May 15, 2026
DIMOහි ලොව පිළිගත් බර වාහන හා යන්ත්‍රෝපකරණ වෙනුවෙන් HNB වෙතින් ලීසිං පහසුකම්
පුවත්

DIMOහි ලොව පිළිගත් බර වාහන හා යන්ත්‍රෝපකරණ වෙනුවෙන් HNB වෙතින් ලීසිං පහසුකම්

May 15, 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව බරවාහන හා යන්ත්‍රෝපකරණ වෙනුවෙන් විශේෂිත මූල්‍ය පහසුකම් හඳුන්වා දීම සඳහා DIMO සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.

මෙම හවුල්කාරිත්වය හරහා, ව්‍යාපාරිකයන්ට සහ කොන්ත්‍රාත්කරුවන්ට DIMO සමාගම නියෝජනය කරන ලොව පිළිගත් යන්ත්‍රෝපකරණ සන්නාම සඳහා විශේෂිත ලීසිං විසඳුම් ලබාගත හැකිය. මීට BOMAG rollers, Kaeser compressors, Everdigm breakers, Gehl සහ Car Mix self-loading කොන්ක්‍රීට් මිශ්‍රන යන්ත්‍ර වැනි ජාත්‍යන්තරව පිළිගත් නිෂ්පාදකයින්ගේ යන්ත්‍රෝපකරණ මෙන්ම Komatsu සන්නාමයේ ඉදිකිරීම් සහ පස් කැපීමේ යන්ත්‍රෝපකරණ රැසක් ඇතුළත් වේ. මෙම තාක්ෂණික යන්ත්‍රෝපකරණ මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රය, යටිතල පහසුකම් සංවර්ධනය, නිෂ්පාදන ක්ෂේත්‍රය සහ කාර්මික කටයුතු සඳහා වැදගත් මෙහෙවරක් ඉටු කරයි.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB ජ්‍යෙෂ්ඨ උප සභාපති/පාරිභෝගික බැංකුකරණ ප්‍රධානී කාංචන කරුණාගම මහතා පැවසුවේ “බැංකුවක වගකීම මූල්‍ය පහසුකම් සැපයීමට පමණක් සීමා නොවිය යුතුයි. මෙම හවුල්කාරිත්වය යටතේ ලබාදෙන සෑම ලීසිං පහසුකමක්ම පුද්ගල ජීවනෝපායන් ශක්තිමත් කිරීමටත්, ව්‍යාපාර දියුණු කිරීමටත්, සමාජයට නව අවස්ථා උදාකර දීමටත් දායක වනවා. කොන්ත්‍රාත්කරුවන්ට, යන්ත්‍ර ක්‍රියාකරුවන්ට සහ නැගී එන ව්‍යාපාරවලට සහනදායී මූල්‍ය ක්‍රමවේද ඔස්සේ විශ්වසනීය යන්ත්‍රෝපකරණ ලබා ගැනීමට හැකි වූ විට, නව රැකියා උත්පාදනය කරමින් රටේ සංවර්ධනයට දායක වීමට ඔවුන්ට විශ්වාසයක් ගොඩනැගෙනවා. DIMO සමඟ එක්ව කටයුතු කිරීමෙන් රටේ අනාගතය තීරණය කරන කර්මාන්ත නංවාලීමටත්, දිවයින පුරා සිටින ජනතාවට මෙම වටිනා අවස්ථා සමීප කිරීමටත් අපට කදිම අවස්ථාව ලැබෙනවා.” යනුවෙනි.

DIMO සතු ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණත්වය සහ HNB සතු ශක්තිමත් පාරිභෝගික බැංකුකරණ හා ලීසිං සේවා හැකියාවන් එක් කරමින් මෙම වැඩසටහන සකස් කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඕනෑම පරිමාණයක ව්‍යාපාරයකට නවීන යන්ත්‍රෝපකරණ පහසුවෙන් මිලදී ගත හැකි මූල්‍ය ක්‍රමවේදයක් නිර්මාණය කිරීමයි. මෙම වැඩසටහන යටතේ HNB විසින් විශේෂ ලීසිං පොලී අනුපාත ලබාදෙන අතරම ක්‍රෙඩිට් කාඩ්පතක්ද පාරිභෝගිකයන් වෙත පිරිනමනු ලබයි. මෙම ක්‍රෙඩිට් කාඩ්පත පළමු වාර්ෂික ගාස්තුවෙන් නිදහස් කර ඇත. මීට අමතරව, HNB General Insurance වෙතින් යන්ත්‍රෝපකරණ සඳහා වට්ටම් සහිත විශේෂ රක්ෂණ වාරික ද පිරිනමන බැවින්, පාරිභෝගිකයන්ට අඩු පිරිවැයකින් තමන්ගේ යන්ත්‍රෝපකරණ සුරක්ෂිත කර ගැනීමට අවස්ථාව හිමිවේ.

“වැඩබිමකට ලැබෙන සෑම යන්ත්‍රයක් පිටුපසම තමන්ගේ පවුල සහ සමාජය වෙනුවෙන් වගකීම් ඉටුකරන, දැඩි කැපවීමක් සහ උනන්දුවක් ඇති මිනිසෙකු සිටිනවා. මෙවැනි වටිනා හවුල්කාරිත්වයන් හරහා ව්‍යාපාර ගොඩනැගීමට, නිෂ්පාදන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමට සහ විවිධ කර්මාන්ත ඉදිරියට රැගෙන යාමට උපකාරී වන ප්‍රධානතම සාධකය යන්ත්‍රෝපකරණ බව DIMO අප විශ්වාස කරනවා. එමඟින් ජනතාවගේ සිහින සැබෑ කර ගැනීමට අත්වැලක් ද සපයනවා. HNB සමඟ ඇති කරගත් මෙම හවුල්කාරීත්වය නිසා පාරිභෝගිකයින්ට විශ්වාසයෙන් යුතුව ආයෝජනය කිරීමට අවශ්‍ය මූල්‍ය සහයෝගය මෙන්ම ලොව උසස් මට්ටමේ යන්ත්‍රෝපකරණද පහසුවෙන් ලබාගත හැකිය්. ව්‍යාපාරවලට නිවැරදි යන්ත්‍රෝපකරණ සහ මූල්‍ය පහසුකම් ඇති විට, එය ජනතාවගේ ජීවනෝපායයන් ශක්තිමත් කරන අතරම ශ්‍රී ලංකාව පුරා කර්මාන්ත සංවර්ධනය කිරීමට ද උපකාරී වනවා.” DIMO සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ගහනාත් පණ්ඩිතගේ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close