February 9, 2026
2024 වර්ෂයේ Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ
පුවත්

2024 වර්ෂයේ Gulfood ප්‍රදර්ශනයට සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සහභාගී වේ

Mar 14, 2024

2024 මාර්තු 08: ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, සිය ප්‍රධාන පාරිභෝගිකයින් සමඟ ඩුබායි හි පැවැති ජාත්‍යන්තර වශයෙන් කීර්තිමත් Gulfood – 2024 ප්‍රදර්ශනයට සහභාගි විය. මෙම ප්‍රදර්ශනයට රටවල් 190 ක පමණ සහභාගීත්වයක් වාර්තා වූ අතර මෙය ලොව තුන්වන විශාලතම ආහාර ප්‍රදර්ශනය ලෙස සැලකේ. මෙම ප්‍රදර්ශනයට ප්‍රධාන සේවාදායකයින් සමඟින් සෙරන්ඩිබ් ෆ්ලා මිලිස් නියෝජිත පිරිසක් ද සහභාගි විය.

නවීන ආහාර තාක්ෂණය සහ දැනුම ලබාගැනීම, තිරසාර බවින් යුතු නව ප්‍රවණතා ගවේෂණය කිරීම සහ ජාත්‍යන්තර ආහාර නිෂ්පාදන ක්ෂේත්‍ර සමඟ නව සම්බන්ධතා ඇතිකර ගැනීම යන අරමුණු සහිතව‍, ‘දේශය පෝෂණය කිරීම’ වෙනුවෙන් කැප වූ සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් මෙම ගෝලීය ආහාර ප්‍රදර්ශනයට සහභාගි විය. මෙම ප්‍රදර්ශනයට සහභාගි වූ  සෙරන්ඩිබ් හි ප්‍රධාන පාරිභෝගිකයින් ඇතුළු නියෝජිතයින්ට ඉහත අරමුණු සියල්ල සාක්ෂාත් කරගැනීමට ද හැකිවිය.  

ගල්ෆ් කලාපයේ ආහාරපාන අංශයේ ප්‍රබල නාමයක් වන, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි Al Ghurair මව් සමාගම සමඟ සහයෝගයෙන් කටයුතු කර එහි හැකියාවන් අධ්‍යයනය කිරීමට ද මෙම වාර්ෂික ප්‍රදර්ශනය හරහා සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් නියෝජිතයින්ට අවස්ථාව උදා විය. එමෙන්ම michelin-star ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම සිටින සූපවේදීන් විසින් කළ ඉදිරිපත් කිරීම් සඳහා සහභාගි වීමට ද ඔවුන්ට අවස්ථාව හිමි විය. එහිදී ආහාර සහ ආගන්තුක සත්කාර යන අංශවල ප්‍රමුඛතා ආදිය වැඩිදුරටත් ගවේෂණය කිරීමට සුවිශේෂී අවස්ථාවක් හිමි විය.

මේ ආකාරයට අවසන් වූ මෙම ජාත්‍යන්තර ප්‍රදර්ශනයට සහභාගි වූ සෙරන්ඩිබ් නියෝජිතයින් නැවත මෙරටට පැමිණියේ මිල කළ නොහැකි වටිනා අත්දැකීම් රාශියකින් සන්නද්ධව බව කිව යුතුයි.

2 Comments

  • Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.

  • I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close