August 31, 2026
Coke Kottu Beat Party සමග වින්දනීය සංගීතය සහ කොත්තු රස විඳින්න සැප්තැම්බර් 6 කටුනායකට එන්න
පුවත්

Coke Kottu Beat Party සමග වින්දනීය සංගීතය සහ කොත්තු රස විඳින්න සැප්තැම්බර් 6 කටුනායකට එන්න

Aug 31, 2026

රසවත් කොත්තු, විවිධ කොකා-කෝලා පාන වර්ග සහ සජීවී සංගීතය එකට මුසු කරමින් Coke Kottu Beat Party ලබන සැප්තැම්බර් 6 වනදා කටුනායක දවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයේදී සවස 4.00 සිට රාත්‍රී 12.00 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරු වන වස්ති, දිනේෂ් ගමගේ, කයිසර් කයිස්, හනා සෆා, Centigradz සහ විනුජ ඇතුළු Mid Lane සංගීත කණ්ඩායම එදින රාත්‍රිය වර්ණවත් කිරීමට නියමිත අතර පවුලේ අය හා මිතුරන් සමඟ එක්ව අමතක නොවන සුන්දර සන්ධ්‍යාවක් විඳ ගැනීමට මෙය කදිම අවස්ථාවක් වනු ඇත. මේ වන විටත් ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශ ගණනාවක සැණකෙළි පවත්වමින් වාර්තා පිට වාර්තා තබමින් ජනතාව අතර ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති Coke Kottu Beat Party, සමගින් අමතක නොවන අත්දැකීමක් විඳ ගැනීමට ඔබත් 6 වනදා  කටුනායක දවින්ද්‍ර මෙන්ඩිස් ක්‍රීඩාංගණයට පැමිණෙන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close