
පරමේෂ්වරී ගුරුකුල ආයතනය Asia Miracle සම්මානයෙන් පිදුම් ලබයි
ගුප්ත විද්‍යාව සහ වේද දේව සංකල්ප පිළිබඳව උනන්දුවක් දක්වන්නන්ට දැනුම සහ පුහුණුව සපයන දඹුල්ල පරමේශ්වරී ගුරුකුල ආයතනය Asia Miracle 2025 සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ගුප්ත විද්‍යා අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වුණු සම්මාන උළෙලේදී ආයතනයේ නිර්මාතෘ ආචාර්ය භාග්‍යානි සඳරේඛා මහත්මිය වෙත සම්මානය පිරිනමන ලදී. 2019දී ඇරැඹුණු පරමේශ්වරී ගුරුකුල ආයතනය ගුප්ත විද්‍යාව සහ වේද දේව සංකල්ප හදාරන්නන් අතර ජනප්‍රිය අධ්‍යාපන ආයතනයකි. වයස අවුරුදු 16 සිට 55 දක්වා වූ අයට නිවැරැදිව සහ විනයානුකූලව වත්පිළිවෙත් ඉටු කරමින් ගුප්ත විද්‍යා කටයුතුවල නියැලීමට අවශ්‍ය දැනුම සහ පුහුණුව සපයන එම ආයතනය ක්ෂේත්‍රයේ විශ්වාසනීය නමක් දිනා ඇත. බලයට පෙර විනය යන තේමාව මුල් කර ගත් එම ආයතනය වසර දෙක හමාරක ගුප්ත විද්‍යා පාඨමාලාවක් හදුන්වා දී ඇත. ඒ සදහා ගුණගරුක හා විනයගරුක සිසුන් බඳවා ගැනේ.
“ඇසට නොපෙනෙන විවිධ බලවේග හඳුනා ගැනීමට බලාපොරොත්තු වන ඕනෑම අයෙකුට අපගේ ආයතනය සමග සම්බන්ධ වෙන්න පුළුවන්. විධිමත් පුද පූජා විධි පිළිබඳ දැනුම සහ පුහුණුව අප ඔවුන්ට සපයනවා. අපගේ දේව මන්දිරය සෑම අඟහරුවාදා දිනකම ජනතාවට විවෘතව පවතිනවා. අපගේ ආයතනයේ ශිල්ප හදාරන සිසුන්ට මාසයකට වරක් ගුප්ත විද්‍යා අධ්‍යයන හා විවිධ දේව පූජා විධි පිළිබඳව වැඩමුළු ආයතනය තුළම පවත්වනවා. අපගේ පාඨමාලාව හැදෑරූ පළමු සිසුන් කණ්ඩායමට සහතික ප්‍රදානය මේ වසරේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වුණා. අප ආයතනයේ තුන් වැනි සිසුන් කණ්ඩායම මේ වන විට ඉගැනීම් අරඹා තිබෙනවා.” භාග්‍යානි සඳරේඛා මහත්මිය පැවසුවාය. වසර ගණනාවක අත්දැකීම් සහිත ඇය විශ්වාසනීය ලෙස පෞද්ගලිකත්වය සුරකිමින් ගුප්ත විද්‍යා සේවා රැසක් සපයයි. කාර්යක්ෂම සේවාව, විශ්වාසනීයභාවය සහ සාධාරණ අය කිරීම් නිසා දිවයින පුරා ජනතාව ඇය සොයා පැමිණෙති. සඳරේඛා මහත්මිය Pinnacles Sri Lanka 2022 සම්මාන උළෙලේදී ආසියාවේ අභිමානය (සමාජ සේවා), Women Icon 2024 සම්මාන උළෙලේදී Women Lifetime Achievement යන සම්මාන සහ ගෞරව නාම රැසක් දිනා ඇත.