November 17, 2026
BOC Connect නියෝජිත බැංකු මධ්‍යස්ථානය වැලිපැන්නගහමුල්ලට
පුවත්

BOC Connect නියෝජිත බැංකු මධ්‍යස්ථානය වැලිපැන්නගහමුල්ලට

Nov 17, 2026

දිවයින පුරා මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය පුළුල් කිරීමේ අරමුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ, වයඹ පළාතේ වැලිපැන්නගහමුල්ල තැපැල් කාර්යාලයේ ස්ථාපිත කළ නව BOC Connect බැංකු මධ්‍යස්ථානය 2026 නොවැම්බර් 14 වන දින විවෘත කළේය.

BOC Connect යනු බලයලත් සේවා මධ්‍යස්ථාන හරහා පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය බැංකු සේවා ලබාගැනීමට අවස්ථාව සලසන නව්‍ය නියෝජිත බැංකුකරණ වැඩපිළිවෙළකි. ඒ යටතේ මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ගැනීම, මුදල් හුවමාරු කිරීම සහ බිල්පත් ගෙවීම වැනි සේවාවන් ලබාගත හැකි අතර, සාම්ප්‍රදායික බැංකු ශාඛා වෙත යාමකින් තොරව පහසුවෙන් බැංකු කටයුතු සිදුකර ගැනීමට පාරිභෝගිකයන්ට හැකියාව ලැබේ.

මෙම විවෘත කිරීමේ උත්සවයට නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව මහතා, නියෝජ්‍ය තැපැල්පති (වයඹ පළාත) ආර් ගුණරත්න මහතා, ලංකා බැංකුවේ ප්‍රධාන අලෙවි නිලධාරී (CMO) සමීර ඩී. ලියනගේ මහතා, ලංකා බැංකුවේ පළාත් සහකාර මහා කළමනාකරු එම්. කේ. එන්. ඩී. සම්පත් මහතා ඇතුළු ආයතන දෙකම නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close