ලංකා බැංකුවේ පේරාදෙණිය උද්භිද උද්‍යාන සීමිත සේවා ශාඛාව විවෘත කිරීම සහ කෙසෙල්වත්ත ශාඛාව නව පරිශ්‍රයක් වෙත ගෙන යාම සිදු කෙරෙයි
සිය වටිනා ගනුදෙනුකාර භවතුන්ට නවතම බැංකුකරණ අත්දැකීමක් සහ කාර්යක්ෂම සේවාවක් ලබා දීමේ අරමුණින් ලංකා බැංකුවේ පේරාදෙණිය අධි ශ්‍රේණි ශාඛාවට අනුබද්ධිත පේරාදෙණිය උද්භිද උද්‍යාන සීමිත සේවා ශාඛාව විවෘත කිරීම සහ කෙසෙල්වත්ත ශාඛාව නව පරිශ්‍රයක් වෙත ගෙන යාම පසුගිය දා සිදු කෙරිණි.
මෙම ශාඛා හරහා පේරාදෙණිය හා පානදුර කෙසෙල්වත්ත යන ප්‍රදේශවල සහ එම ප්‍රදේශ අවට ජීවත් වන ජනතාවට කාර්යක්ෂම බැංකු සේවා ලබා දෙමින් ආර්ථික වශයෙන් ඔවුන් සවි බල ගැන්වීම ලංකා බැංකුවේ අරමුණයි.
දිවයින පුරා පිහිටා ඇති 660කට අධික ලංකා බැංකු ශාඛා ජාලය හා 2400කට අධික පාරිභෝගික සේවා මධ්‍යස්ථාන සම්බන්ධ වී ඇති නිසා ගනුදෙනුකරුවන්ට මෙම ශාඛා හරහා රටේ ඕනෑ ම ප්‍රදේශයක් සමඟ බැංකු ගනුදෙනු සිදු කිරීමේ හැකියාව ලැබී ඇත.

