February 14, 2026
දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රෝයල් නර්සින් හෝම් සම්මාන දිනයි
පුවත්

දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උලෙළේ දී රෝයල් නර්සින් හෝම් සම්මාන දිනයි

Dec 1, 2025

වැඩිහිටි රැකවරණ සේවා ක්ෂේත්‍රයේ කීර්තිමත් හා ප්‍රමුඛ සමාගමක් වන රෝයල් නර්සින් හෝම් පෞද්ගලික සමාගම දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2025 සම්මාන ප්‍රදානෝත්සවයේදී සෞඛ්‍ය සේවා කළමනාකරණ අංශයේ විශිෂ්ටම සමාජ සත්කාර සහාය සපයන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. සිනමන් ලයිෆ් හෝටලයේදී පාකිස්තාන හා නේපාලය තානාපතිවරුන්ගේ සහ ඉන්දියා මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු සම්මාන උලෙළේදී රෝයල් නර්සින් හෝම් නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සමිල නුවන්පිටිය, ගණකාධිකාරී සුසන්ත විජේරත්න, නේවාසික කළමනාකරු මහේෂ් අරනායක වෙත සම්මානය පිරිනමන ලදී. මීට පෙරද රෝයල් නර්සින් හෝම් ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ඇති අතර 2025දී පමණක් සම්මාන හයක් ලැබීම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ රෝයල් නර්සින් හෝම් සතු විශිෂ්ටත්වය, කැපවීම, පාරිභෝගික විශ්වාසය, ගුණාත්මකභාවය හා වෙළෙඳපොළ නායකත්වය හොඳින් පෙන්නුම් කරයි.

2007දී සුළු සේවක ප්‍රමාණයකින් ආරම්භ කළ රෝයල් නර්සින් හෝම් වර්තමානයේදී ශ්‍රී ලංකාවේ විශාලම හෙද සත්කාර සේවා සපයන්නා වේ. මහරගම, ගල්කිස්ස, කඩුවෙල, මාලඹේ, මීගමුව සහ හංවැල්ල යන ප්‍රදේශවල මෙන්ම එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේද සුඛෝපභෝගී සත්කාරක සේවා මධ්‍යස්ථාන පවත්වා ගෙන යන රෝයල් නර්සින් හෝම් ආරම්භක සභාපති මනුජ හේවාවසම්, වෛද්‍යවරුන්, හෙද පාලිකාවන්, හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන් ඇතුළු 1600ට වැඩි පිරිසක් සේවය කරන අති නවීන පහසුකම්වලින් සපිරි පාරිභෝගිකයන්ට විශිෂ්ට සේවාවක් සපයන ශ්‍රී ලාංකික ආයතනයකි. ශ්‍රී ලංකා පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවේ අනුමැතිය ලැබූ රෝයල් නර්සින් හෝම් ISO 9001-2015 ජාත්‍යන්තර තත්ත්ව සහතිකය ලැබූ මෙරට ප්‍රථම සහ එකම වැඩිහිටි රැකවරණ සේවා මධ්‍යස්ථානය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close