October 18, 2024
සම්මාන පහක් සමඟින් HNB, 2023 SLIM National Sales Awardsහිදී ගෞරවයට පාත‍්‍ර වෙයි
පුවත්

සම්මාන පහක් සමඟින් HNB, 2023 SLIM National Sales Awardsහිදී ගෞරවයට පාත‍්‍ර වෙයි

Dec 14, 2023

සිය බැංකු සේවා විශිෂ්ටත්වය නැවත වරක් තහවුරු කරමින් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව කීර්තිමත් 2023 SLIM ජාතික විකුණුම් සම්මාන උළෙලේදී (NSA) යළිත් වරක් සම්මානයට පාත‍්‍ර වෙමින් සම්මාන පහක් හිමි කරගැනීමට සමත් විය.

ශ‍්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ පිහිටි මොනාක් ඉම්පීරියල් හෝටලයේ අතිඋත්කර්ෂවත් ලෙස පැවැති මෙම සම්මාන උළෙලේදී විවිධ අංශ යටතේ සුවිශේෂී ජයග‍්‍රයහණ ලබා ගත් HNB සේවකයින් ඇගයීමට ලක් විය.

HNB කින්නියා ශාඛාවේ අකීල් අහමඞ් “Sales Executive” කාණ්ඩයේ රන් සම්මානය ද HNB SOLO ඒකකයේ දසුන් උතුරුවැල්ල සිය සුවිශේෂී කුසලතා වෙනුවෙන් බැංකු ක්ෂේත‍්‍රයේ ‘’Sales Supervisor” කාණ්ඩයේ රන් සම්මානය ද දිනා ගැනීමට සමත් විය. එමෙන්ම HNB ව්‍යාපාර සංවර්ධන ඒකකයේ ජාල විකුණුම් අංශයේ හර්ෂණ මුණසිංහ බැංකු ක්ෂේත‍්‍රය සඳහා ‘’Sales Frontline” කාණ්ඩයේ රන් සම්මානය හිමිකර ගැනීමට සමත් විය.

බැංකුවේ සාර්ථකත්වය විදහාපාමින් HNB යාපනය මෙට්‍රෝ ශාඛාවේ අරිචන්ද්‍රන් යෝගදාස් බැංකු ක්ෂේත‍්‍රයේ සිය විශිෂ්ටත්වය ප‍්‍රදර්ශනය කරමින්  ‘’Sales Executive” කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගත්තේය. මේ අතර HNB ව්‍යාපාර සංවර්ධන ඒකකයේ ජාල විකුණුම් අංශයේ ශානක සමරසිංහ ‘’Territory Manager’’ කාණ්ඩයේ ලෝකඩ සම්මානය දිනා ගනිමින් විකුණුම් අංශයේ විවිධ භූමිකාවන් හරහා සිය නිපුණතාවය සහ ප‍්‍රවීණත්වය ප‍්‍රදර්ශනය කිරීමට HNB සතු ශක්තිය ඉස්මතු කළේය.

 HNB හි විශිෂ්ටත්වය සඳහා වූ කැපවීම හුදෙක් එහි කැපී පෙනෙන කාර්යසාධනය පිළිගැනීමට ලක් කිරීම සහ හඳුනාගැනීමෙන් ඔබ්බට යන්නකි. පුහුණු වැඩසටහන්, උපදේශන සහ වෘත්තීය ප‍්‍රවර්ධන අවස්ථා සමඟින් බැංකුව තම සේවකයින්ගේ වෘත්තීය දියුණුවට අවශ්‍ය සහයෝගය ලබා දෙයි. තවද නවෝත්පාදනය, සහයෝගීතාවය සහ අඛණ්ඩ වැඩිදියුණු කිරීම් සඳහා දිරිගන්වන, ධනාත්මක මෙන්ම විවිධත්වය හා සමානාත්මතාවය අගයන සේවා ස්ථානයක් නිර්මාණය කිරීම HNB වැදගත් කොට සලකනු ලබයි.

දශක දෙකක් පුරාවට, SLIM National Sales Awards හි දී විකුණුම් ක්ෂේත‍්‍රයේ වර්ධනය උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ප‍්‍රමුඛ පෙළේ විකුණුම්කරුවන් අගය කරනු ලැබේ. ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට සමගාමීව විකුණුම් වෘත්තිකයන් හඳුනා ගැනීම සහ දකුණු ආසියාවේ හොඳම ඇගයුම් ක‍්‍රියාවලිය ලෙස මෙම සම්මාන උළෙල ස්ථාපිත කිරීම මෙහි අරමුණයි. මෙම සම්මාන උළෙල හරහා කර්මාන්ත 20කට වඩා වැඩි ප‍්‍රමාණයක ඉහළ ජයග‍්‍රහණ ලබා ගත් පුද්ගලයන් අගයනු ලබන අතර, ඔවුන්ගේ කාර්ය සාධනය මත පදනම්ව ඔවුන්ගේ සමාගම් හරහා මෙයට අයදුම් කිරීමට ද අවස්ථාව ලැබෙයි.

දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 254කින් හා ස්වයං සේවා යන්ත‍්‍ර (SSMs) 800කට වැඩි සංඛ්‍යාවකින් සමන්විත HNB තාක්ෂණික වශයෙන් වඩාත් ශක්තිමත් ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ බැංකුවකි. නිරන්තරයෙන් ආයතනික තිරසාරබව, යහපාලන හා විශිෂ්ටත්වය තුළින් සිය අභිමානය තහවුරු කිරීමට සමත්ව ඇති HNB, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරන ලද 2022 වසරේ හොඳම ආයතනික පුරවැසියා (Best Corporate Citizen) ලෙස සම්මාන දිනා ගැනීමට සමත් වූයේ ඒ බව යළිත් සනාථ කරමිනි. එහිදී හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වෙමින් බැංකු ක්ෂේත‍්‍රයේ සිය පුරෝගාමීත්වය සනිටුහන් කළ HNB පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහකයා මෙන්ම ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය ද ඇතුළුව සම්මාන 4ක් ද තමන් සතු කර ගැනීමට සමත් විය.

තවද එක්සත් රාජධානියේ ‘ද බෑන්කර්’ සඟරාව මගින් අඛණ්ඩව හයවන වරටත් 2022 වසරේ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට HNB සම්මානයට පාත‍්‍ර කර ඇති අතර ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2023 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 13 වැනි වරටත් මෙරට විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් ද HNB අභිසෙස් ලැබීය.

1 Comment

  • We stumbled over here by a different web page and thought I should check things out. I like what I see so i am just following you. Look forward to exploring your web page again.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *