October 26, 2025
පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කරමින් NDB බැංකුවේ අක්කරෙයිපත්තු ශාඛාව නව පරිශ‍්‍රයකට රැගෙන එයි
පුවත්

පාරිභෝගික අත්දැකීම් වැඩිදියුණු කරමින් NDB බැංකුවේ අක්කරෙයිපත්තු ශාඛාව නව පරිශ‍්‍රයකට රැගෙන එයි

Sep 15, 2025

NDB බැංකුවේ අක්කරෙයිපත්තු ශාඛාව 2025 සැප්තැම්බර් 10 වන දින නව පරිශ‍්‍රයකට ගෙන එන ලදී. නවීකරණය කොට නව පරිශ‍්‍රයකට රැගෙන ආ බැංකු ශාඛාව අංක 71, අම්පාර පාර, අක්කරෙයිපත්තුව දරන ලිපිනයේදී උත්සවාකාරයෙන් විවෘත කළ අතර එම ප‍්‍රදේශයේ ජනතාව වෙනුවෙන් අඛණ්ඩව සේවා සැපයීම වෙනුවෙන් බැංකුවේ ඇති කැපවීම අවධාරනය කරයි.

2015 වස්සරේ දී ආරම්භ කරන ලද අක්කරෙයිපත්තුව NDB බැංකු ශාඛාව, කලාපය පුරා පවුල්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාර සඳහා සහාය වෙමින් වසර නවයකට අධික කාලයක් තම ගනුදෙනුකරුවන්ට සාඩම්බර සේවාවක් ලබාදී ඇත. වඩාත් පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ස්ථානයකට නව ශාඛාව ගෙනයාම මඟින් බැංකුවේ වටිනා ගනුදෙනුකරුවන්ට වඩාත් වැඩිදියුණු කළ පහසු, නවීන පහසුකම් සහ උසස් බැංකු අත්දැකීමක් ලබා දීමේ බැංකුවේ ඇති අරමුණ මෙමඟින් පිළිබිඹු කෙරේ.

නව ශාඛාව විවෘත කිරීමේ උත්සවයට NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් වන සංජය පෙරේරා – ජ්‍යෙෂ්ඨ උප සභාපති පෞද්ගලික බැංකුකරණ සහ පාරිභෝගික සේවා, සෙයාන් හමීඞ් – උප සභාපති පුද්ගලික බැංකුකරණ, බ‍්‍රින්තාපන් සෙල්වනායගම් – උතුරු නැගෙනහිර කලාපීය ප‍්‍රධානී, ගංගා වනිගරත්න – වෙළඳ මූල්‍ය, ගෙවීම් සහ පියවීම් මෙහෙයුම් සහකාර උප සභාපතිනි, වින්ජය ජයසිංහ – සහකාර උප සභාපති ශාඛා මෙහෙයුම් ප‍්‍රධානී  සහ ඉස්ලාමීය බැංකුකරණ ප‍්‍රධානී බහාර් නයන් යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය විද්වතුන්, කාර්ය මණ්ඩලය සහ ගෞරවනීය ගනුදෙනුකරුවන් රැසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සම්බන්ධවෙමින් NDB බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපසභාපති සංජය පෙරේරා මහතා පවසා සිටියේ ‘මෙම අක්කරෙයිපත්තු ශාඛාව නව පරිශ‍්‍රයකට රැගෙන ඒම නව ආරම්භයක් පමණක් නොව මෙම කලාපයේ ජනතාව වෙනුවෙන් NDB බැංකුවේ අපගේ ඇති නව කැපවීමක් ද නියෝජනය කරයි. වැඩිදියුණු කළ පහසුකම් සහ නවීකරණය කරන ලද බැංකු අත්දැකීමක් අපගේ ගනුදෙනුකරුවන්ට සමීප කරවීමට ලැබීම පිළිබඳව අපි ආඩම්බර වන අතරම NDB ෂරීක් යටතේ කැපවූ ඉස්ලාමීය බැංකුකරණ ඒකකයක් පිහිටුවීම සමඟින් සියලූ දෙනාම ඇතුළත් බැංකුකරණ සේවා තවත් ශක්තිමත් කිරීමේ නව පියවරක් ඉදිරියට තබමු. අක්කරෙයිපත්තුව සහ ඉන් ඔබ්බට පුද්ගලයින්, පවුල් සහ ව්‍යාපාර සඳහා විශ්වාසදායක මූල්‍ය සහකරුවෙකු ලෙස සිටීම අපගේ දැක්මයි.’ යනුවෙනි.

මීට අමතරව, ලීසිං සේවාවන්, තැන්පතු, ක්‍රෙඩිට් කාඞ්පත්, NDB අරලිය ගිණුම්, ස්ථාවර තැන්පතු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුකරණ (SMEs) සහ ශිල්ප ළමා ඉතුරුම් යන අංශ යටතේ නව ශාඛාවේ පළමු ගනුදෙනුකරුවන් පිළිගැනීම ද මෙම උත්සවයේදී සිදු කෙරිනි.

නව පරිශ‍්‍රයේ පිහිටවූ අක්කරෙයිපත්තුව ශාඛාව, NDB බැංකුව හා සමානව විශ්වසනීයත්වය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සමඟින් කලාපය පුරා සිටින පුද්ගලයින්ට, පවුල්වලට සහ ව්‍යාපාරවලට සේවය කිරීමට සූදානමින් සිටී.

NDB බැංකුව ශ‍්‍රී ලංකාවේ සිව්වන විශාලතම පෞද්ගලික වාණිජ බැංකුවයි. 2025 Euromoney විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා හොඳම ඩිජිටල් බැංකුව ලෙස NDB බැංකුව නම් කරන ලද අතර 2024 Asian Banking and Finance සඟරාව (සිංගප්පූරුව) සම්මාන උළෙලේදී වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම පෞද්ගලික බැංකුකරණය සහ වසරේ ශ‍්‍රී ලංකා දේශීය ව්‍යාපෘති මූල්‍ය බැංකුව ලෙස සම්මානයට පාත‍්‍ර විය. ප‍්‍රාග්ධන වෙළඳපොළ අනුබද්ධ සමාගම් වලින් සමන්විත NDB සමූහයේ මව් සමාගම NDB බැංකුව වන අතර, එම සමාගම් එක්ව අද්විතීය බැංකුකරණ සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ සේවා සමූහයක් සාදයි. ඩිජිටල් බැංකුකරණ විසඳුම් මඟින් බල ගැන්වෙන අර්ථවත් මූල්‍ය සහ උපදේශන සේවා හරහා ජාතිය සහ එහි ජනතාව සවිබල ගැන්වීමට බැංකුව කැපවී සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close