July 8, 2025
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහනෙන් මවුන්ටන් බයිසිකල් 50ක් පිරිනමයි
පුවත්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහනෙන් මවුන්ටන් බයිසිකල් 50ක් පිරිනමයි

Jan 30, 2024

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්” සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 7 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහන අති සාර්ථක ලෙස පසුගියදා නිමාවට පත්විය. ජයග්‍රාහකයන් වෙත අගනා මවුන්ටන් බයිසිකල් 50ක් ත්‍යාග ලෙස පිරිනැමීම සිදුකෙරිණ.

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය හිමිකරගත් සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී සමූහයේ පාරිභෝගික භාණ්ඩ ආනයන, නිෂ්පාදන, අලෙවි හා බෙදාහැරීම් අංශය ලෙස ක්‍රියාත්මක වන ස්කෑන් නිෂ්පාදන අංශය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ඉදිරිපත් කරන “ස්කෑන් ජම්බෝ පීනට්ස්” ප්‍රිය කරන අති මහත් පාරිභෝගික ප්‍රතිචාර මැද මෙවර “ස්කෑන් ජම්බෝ බොනැන්සා” 2023 ජූනි මස 22 වැනිදා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා සංවිධානය කෙරිණ. දිවයින පුරා ගම් නගර 120ක් ආවරණය කරමින් මෙවර වැඩසටහන ක්‍රියාත්මක විය.

නම, ලිපිනය, දුරකථන අංකය හා ජාතික හැඳුනුම්පත් අංකය සමග ස්කෑන් ජම්බෝ පීනට් හිස් පැකැට්ටු තැපැල් පෙට්ටිය අංක 161, කොළඹ යන ලිපිනයට එවූ පාරිභෝගිකයන් රැසක් අතුරෙන් කුසපත් ඇදීමෙන් “ස්කෑන් ජම්බෝ බොනැන්සා” ප්‍රවර්ධන වැඩසටහනේ ජයග්‍රාහකයන් තෝරාගන්නා ලදී.

පසුගිය වසරවලටත් වඩා මෙවර වැඩසටහනට අතිමහත් පාරිභෝගික ප්‍රතිචාරයක් ලැබී ඇති අතරම එමගින් ජනතා විශ්වාසය දිනූ උසස් තත්ත්වයේ නිෂ්පාදනයක් මෙවැනි ත්‍යාග පිරිනමන වැඩසටහනක් සමග තවදුරටත් ජනතාවට සමීප වී ඇතිබව පැහැදිළිවන බවත්, ඉදිරියටත් මෙවැනි වැඩසටහන් තුළින් ස්කෑන් ජම්බෝ පීනට්ස් පාරිභෝගික ජනතාවට සමීප වීමට බලාපොරොත්තු වන අතරම මෙතෙක් අප හා රැඳී සිටි පාරිභෝගික ජනතාවට ස්තූතිය පුදකිරීමටත් මෙය අවස්ථාවක් කරගන්නවා යැයි වැඩිදුර අදහස් දක්වමින් සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී. හි වෙළෙඳ හා අලෙවි සහකාර සාමාන්‍යාධිකාරී අරුණ සේනානායක මහතා පැවසීය.

මේ වන විට ශ්‍රී ලංකාවේ පීනට්ස් වෙළෙඳපොළ තුළ 70%ක වෙළෙඳපොළ ප්‍රතිශතයකට හිමිකම් කියමින් “ස්කෑන් ජම්බෝ පීනට්ස්” ඉදිරියෙන්ම රැඳී සිටියි. දිවයිනේ ඕනෑම ප්‍රදේශයකදී ජම්බෝ පීනට්ස් මිලදී ගැනීමේ පහසුව පාරිභෝගික ජනතාව වෙත හිමිකර දී තිබීමද වයස් භේදයකින් තොරව බාල, තරුණ, වැඩිහිටි සෑම කෙනෙකුම එක සේ ප්‍රියකරන ප්‍රණීත රසයකින් යුක්ත වීමද මෙම ජනප්‍රියත්වයට බලපාන තවත් හේතූන් ලෙස පෙන්වා දිය හැකිය.

සැමවිටම තත්ත්වයෙන් උසස් පාරිභෝගික භාණ්ඩ රැසක් ශ්‍රී ලාංකිකයන් වෙත පිරිනමමින් ජනතා විශ්වාසයට පාත්‍ර වූ ස්කෑන් නිෂ්පාදන අංශය ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට ඉදිරිපත් කළ “ස්කෑන් ජම්බෝ පීනට්ස්” 25 වසරකට අධික කාලයක් තිස්සේ ලක්වැසි කාගේත් අංක එකේ තේරීම බවට පත්ව තිබේ. උසස් තත්ත්වයෙන් යුත් කර කර ගා යසට හැපෙන, ලුණු මිශ්‍ර දිව පිනවන කෙටි ආහාරයක් වන ස්කෑන් ජම්බෝ පීනට්ස්, පිරිසක් එක්වූ ඕනෑම ස්ථානයක් රස සාගරයක් කිරීමට සමත්ය. ලොව අංක එකේ පීනට්ස් යොදාගනිමින් නිෂ්පාදනය කෙරෙන ස්කෑන් ජම්බෝ පීනට්ස් පැකැට්ටු පාරිභෝගිකයන්ගේ පහසුව මෙන්ම නැවුම් බව හා සෞඛ්‍යාරක්ෂිත බවද තහවුරු කෙරෙන විවිධ ප්‍රමාණයේ ඇසුරුම්වලින් යුක්තය.

වසර 120 ක සාඩම්බර සංවත්සරය සමරන සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී සමූහය, කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත සමාගමක් වන අතර එහි පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන, ආනයන, අලෙවි කිරීමේ හා බෙදාහැරීමේ අංශය ලෙස ක්‍රියාත්මක වන ස්කෑන් නිෂ්පාදන අංශය ආහාරපාන ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂඥයන් ලෙස කීර්තිමත් ය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයන් ලෙස ඒ ඒ නිෂ්පාදන සඳහා වන වෙළෙඳපොළ ප්‍රමුඛත්වයට පත්ව සිටින සන්ක්වික්, ස්කෑන් ජම්බෝ පීනට්, ස්කෑන් ස්නැක්ස්, කොටගල කහට,Delish Jelly, ස්කෑන් බෝතල් කළ පානීය ජලය, සැකසූ එළවළු හා පළතුරු ආශ්‍රිත නිෂ්පාදන සන්නාමය වන KVC, N-Joy පොල්තෙල්, Star Brand එසන්ස් සහ කලරින් නිෂ්පාදන පෙළ යන විශිෂ්ඨ සන්නාම හිමිකාරීත්වය සී. ඩබ්ලියු. මැකී පී.එල්.සී සමාගමේ කීර්තිය ඔප්නැංවීමට සමත්ව තිබේ.

3 Comments

  • Can you be more specific about the content of your article? After reading it, I still have some doubts. Hope you can help me.

  • Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?

  • I don’t think the title of your article matches the content lol. Just kidding, mainly because I had some doubts after reading the article. https://accounts.binance.info/register?ref=P9L9FQKY

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close