October 28, 2025
“BYD, PHEV කාණ්ඩයේ වාහන ආනයනය නොනවතියි”
පුවත්

“BYD, PHEV කාණ්ඩයේ වාහන ආනයනය නොනවතියි”

Oct 21, 2025

ජෝන් කීල්ස් ඔටෝ CG ආයතනය පවසයි

BYD, PHEV කාණ්ඩයේ විද්‍යුත් වාහන ආනයනය කිසිදු වෙනසකින් තොරව පෙර පරිදිම සිදුවන බව ජෝන් කීල්ස් ඔටෝ CG ආයතනය පවසයි. ආනයනය කල BYD විද්‍යුත් වාහන, මෝටර් ධාරිතාව තීරණය කිරීමේ ගැටළුවක් මත නිදහස් කර ගැනීම පමාවීමේ අභියෝගකාරී තත්ත්වයට මුහුණදී සිටින අවස්ථාවක වුවද PHEV කාණ්ඩයේ වාහන ආනයනයේ කිසිදු වෙනසක් සිදු නොවන බව ජෝන් කීල්ස් ඔටෝ CG (JKCG) ආයතනය අවධාරණය කරයි. ආයතනය මගින් ආනයනය කරන ලද BYD වාහන ශ්‍රී ලංකා රේගුව මගින් නිදහස් නොකිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය ඉදිරියේ කෙරෙන විභාග කිරීම්වල දැනට තත්ත්වය පිලිබඳ තම පාරිභෝගිකයින් හා පාර්-ශවකරුවන් දැනුවත් කිරීමට නිවේදනයක් නිකුත් කරමින් JKCG මෙලෙස ප්‍රකාශ කළේය. අමතර උපාංග, අලෙවියෙන් පසු සේවාවන්, වගකීම් සහතික හා අදාල සේවාවන් සියල්ලම BYD හා JKCG ආයතනයන්හි සම්පුර්ණ සහයෝගයෙන් සිදුවන බව ආයතනය දැනුම් දේ.

“අපගේ විද්‍යුත් වාහන නිදහස් කරගැනීමට අන්තර්කාලීන සහනයක් අධිකරණය වෙතින් ලබා ගැනුණු අතර ඉතිරි විද්‍යුත් වාහන නිදහස් කරගැනීමට ශ්‍රී ලංකා රේගුව සමඟ නිරන්තර සම්බන්ධ වෙමින් කටයුතු කරනෙමු,” JKCG පැවසීය. පවතින තත්ත්වයට නිසි විසඳුමක් ලැබීමට බලාපොරොත්තු වුවාට වඩා කාලයක් ගතවීම නිසා තම පාරිභෝගිකයින්ට වාහන බෙදාහැරීමේ කාලය පිලිබඳ තහවුරු කිරීමක් ලබාදීමට නොහැකිවීම අභියෝගාත්මක කාර්යයක් වී ඇති බව ආයතනය පවසයි. මෙම තත්ත්වය හමුවේ අගතියට පත්ව සිටින පාරිභෝගිකයින් සමඟ පෞද්ගලිකවම සම්බන්ධවී කටයුතු කරන බව ආයතනය පවසයි. ජනමාධ්‍ය කලින් වාර්තා කල ආකාරයට ශ්‍රී ලංකා රේගුව විසින් මතුකරන ලද කරුණු සම්බන්ධයෙන් විමසා බැලීමට රේගුව විසින්ම ඔවුන්ගේ අනුමතය පරිදි කමිටුවක් පත්කර ඇත. JKCG තවදුරටත් පැවසුවේ තම ආයතනය අදාල අධිකාරීන් සමඟ සම්පුර්ණ සහයෝගයෙන් කටයුතු කරන අතර දැනට කෙරෙන විමර්ශන සඳහා අවශ්‍ය අන්තර්ජාතිකව පිළිගත් නිෂ්පාදකයින්ගේ නිෂ්පාදකයාගේ සහතිකය (manufacturer certificate) ලබාදී ඇත. නිෂ්පාදකයින්ගෙන් ආයතනයට ලැබී ඇති සියළුම විස්තර මෙම වීමර්ශන කමිටුවට ඉදිරිපත් කර ඇති බව ආයතනය පවසයි. JKCG තවදුරටත් පැවසුවේ ඉදිරි විමර්ශන කටයුතු අනුව කමිටුවට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවයි. JKCG අවධාරණය කරන්නේ මෙම කරුණ නිරවුල් කර වාහන නිදහස් කරගැනීමට වඩාත්ම සුදුසු ක්‍රමය වන්නේ තෝරාගත් වාහන අන්තර්ජාතිකව පිළිගත් ස්වාධින පර්යේෂනාගාරයකදී මෝටර් ධාරිතාව පිලිබඳ කරුණු පැහැදිලි ව තහවුරු කරගැනීමයි. “මෙයින් නිවැරදි, විශ්වාසනීය හා ස්ථාවර විසඳුමක් සහතික කරගත හැකි බව අපි විශ්වාස කරමු. අධිකරණ ක්‍රියාවලිය තුළදී මෙන්ම ඉන් පිටතදීද මෙම කරුණ ශ්‍රී ලංකා රේගුවට දැනුම් දීමට අපි කටයුතු කර ඇත්තෙමු,” ආයතනය තම නිවේදනයේ තදුරටත් සඳහන් කර සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close