September 13, 2025
අදානි පවර් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුවට අදාළප්‍රතිඵල නිවේදනය කරයි
පුවත්

අදානි පවර් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුවට අදාළප්‍රතිඵල නිවේදනය කරයි

Feb 2, 2024

ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ  ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන 11.8 සිට ඒකක බිලියන 21.5 දක්වා එනම්, 82%ක වර්ධනයක් වාර්තා කරයි.

අදානි සමූහයේ  ප්‍රමුඛතම සමාගමක්  වන අදානි පවර් සමාගම විසින් , 2023 දෙසැම්බර් 31න්  අවසන් වූ එම වසරේ 3වන කාර්තුවට අදාළ සිය මූල්‍ය ප්‍රතිඵල මෑතක දී ප්‍රකාශයට පත් කෙරිණි.

මෙම  ප්‍රතිඵල පිළිබඳ ව අදහස් දක්වමින් අදානි පවර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී එස්. බී. ඛ්‍යාලියා මහතා පැවසුවේ, “2023- 24 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුව අවසන් වන විට අප වාර්තා කළ මූල්‍ය ප්‍රතිඵල මගින් පෙන්නුම් කරන විදියට, අදානි පවර් සමාගම විශිෂ්ට මූල්‍ය වර්ධනයක් සමගින් සිය නායකත්වය අඛණ්ඩ ව ප්‍රදර්ශනය කිරීමට සමත් වී තිබෙනවා. සමාගම උපාය මාර්ගික ව ස්ථාපනය කර ඇති බලාගාර ජාලය,  පෞද්ගලික හා වෙළෙඳ යන අවශ්‍යතා සඳහා ප්‍රශස්ත ලෙස ධාරිතා වෙන් කර බෙදා හැරීම, ඉන්ධන කළමනාකරණය,  සැපයුම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ O&M හි විශිෂ්ටත්වය යන විශේෂතා දිනෙන් දින වැඩි වන බලශක්ති ඉල්ලුමට අනුව සැපයුම ලබාදෙමින් ලාභ උත්පාදනය කිරීම සඳහා හැකියාව ලබා දෙනවා. ඒ වගේ ම ද්‍රවශීලතාව වර්ධනය කර ගැනීම හරහා ණය මට්ටම අඩු කිරීමට අපට හැකියාව ලැබී තිබෙන බවත් පැවසිය යුතු ම යි. මහාන් හි ක්‍රියාත්මක බ්‍රවුන්ෆීල්ඩ් ව්‍යාපෘතිය තුළ  මෙගාවොට් 1,600 ක විදුලි නිෂ්පාදනයක් සිදු වන බවත් සඳහන් කළ යුතු ම කරුණක්. ඒ වගේ ම කාබන් විමෝචනයෙන් තොර සමස්ත ක්‍රියාවලියක් පවත්වා ගැනීම වෙනුවෙන් අපි නිරන්තරයෙන් කැප වන බවත් අවධාරණය කිරීමට කැමතියි. අපගේ ඉහළ කාර්යක්‍ෂමතාවකින් යුත් බලාගාර හරහා විශ්වසනීය මෙන් ම ප්‍රශස්ත විදුලි සැපයුමක් ලබා දෙමින්,  තිරසාර ඉලක්ක සාක්ෂාත් කර ගැනීම වෙත ශක්තිමත් ව පියනැඟීමට අපි අරමුණු කරනවා.” යනුවෙනි.

2023-24 මූල්‍ය වර්ෂයේ කාර්තු 3 හි දී ම ආදායම්වල වර්ධනයට සාපේක්ෂව ඉන්ධන පිරිවැය අඩු වීම හේතුවෙන් (ප්‍රධාන වශයෙන්  ආනයනික ඉන්ධන මිලෙහි අඩු වීම සහ විකල්ප ඉන්ධන පිරිවැය හේතුවෙන්) අඛණ්ඩ EBITDA වර්ධනයක් වර්තා වීම ද විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.

අදානි පවර් සමාගම 2022-23 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුවට සාපේක්ෂ ව 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව තුළ වාර්තා කළ  බදු පෙර ලාභයෙහි විශිෂ්ට වර්ධනයක්  වාර්තා වූ අතර,  2022-23 මුල් මාස නවය තුළ වාර්තා වූ වර්ධනය ප්‍රතිශතයක් ලෙස ගත් කල 154%කි.

1 Comment

  • I’m really inspired along with your writing abilities and also with the format on your blog. Is that this a paid topic or did you modify it yourself? Anyway stay up the excellent quality writing, it’s rare to peer a great blog like this one these days!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close