
lavanya.lk විශිෂ්ටම මාර්ගගත වෙළෙඳසල ලෙස Pinnacleසම්මාන දිනයි
අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන lavanya.lk වෙබ් අඩවිය අයත් ලවන්‍යා ඉන්ටර්නැෂනල් සමාගම MUGP ජාත්‍යන්තර සංවිධානය සංවිධානය කළ Pinnacle Sri Lanka 2023 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මාර්ගගත වෙළෙඳසල ලෙස සම්මානයට පාත්‍ර විය. ගාලුමුවදොර හෝටලයේදී පැවති සම්මාන උළෙලේදී සමාගමේ නිර්මාතෘ සම්පත් අතුකෝරළ මහතා වෙත සම්මානය පිරිනමන ලදී. මාර්ගගත ක්‍රමයට භාණ්ඩ අලෙවි කරන සහ බෙදා හරින වෙබ් අඩවි අතර ඉදිරියෙන්ම සිටින lavanya.lk මෙරට මෙන්ම ලොව පුරා සිටින පරිශීලකයන් දහස් ගණනකගේ ආකර්ෂණය දිනා තිබේ. වසර පහක් පුරා අඛණ්ඩව පාරිභෝගික විශ්වාසය දිනා සිටින lavanya.lk සතුව ලියාපදිංචි ගිණුම් මිලියනයකට අධික සංඛ්‍යාවක් ඇත. ඔවුන්ගේ facebook පිටුවේ පරිශීලකයන් සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවා ඇති අතර එයට මාසයකට මිලියන 9.5ක පාරිභෝගිකයෝ පිරිසක් ළඟා වෙති. lavanya.lk ඔස්සේ නවීන මෝස්තරවලින් යුතු පාවහන්, අත්බෑග්, ඇඳුම් පැළඳුම්, තෑගි භාණ්ඩ සහ තෑගි වවුචර් වැනි බොහෝ දෑ මිල දී ගැනීමට හැකිය. මිල දී ගන්නා භාණ්ඩ මාරු කිරීම සහ ඒ වෙනුවට මුදල් ආපසු ගැනීම වැනි නම්‍යශීලී පහසුකම්ද එම සමාගම පාරිභෝගිකයන්ට හඳුන්වා දී ඇත.
lavanya.lk ඔස්සේ තමන්ට අවශ්‍ය ඕනෑම භාණ්ඩයක් ඉතා පහසුවෙන් ඇණැවුම් කිරීමට සහ ගෙවීම් කිරීමට පාරිභෝගිකයන්ට හැකිය. එසේ ඇණැවුම් කරන භාණ්ඩ මෙරට සහ ලොව ඕනෑම රටක ඕනෑම ස්ථානයකට කෙටි කාලයකින් යැවීමට සමාගම කටයුතු කරයි. lavanya.lk හරහා පැය 24 පුරා භාණ්ඩ ඇණැවුම් කළ හැකිය. වාරික වශයෙන් මුදල් ගෙවීමේ පහසුකම් සහ විවිධ වට්ටම් හඳුන්වා දීමටද සමාගම කටයුතු කර ඇත. ඉතා කෙටි කාලයකින් කැපී පෙනෙන සාර්ථකත්වයක් ලැබූ lavanya.lk තායිලන්තය වැනි රටවල සංචාරය කරන පාරිභෝගිකයන්ට අවශ්‍ය සේවාද සපයයි. දැරිය හැකි මිල ගණන් යටතේ එවැනි රටවල සංචාරය කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සළසමින් ගුවන් ප්‍රවේශපත්‍ර, නවාතැන් පහසුකම්, ආහාර පාන සහ සංචාරක මාර්ගෝපදේශනය වැනි සියලු අංශ ඇතුළත් පැකේජ කිහිපයක් එම සමාගම හඳුන්වා දී තිබේ.
2 Comments
Your point of view caught my eye and was very interesting. Thanks. I have a question for you.
Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.