදන රාශියක් හඳුන්වා දීමට කටයුතු කර ඇති ඔවුන් 100% ස්වභාවික සායම් වර්ග සමඟින් ලොව ප්‍රමුඛතම වෙළෙඳනාම සඳහා අවශ්‍ය වර්ණයන් ලබා දීම සිදුකරයි.

නොයොන් ලංකා හි අනාගතය පිළිබඳ අදහස් දැක්වූ හුස්නි සාලිහ් මහතා “අපගේ ඉදිරි නිෂ්පාදනයන්හිදී ලේස් නිර්මාණවලින් ඔබ්බට යමින් ලොව වඩාත් නව්‍යකරණ ගෙතුම් විසඳුම් සපයන්නා බවට පත්වීමට අපි  බලාපොරොත්තු වනවා. අප ක්‍රියාත්මක වන ප්‍රජාවන්ට සහයෝගය ලබා දෙන අතරම නව්‍ය හා තිරසාර නිෂ්පාදනයන්හි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීමට ලැබීම පිළිබඳ අපි ඉතා සතුටට පත් වෙනවා.” යනුවෙන් පැවසීය.

පසුගියදා පවත්වනු ලැබූ මෙම සුවිශේෂී උත්සවය 20 වසරක සන්ධිස්ථානය සැමරීම පමණක් නොව නොයොන් ලංකා ආයතනය විසින් හිමිකරගෙන ඇති වසර 105ක සන්නාම උරුමය ඇගයීමේ අවස්ථාවක්ද විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *