June 7, 2026
මෙවර ලෝක සාගර දිනය නිමිත්තෙන් The Shoppes හිදී පාරිසරික සබැඳියාව සමඟින් සුවිශේෂී වැඩසටහනක් සංවිධානය කරයි
පුවත්

මෙවර ලෝක සාගර දිනය නිමිත්තෙන් The Shoppes හිදී පාරිසරික සබැඳියාව සමඟින් සුවිශේෂී වැඩසටහනක් සංවිධානය කරයි

Jun 7, 2026

ලෝක සාගර දිනය නිමිත්තෙන් City of Dreams Sri Lanka හි The Shoppes හිදී සුවිශේෂී සති අන්ත වැඩසටහනක් සංවිධානය කොට තිබුණි. විනෝදාස්වාද වැඩසටහන් හරහා සාගරයේ වටිනාකම සහ එය රැක ගැනීමේ වැදගත්කම පෙන්වා දීම අරමුණු කරගත් මෙම සුවිශේෂී අවස්ථාව සඳහා එක් වන ලෙස City of Dreams සාගරයට ආදරය කරන සැමට ආරාධනා කර තිබුණි.

City of Dreams Sri Lanka හි The Shoppes ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සාගර සංරක්ෂණ සංවිධානයක් වන The Pearl Protectors සමඟ එක්ව මෙවර ලෝක සාගර දිනය සමරනු ලැබුවේ විශේෂ වැඩමුලු, චිත්‍ර හා නිර්මාණශීලී ක්‍රියාකාරකම් රැසක්ද සංවිධානය කරමිනි. පවුලේ සියලු දෙනාගේ සතුට, විනෝදය පමණක් නොව සමුද්‍රය හා එහි ජීවීන්ගේ සුරක්ෂිතතාව පිළිබඳ දැනුමද මේ තුලින් ලබා ගැනීමට හැකි විය.

එපමණක් නොව ඒ හරහා The Shoppes තවත් එක් අලෙවි සැලක් පමණක් බවට පත් නොවී විනෝදාස්වාදය මෙන්ම සාගර සංරක්ෂණය සඳහා අවකාශ උදා කරන අධ්‍යාපනික තෝතැන්නක් බවට පත් කිරීමටද මෙම සබඳතාව හේතුවක් විය.

වැඩසටහන් රැසකින් සමන්විත වූ මෙම අවස්ථාවෙහි ප්‍රමුඛ අංගයක් ලෙස  “Reef Builders”  වැඩමුලුව සඳහන් කළ හැකිය. වයස් කාණ්ඩ දෙකක් යටතේ පවත්වනු ලැබු මෙහිදී ළමයින්ට සහ නව යොවුන් වියේ පසුවන්නන්ට කාඩ්බෝඩ් භාවිතයෙන් ජෙලි ෆිෂ්, කැස්බෑවුන්, මෝරුන් සහ ගල් මාලු වැනි විවිධ මුහුදු ජීවීන් නිර්මාණය කිරීමේ අවස්ථාව උදා කර දී තිබුණි.

“Tide Pool Crew” හිදී අවුරුදු 4ත් 9ත් අතර දරුවන්ට කතාන්දර ඇසීමට සතුන්ගේ කාඩ්පත් බැලීමට මෙන්ම නිවසට ගෙන යා හැකි පාට පාට නිර්මාණ සිදු කිරීමට අවස්ථාව හිමි විය. එමෙන්ම මේ යටතේ අවුරුදු 10ට වැඩි දරුවන් හට සාගරය මුහුණ දෙන සැබෑ ගැටලු, මුහුදු ජීවීන්, සාගර පරිසරය වැනි දේ පිළිබඳව නිර්මාණාත්මක ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරීමට මෙහිදී හැකි වනු ඇත.

මෙම සැමරුමෙහි තවත් විශේෂ අවස්ථාවක් වන්නේ ලෝක සාගර දින චිත්‍ර තරඟයයි. මේ සඳහා තමන් විසින් අතින් අඳින ලද චිත්‍ර, ඩිජිටල් චිත්‍ර හෝ ඩිජිටල් ඡායාරූප හරහා සාගරයට ඇති ආදරය ප්‍රකාශ කිරීමට සහභාගී වන්නන්ට අවස්ථාව උදා විය. එසේම හානියට පත් සාගරයේ කතාව සහ මුහුද යට දසුන් වැනි තේමාවන් ඔස්සේ මුහුදු ජීවීන්ගේ සුන්දරත්වය මෙන්ම ඔවුන් සුරැකීමේ අවශ්‍යතාව පිළිබඳ කලාකරුවන් දිරිමත් කරමින් කලා නිර්මාණයන් සිදු කිරීමටද මෙහිදී අවස්ථාව උදා විය. මේ සඳහා වන නිර්මාණ භාර ගැනීම මැයි 31 දිනෙන් අවසන් විය.

සෑම වසරකම ජූනි 8 වන දින සමරන ලෝක සාගර දිනය, පෘථිවියේ ජීවය පවත්වා ගැනීමට සාගරයෙන් ලැබෙන දායකත්වය පිළිබද මතක් කර දෙයි. ඔක්සිජන් නිපදවීම, දේශගුණය පාලනය කිරීම, ජෛව විවිධත්වය සහ මිනිස් ජීවනෝපායන් රැකදීම මෙයට ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ අනන්‍යතාවය සාගරය සමඟ දැඩිව බැඳී පවතින බැවින්, මතු පරපුර උදෙසා සාගර පරිසර පද්ධති ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළවල් දැන් ඉතා වැදගත් වී ඇතග

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම තරුණ සාගර සංරක්ෂණ සංවිධානයක් වන The Pearl Protectors සංවිධානය  මෙහි පෙරමුණ ගෙන ක්‍රියා කරයි. ඔවුන් සාගර දූෂණය අවම කිරීම, ජෛව විවිධත්වය සුරැකීම මෙන්ම පොදු ජනතාව සහ තරුණ පරපුර පරිසරය කෙරෙහි දැනුවත් කිරීම සඳහා බලපෑම් සහගත වැඩසටහන් පවත්වනු ලබයි.

සියලු දෙනාට විනෝදාස්වාදය සමඟින් අධ්‍යාපනය හා දැනුම ලබා දීමේ අවස්ථාවක් වන මෙම සබඳතා වැඩසටහන පවුලේ සැමට එක්ව රස විඳිය හැකි අවස්ථාවක් ලෙසද පෙන්වාදිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close