කොටස් හුවමාරුව හරහා ප්‍රාග්ධන රැස්කිරීමේ අවස්ථා ගවේෂණය කිරීම කෙරෙහි කුරුණෑගල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර දැඩි උනන්දුවක්
කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් වයඹ පළාතේ ව්‍යාපාරිකයන් සඳහා “ඔබේ ව්‍යාපාරයට නව ප්‍රවේශයක්” නමින් ව්‍යවසායක සංසදයක් පසුගියදා කුරුණෑගල ‘ද එපිටමි’ හෝටලයේදී පවත්වන ලදී. විශේෂයෙන් එම්පවර් පුවරුව සහ දිරි සවි පුවරුව ඔස්සේ ලැයිස්තුගත කිරීම හරහා ඵලදායී ප්‍රාග්ධන රැස්කිරීමේ මාර්ග ගවේෂණය කිරීම සඳහා මෙම සංසදය හරහා මගපෙන්වන ලදී. මෙම පුවරු කෘෂි ව්‍යාපාර, පශු සම්පත්, බලශක්ති උත්පාදනය, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහ සංචාරක ව්‍යාපාර ඇතුළු පුළුල් පරාසයක කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා පහසුකම් සපයයි. CSE නියෝජිතයන් ඇතුළු කර්මාන්ත විශේෂඥයින් විසින් විද්වත් කථිකාවතක් සහ ක්‍රියාකාරී සැසි මෙහෙයවන ලදී.
රැස්ව සිටි පිරිස අමතමින් CSE ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ, “සමාගමකට අත්‍යවශ්‍ය ප්‍රාග්ධනය රැස් කිරීම, එහි ව්‍යාපාරික කීර්තිය වැඩිදියුණු කිරීම, යහපාලනය සහ තිරසාර භාවිතයන් ප්‍රවර්ධනය කිරීම සහ කොටස් හිමියන්ට මූලික ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් හෝ හැඳින්වීමක් හරහා ධනය උත්පාදනය කිරීමට අවස්ථාව සැලසීම ඇතුළුව සැලකිය යුතු ප්‍රතිලාභ ලැයිස්තුගත කිරීමක් හරහා සමාගමකට හිමිවේ.” යනුවෙනි.
“CSE හි ලැයිස්තුගත කිරීම සඳහා ඉදිරිදර්ශනවල වෙනස්වීමක් අවශ්‍ය වන අතර ඒ හරහා මෙම ප්‍රතිලාභ භාවිත කරමින් ඔබේ සමාගමෙහි පාලනය තබා ගනිමින් සහ ණය-ස්කන්ධ අනුපාතය ප්‍රශස්ත අන්දමින් පවත්වා ගෙන යා හැක. CSE විසින් එම්පවර් පුවරුව හරහා එහි ලැයිස්තුගත කිරීමේ නිර්ණායක පුළුල් කර ඇති නිසා විශේෂයෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට වෙළඳපොළ පදනම් වූ ක්‍රම මගින් අරමුදල් රැස් කිරීමට දැන් අවස්ථාව හිමි ව ඇත.
මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනික උපදේශන සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ කළමනාකරු ඩිෂාන් විතාරණගේ මහතා, “CSE තුළින් ප්‍රාග්ධන උත්පාදනය” යන මැයෙන් සැසියක් පවත්වමින් මෙලෙස සිය අදහස් ඉදිරිපත් කළේය. “ව්‍යාපාරයක් ව්‍යාප්ත වීමට උත්සහ කරන අවස්ථාවේ, අරමුදල් සුරක්ෂිත කිරීමේ සාම්ප්‍රදායික මාර්ගය වන්නේ සාමාන්‍යයෙන් ණය ලබා ගැනීමයි. කෙසේ වෙතත්, CSE වැනි කොටස් හුවමාරුවක ලැයිස්තුගත කර මහජනතාවට කොටස් නිකුත් කිරීමෙන් ප්‍රාග්ධනය රැස් කිරීම විකල්ප සහ වාසිදායක ක්‍රමයක් වේ.”
“මෙම ප්‍රවේශය හරහා බොහෝ ප්‍රතිලාභ හිමි වේ. එමඟින් දැරිය හැකි අරමුදල් සඳහා ප්‍රවේශය ලැබෙන අතර සමාගමේ ආයතනික පැතිකඩ සහ මහජන දෘශ්‍යතාව වැඩි දියුණු කරමින් යහපාලන භාවිතයන් සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කෙරේ.”, යනුවෙන් ද ඔහු පැවසුවේය.
“කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විවිධ මූල්‍ය උපකරණ වෙත ප්‍රවේශ වීමේදී සැලකිය යුතු අභියෝගවලට මුහුණ දෙන බව කර්මාන්ත ප්‍රතිපත්තිය සඳහා වන මහජන උපදේශනය මඟින් පෙන්වා දී ඇත. මෙය විසඳීම සඳහා ව්‍යාපාර ව්‍යාප්තිය සඳහා විවිධ මූල්‍ය විකල්පයන් හඳුන්වා දීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ISB විසින් යෝජනා කරනු ලබයි. CSE සමඟ සහයෝගයෙන් කුරුණෑගල සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ලැයිස්තුගත සමාගම් බවට පත් කිරීම සඳහා ISB විසින් සහය දක්වනු ඇත. ගෝලීය වශයෙන් තරඟකාරී සමාගම් බිහි කිරීම සඳහා කුරුණෑගල ගතික ආර්ථිකය ස්ථානගත කරමින්, ආයතනික සංස්කෘතිය දියුණු කිරීම, සමාගම් පැතිකඩ වැඩිදියුණු කිරීම සහ කළමනාකරණය විධිමත් කිරීම මෙමඟින් අරමුණු කෙරේ.”, යනුවෙන් ISB විධායක අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී නීලකාන්ත් වන්නිනායක මහතා සිය දේශනයේදී අවධාරණය කළේය
“ලයිස්තුගත කිරීම උදෙසා වන ගමනාරම්භය සහ ඉන් පසුවිපරම” යන මැයෙන් විද්වත් කථිකාවතක් ද සංසදය අතරතුර පැවැත්විණි. ඩිෂාන් විතාරනගේ, රජීව බණ්ඩාරනායක මහතා; මහවැලි කොකනට් ප්ලාන්ටේෂන්ස් පීඑල්සී කළමනාකාර අධ්‍යක්ෂ, විධායක ස්වාධීන නොවන අධ්‍යක්ෂ ජේ. එෆ්. ප්‍රනාන්දුපුල්ලේ මහතා යන අයගේ සහභාගීත්වයෙන්, CSE වාණිජ අංශයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පුණ්‍යමලී සපරමාදු මහත්මියගේ මෙහෙයවීමෙන් මෙය පැවත්විය. සහභාගිවන්නන් විසින් ප්‍රශ්න ඉදිරිපත් කළ අතර ඒවාට දැක්වූ පැහැදිලි කිරීම් ද එම සාකච්ඡාවට ඇතුළත් විය.
විද්වත් කථිකාවතෙන් සහ ප්‍රශ්නෝත්තර සැසියකින් පසුව, සහභාගිවන්නන් එම අවස්ථාව අගය කරමින් පැවසුවේ එහිදී ඉතා වටිනා සංකල්පනා ඉදිරිපත් වූ බවයි.

