October 17, 2024
රීජන්සි උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සුජීව ලේකම්ගේ ජාතික ව්‍යවසායක විශිෂ්ටතා ජනාධිපති සම්මාන දිනයි
පුවත්

රීජන්සි උසස් අධ්‍යාපන ආයතනයේ සභාපති සුජීව ලේකම්ගේ ජාතික ව්‍යවසායක විශිෂ්ටතා ජනාධිපති සම්මාන දිනයි

Sep 11, 2024

රීජන්සි උසස් අධ්‍යාපන ආයතනය සහ නේවාසික පාසල් පෞද්ගලික සමාගමේ සභාපති සුජීව සම්පත් ලේකම්ගේ මහතා ජාතික ව්‍යවසායක විශිෂ්ටතා 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික ව්‍යවසායක විශිෂ්ටතා ආසියානු සම්මානයෙන් පිදුම් ලැබුවේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සහ සමාජ සුබසාධනය උදෙසා සිදු කළ සේවාව වෙනුවෙන් ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේය. මහනුවර සහ කුරුණෑගල නගරවල පිහිටි ශාඛා දෙකකින් සමන්විත රීජන්සි උසස් අධ්‍යාපන මධ්‍යස්ථානයේ සහ නේවාසික පාසලේ 1 සිට 13 ශ්‍රේණි දක්වා සිසුන්ට අධ්‍යාපනය හැදෑරිය හැකිය. සුවිශේෂ ඉගැන්වීම් ක්‍රමයක් යටතේ උදෑසන 5 සිට රාත්‍රී 11 දක්වා නිශ්චිත කාලසටහනකට ඉගැන්වීම් සිදු කෙරේ. එම පාසල ගුරුවරුන්ගේ අධීක්ෂණය යටතේ විවිධ අමතර ක්‍රියාකාරකම්වල යෙදීමටද සිසුන්ට මඟ පෙන්වයි.

ඉංග්‍රීසි හා සිංහල මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීම් සිදු කරන එම පාසලේ ක්‍රියාත්මක වන සුවිශේෂ අධ්‍යාපන ක්‍රමවේදය නිසා රට පුරා ප්‍රධාන පාසල්වල අධ්‍යාපනය හැදෑරු සිසුන් පවා ඊට ඇතුළත් වී ඇත. එම සුවිශේෂ ක්‍රමවේදය තුළ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ට වසරක් වැනි කෙටි කාලයකින් උසස් පෙළ විභාගයට පෙනී සිටීමට හැකියාව ලැබේ. ඒ තුළින් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට සාමාන්‍ය පරිදි වසර තුනක කාලයක් ගත කිරීමට සිසුන්ට සිදු නොවේ. සිසුන්ට විද්‍යා, ගණිත, කලා, වාණිජ සහ තාක්ෂණ වැනි විෂය ධාරාවකින් විෂය තෝරා ගත හැකිය. ශ්‍රී ලංකාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට සූදානම් වන පසුබිමක අධ්‍යාපන ක්‍රමවේදය සකස් විය යුත්තේ කෙසේද යන්නට උදාහරණයක් ලෙස රීජන්සි උසස් අධ්‍යාපන මධ්‍යස්ථානය සහ නේවාසික පාසල පෙන්වා දිය හැකිය. නිල ඇඳුම් වැනි සාම්ප්‍රදායික සීමාවලින් ඔබ්බට ගොස් නිදහසේ ඉගැනීමට මෙම පාසල හා සම්බන්ධ වන සිසුන්ට අවස්ථාව ලැබේ. Business Icon 2023 සම්මාන උළෙලේදී ශ්‍රී ලාංකික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස සම්මාන ලැබීමටත් එම ආයතනයට හැකි විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *