යටිතල පහසුකම් ක්ෂේත්‍රයට නව ශක්තියක් එක් කරමින් Megakem Engineering භූ තාක්ෂණ අංශය අරඹයි
ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් හා යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයට වඩාත් පුළුල් හා නවීන ඉංජිනේරු විසඳුම් සැපැයීමේ තවත් වැදගත් පියවරක් ලෙස Megakem Engineering සමාගම සිය නව Geotechnical Division (භූ තාක්ෂණ අංශය) ඇරැඹීය.මෙම නව අංශය හරහා ව්‍යාපෘතියක ආරම්භක භූ විමර්ෂණ හා තාක්ෂණ ඇගැයීම්වල සිට ඉංජිනේරු සැළැසුම් සකස් කිරීම, අවශ්‍ය නිෂ්පාදන සැපැයීම සහ ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කිරීම දක්වා සම්පූර්ණ භූ තාක්ෂණ සේවා එකම ස්ථානයකින් සැපැයීමට Megakem Engineering සමත් වේ. මෙම භූ තාක්ෂණ අංශය විසින් භූ තාක්ෂණ පරීක්ෂණ කිරීම, පස් ශක්තිමත් කිරීම, භූමිය ස්ථාවර කිරීම, පාංශු ඛාදනය පාලනය, බෑවුම් ආරක්ෂා කිරීම, පාංශු ශක්තිමත් කිරීම, රැඳවුම් බිත්ති ඉදි කිරීම මෙන්ම ජල හා යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා අවශ්‍ය විශේෂ භූ තාක්ෂණ විසඳුම් සැපැයීම සිදු කරනු ලබයි. තාක්ෂණ දැනුම සහ ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම එකට එක් කරමින් සෑම ව්‍යාපෘතියකටම ගැළැපෙන විසඳුම් සැපැයීම මෙම අංශයේ ප්‍රධාන අරමුණ වේ. මෙම සේවාවලට අමතරව Geotextiles, Geogrids, Geocells, Retaining Wall Systems, Geocomposite Drainage Systems සහ Gabions ඇතුළු නවීන භූ තාක්ෂණ නිෂ්පාදන රැසක්ද Megakem Engineering විසින් සපයනු ලබයි. මෙම නිෂ්පාදන මඟින් පස් ස්ථායිතාව ඉහළ නැංවීමට, ඉදි කිරීම්වල කල් පැවැත්ම වැඩි දියුණු කිරීමට සහ තිරසාර යටිතල පහසුකම් සංවර්ධනයට දායක වීම අපේක්ෂා කෙරේ.
Megakem Engineering සඳහන් කරන්නේ මෙම භූ තාක්ෂණ අංශය ආරම්භ කිරීම නව ව්‍යාපාරික අංශයක් විවෘත කිරීමක් පමණක් නොව ශ්‍රී ලංකාවේ භූතාක්ෂණ ඉංජිනේරු ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය ගොඩ නැගීම සඳහා වූ දිගු කාලීන දැක්මක වැදගත් සන්ධිස්ථානයක් බවයි. තාක්ෂණ දැනුම, නව්‍ය ඉංජිනේරු ක්‍රමවේද සහ ප්‍රායෝගික ක්‍රියාත්මක කිරීම ඒකාබද්ධ කරමින් සංකීර්ණ භූතාක්ෂණ අභියෝග සඳහා විශ්වාසදායක විසඳුම් සැපැයීම එහි අරමුණ වේ. රට තුළ මාර්ග, පාලම්, ගොඩනැගිලි, ජල කළමනාකරණ සහ අනෙකුත් ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති අඛණ්ඩව වර්ධනය වන පසුබිමක විශේෂ භූ තාක්ෂණ සේවා සඳහා ඇති ඉල්ලුම ඉහළ යමින් පවතී. එම අවශ්‍යතාවට ගැළැපෙන පරිදි තාක්ෂණ වශයෙන් ශක්තිමත්, කාර්යක්ෂම හා ආර්ථිකමය වශයෙන් වාසි විසඳුම් සැපැයීම තුළින් ශ්‍රී ලංකාවේ ඉදි කිරීම් ක්ෂේත්‍රයට වටිනා දායකත්වයක් දැක්වීමට Megakem Engineering අපේක්ෂා කරයි.“Build on Certainty” යන තේමාව ඔස්සේ ක්‍රියාත්මක වන මෙම නව භූ තාක්ෂණ අංශය ගුණාත්මකභාවය, නව්‍යකරණය සහ තිරසාර සංවර්ධනය මූලික කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉංජිනේරු හා යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස Megakem Engineeringහි ස්ථානය තව දුරටත් ශක්තිමත් කරනු ඇත.

