October 18, 2024
ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු වසරේ ජනප්‍රියම ශිෂ්‍යත්ව ගුරුවරිය ලෙස BWIO හා APLA සම්මානවලින් පිදුම් ලබයි
පුවත්

ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු වසරේ ජනප්‍රියම ශිෂ්‍යත්ව ගුරුවරිය ලෙස BWIO හා APLA සම්මානවලින් පිදුම් ලබයි

Jul 24, 2024

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන් දහස් ගණනකට මාර්ගගත ක්‍රමයට උපකාරක පන්ති පවත්වන දිවයිනේ අංක එකේ ශිෂ්‍යත්ව ගුරුවරිය වන ආචාර්ය හයේශිකා ප්‍රනාන්දු මහත්මිය Business World International Organization සංවිධානය කළ BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම ශිෂ්‍යත්ව ගුරුවරිය ලෙස සම්මාන ලැබුවාය. එසේම සමස්ත ලංකා වෘත්තීය දේශකයන්ගේ සංගමයේ 10 වැනි ද්වි-වාර්ෂික සමුළුවේදීද ඇය අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා කරන මෙහෙවර අගයමින් ප්‍රධාන ආරාධිතයා වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇය වෙත ගෞරවණීය සම්මානයක් පිරිනැමීය.

ශිෂ්‍යත්ව විභාගය සමත් වන ඉහළම ශිෂ්‍ය ප්‍රතිශතයක් ඇති ගුරුවරිය වන හයේශිකා ප්‍රනාන්දු මහත්මිය ඇයටම ආවේණික ක්‍රමවේදයක් ඔස්සේ ඉගැන්වීම් සිදු කර විභාගයට ඉතා සාර්ථකව මුහුණ දීමට සිසුන් සූදානම් කරවයි. සියලු පන්ති තනිවම මෙහෙයවන ඇයගෙන් අධ්‍යාපනය ලැබූ සිසුන් සංඛ්‍යාව 100,000කට අධික වේ. ප්‍රධාන ඛාණ්ඩ පහකින් නිර්මාණය වී ඇති ඇයගේ පන්ති සිසුන්ට ශිෂ්‍යත්ව විභාගයේදී ලකුණු 190ට වැඩියෙන් ගැනීමට මඟ පාදයි. මාර්ගගත ක්‍රමයට පැවැත්වෙන පන්තිවලින් ප්‍රවාහන අවශ්‍යතා මතු නොවීම, මඟ හැරුණු පාඩම් යළි පරිශීලනය කළ හැකි වීම සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සොයා බැලීමට දෙමාපියන්ට අවස්ථාවක් ලැබීම වැනි බොහෝ වාසි සැළසේ. 2023දී දිවයිනේ වැඩිම ලකුණු ගත් සිසුන් 10 දෙනාගෙන් 8 දෙනෙකු හයේශිකා ප්‍රනාන්දු මහත්මියගේ සිසුන් වීම ඇයගේ ඉගැන්වීමේ සාර්ථකත්වය මනාව තහවුරු කරයි. Facebook, YouTube වැනි සෑම සමාජ මාධ්‍ය ජාලයකම ජනප්‍රිය හා ආදරණීය චරිතයක් වන හයේශිකා ප්‍රනාන්දු මහත්මිය පන්තිවලට සහභාගී වන සෑම සිසුවෙකු පිළිබඳවම වෙන් වෙන්ව අවධානය යොමු කරයි. අනෙක් සිසුන්ට සාපේක්ෂව වැඩි අවධානයක් යොමු කළ යුතු සිසුන් සම්බන්ධයෙන්ද සොයා බලන ඇය සිසුන්ගේ මෙන්ම දෙමාපියන්ගේද ප්‍රසාදය දිනා ඇත. ඇයගේ පන්තිවල සුවිශේෂ අංගයක් ලෙස සෑම වසරකම ශිෂ්‍යත්ව විභාගය අවසානයේ උත්කර්ෂවත් ලෙස කොළඹදී පැවැත්වෙන සහතික ප්‍රදානෝත්සවය හැඳින්විය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *