ශ්‍රී ලංකාවේ ප්‍රථම GreenRE රන් සහතිකය John Keells Properties හි The Offices at Cinnamon Life වෙත පිරිනැමේ
John Keells Properties සතු The Offices at Cinnamon Life වාණිජ ගොඩනැගිලි පරිශ්‍රය, නේවාසික නොවන දේපළ කාණ්ඩය යටතේ තිරසාර දේපළ විශිෂ්ටත්වය සඳහා වන Gold GreenRE Certification සහතිකය දිනා ගැනීමට සමත්ව ඇත. මෙය ශ්‍රී ලංකාවේ වාණිජ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයට සුවිශේෂී සන්ධිස්ථානයක් වන අතර, GreenRE ආයතනය විසින් ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘතියකට හරිත ගොඩනැගිලි ශ්‍රේණිගත කිරීමක් පිරිනැමූ ප්‍රථම අවස්ථාව ද වේ. මෙම පිළිගැනීම, අනාගතයට සූදානම් නාගරික සංවර්ධන සඳහා Cinnamon Life සතු ප්‍රමිතිගත ප්‍රමුඛස්ථානය තවදුරටත් තහවුරු කරයි.
මෙම රන් සහතිකය මඟින් අදාළ ව්‍යාපෘතිය සතු තිරසාර ක්‍රියාකාරීත්වය, බලශක්ති කාර්යක්ෂමතාව සහ පරිසර හිතකාමී සැලසුම්කරණයේ ඉහළ ප්‍රමිතීන් ඇගයීමට ලක් කරයි. එය නවීන ව්‍යාපාරික අවශ්‍යතා සපුරාලන අතර, දිගුකාලීන පාරිසරික වගකීම සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව මුල් කරගත් සේවා පරිශ්‍රයන් නිර්මාණය කිරීම උදෙසා වූ කැපවීමද මනාව පිළිබිඹු කරයි.
Malaysia’s Real Estate and Housing Developers Association හෙවත් REHDA විසින් 2013 වසරේදී ස්ථාපිත කරන ලද GreenRE ආයතනය, හරිත ගොඩනැගිලි සහතිකකරණ සහ ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේද, පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන්, සහ පර්යේෂණ හා සංවර්ධන වැඩසටහන් හරහා දේපළ ක්ෂේත්‍රයේ තිරසාරභාවය ප්‍රවර්ධනය කරයි. කලාපය පුරා වඩාත් තිරසාර ගොඩනැගිලි පරිසරයන් නිර්මාණය කිරීමට දායක වන වගකිවයුතු සංවර්ධන ක්‍රියාමාර්ග දිරිගැන්වීම සම්බන්ධයෙන් මෙම සහතිකකරණ රාමුව ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇත.
කොළඹ නගරයෙහි, City of Dreams ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන කොටසක් වන The Offices at Cinnamon Life, නවීන යටිතල පහසුකම් සහ තිරසාරත්වය මුල් කරගත් සැලසුම් ශිල්පීය ක්‍රමවේදයන් මුසු වූ ඉහළම මට්ටමේ වාණිජ පරිසරයක් සපයයි. මෙම සංවර්ධන ව්‍යාපෘතිය කාර්යක්ෂම ගොඩනැගිලි පද්ධති, ප්‍රශස්ත බලශක්ති ක්‍රියාකාරීත්වය සහ පරිසර හිතකාමී මෙහෙයුම් ක්‍රියාමාර්ග ඒකාබද්ධ කරමින්, වඩාත් සෞඛ්‍ය සම්පන්න හා කාර්යක්ෂම සේවා ස්ථාන පරිසරයක් නිර්මාණය කිරීමට කටයුතු කරයි.
මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින්, John Keells Group හි දේපළ සහ වත්කම් සමූහයෙහි ප්‍රධානී සහ උප සභාපති රුසිරු අබෙයසිංහ මහතා සඳහන් කළේ, “ GreenRE රන් සහතිකය ලැබීම The Offices at Cinnamon Life සඳහා වැදගත් ජයග්‍රහණයක් මෙන්ම ශ්‍රී ලංකාවේ වාණිජ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයට ද සුවිශේෂී සන්ධිස්ථානයක් ද වෙනවා. ව්‍යාපාර, එහි පරිශීලකයින් සහ පුළුල් නාගරික පරිසරය සඳහා දිගුකාලීන වටිනාකමක් ලබා දෙන අතරම, ජාත්‍යන්තරව පිළිගත් තිරසාර ප්‍රමිතීන්ට අනුකූල වන පරිශ්‍රයන් සංවර්ධනය කිරීමට සහ පවත්වාගෙන යාමට අප දක්වන අඛණ්ඩ කැපවීම මෙම ඇගයීමෙන් මනාව පැහැදිලි වෙනවා.” යනුවෙනි.
The Offices at Cinnamon Life යනු උසස් මට්ටමේ කාර්යාල අවකාශ, ආගන්තුක සත්කාර, නේවාසික පහසුකම්, සිල්ලර වෙළෙඳ, ආහාරපාන සහ විනෝදාස්වාද අත්දැකීම් එක් ගමනාන්තයක් තුළ ඒකාබද්ධ කරන සුවිශේෂී සන්ධිස්ථානයක් බඳු වූ ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස්’ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතියේ කොටසකි. ව්‍යාපාරික ආයතන තිරසාර හා අනාගතයට සූදානම් සේවා ස්ථාන වෙත වැඩි අවධානයක් යොමු කරමින් සිටින පසුබිමක, GreenRE වැනි සහතිකකරණයන් මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ගෝලීය පාරිසරික ප්‍රමිතීන් එකට එක් කරන සංවර්ධන ව්‍යාපෘතිවල ආකර්ෂණය තවදුරටත් ශක්තිමත් කරයි.
මෙම පිළිගැනීම, කොළඹ නගරයේ පරිණාමය වෙමින් පවතින වාණිජ දේපළ සංවර්ධන පරිසරය තුළ තිරසාරභාවයේ වැඩි වන වැදගත්කම ද අවධාරණය කරයි. සේවක සුබසාධනය, කාර්යක්ෂමතාව සහ දිගුකාලීන ස්ථායීතාවයට සහාය දක්වන පරිසර හිතකාමී සේවා ස්ථාන පිළිබඳ ව්‍යාපාරික ආයතන වැඩි අවධානයක් යොමු කරමින් සිටින අතර, මෙම ජයග්‍රහණය එම ප්‍රවණතාවයට තවත් ශක්තියක් සපයයි.
City of Dreams හි Cinnamon Life වැනි සංවර්ධන ව්‍යාපෘති හරහා, John Keells Properties ශ්‍රී ලංකාවේ නාගරික අනාගතය හැඩගැස්වීමේ ප්‍රමුඛ භූමිකාව අඛණ්ඩව ඉටු කරමින් සිටී. තිරසාරභාවය, නවෝත්පාදනය සහ ලෝක මට්ටමේ සැලසුම් මූලධර්ම ඒකාබද්ධ කරන ව්‍යාපෘති ඉදිරිපත් කිරීම හරහා, නගරයට සහ එහි ප්‍රජාවන්ට දිගුකාලීන වටිනාකමක් නිර්මාණය කිරීම සමාගමේ අරමුණයි.
John Keells Properties යනු ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමාගම් සමූහය වන John Keells Group හි දේපළ සංවර්ධන අංශයයි. Crescat City හි The Emperor සහ Monarch, OnThree20, 7th Sense, TRI-ZEN, The Residences at Cinnamon Life, VIMAN Ja-Ela සහ නවතම සංවර්ධන ව්‍යාපෘතිය වන Vauxhall DSTRCT වැනි සුවිශේෂී ව්‍යාපෘති සාර්ථකව ඉදිරිපත් කළ ශක්තිමත් කාර්යසාධන ඉතිහාසයක් සහිත John Keells Properties, නවෝත්පාදනය, ගුණාත්මකභාවය සහ විශ්වාසය හරහා නාගරික ජීවන රටාව සහ වාණිජ දේපළ සංවර්ධන ක්ෂේත්‍රයේ නව ප්‍රමිතීන් අඛණ්ඩව ස්ථාපිත කරයි.

