
ශ්‍රී ලාංකීක යෝගට් රසයන්ට නවමු රසයක් එක් කරමින් අඹේවෙල, ෆලුඩා රසැති යෝගට් නිෂ්පාදනයක් හඳුන්වාදෙයි
ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන අංශයේ ප්‍රමුඛයෙකු වන අඹේවෙල, සිය නවතම නිෂ්පාදනයක් ලෙස මෙරට ප්‍රථම ෆලූඩා රස යෝගට් හඳුන්වාදීමත් සමඟින්, නවෝත්පාදනයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. ෆලූඩා රසය, අඹේවෙල යෝගට් වල පෝෂණ ගුණය සමඟින් මුසු කරමින්, වෙළඳපොළ වෙත බෙදාහැරීමට කටයුතු කර තිබෙනවා. මෙය, සම්ප්‍රදායික රසය සහ සෞඛ්‍ය සම්පන්න බව එක් කරන, පාරිභෝගිකයින්ට නවමු අත්දැකීමක් ලබා දෙන නිෂ්පාදනයක් වනවා.
අඹේවෙල සතු ගොවිපලවලින් ලබා ගන්නා පිරිසිදු, නැවුම් කිරිවලින් නිපදවන ෆලූඩා රස යෝගට්වල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව පිළිබදව සහතික කරයි. මෙය පාරිභෝගිකයින්ට සාම්ප්‍රදායික රසයක්, නවීන සහ පෝෂ්‍යදායී ලෙස භුක්ති විඳීමට අවස්ථාව සලසයි. පහසු 80gවේ බඳුනක ඇසුරුම් කර ඇති මෙම යෝගට්, ගමනේ යෙදෙන විට වුවද, පෝෂණීය කෙටි ආහාරයක් ලෙස හෝ දවසේ ඕනෑම අවස්ථාවක රසවිඳීමට සුදුසු ලෙස නිෂ්පාදනය කර තිබෙනවා.
2009 වසරේ සිට අඹේවෙල Set Yoghurt පාරිභෝගික විශ්වාසය දිනාගෙන සිටියද, මෑත වසරවලදී පාරිභෝගික රුචිකත්වයට ප්‍රතිචාර දක්වමින් විවිධ රසයන්ගෙන් යුත් යෝගට් වර්ග හඳුන්වා දීමට අඹේවෙල කටයුතු කර ඇත. ෆලූඩා රස යෝගට් හඳුන්වාදීම තුළින්, ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍ර උරුමය නවීන ජීවන රටාවන් සමඟ එක්කිරීමට අඹේවෙල සමාගම සතු හැකියාව පෙන්නුම් කරයි.
මෙම නව නිෂ්පාදනයත් සමඟ අඹේවෙල සමාගම උසස් ගුණාත්මක බව රැකගනිමින්, සෑම පරපුරකටම රසවත් තෝරාගැනීම් හඳුන්වා දෙයි. සෞඛ්‍යයවත්, රසවත් මෙන්ම නවෝත්පාදනය මුසුවූ ෆලුඩා රසැති යෝගට් රසවිදීමට හැකිවන්නේ අඹේවෙල පාරිභෝගියන්ට පමණයි.