September 12, 2025
Ardent Immigration Inc. ශ්‍රී ලංකාවේ සංචාරක හා ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් Ardent Travels & Tours දියත්කරයි
පුවත්

Ardent Immigration Inc. ශ්‍රී ලංකාවේ සංචාරක හා ප්‍රවාහන ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් Ardent Travels & Tours දියත්කරයි

Aug 23, 2025

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Immigration Consulting Services සන්නාමය සහිත Ardent Immigration ආයතනය ඔවුන්ගේ සේවා ජාලය තවදුරටත් පුළුල් කරමින් Ardent Travels and Tours සේවාව පසුගියදා කොළඹ දී නිල වශයෙන් ආරම්භ කරනු ලැබීය. 2020 වසරේදී කැනඩාවේ ඇල්බර්ටා හි කැල්ගරි මූලික කරගනිමින් ආරම්භ කළ Ardent Immigration ආයතනය කැනඩාව සහ ශ්‍රී ලංකාවට පමණක් සීමා වෙමින් ඔවුන්ගේ සේවාවන් ආරම්භ කල නමුත් අද වන විට සියලුම රටවලට ඔවුන්ගේ සේවාවාන් ව්‍යාප්ත කර තිබෙනවා. එලෙස ආරම්භ කල මෙම සේවා  ජාලයට එක්වු Ardent Travels and Tours ආරම්භය Ardent සමූහයට සුවිශේෂි වනවා මෙන්ම ශ්‍රී ලාංකික සමාජයේ පැවති විශාල හිඩැසක් පරිපූර්ණත්වයට පත් කිරීමක් ද වෙනවා. දැනට ශ්‍රි ලංකාවේ High Visa Approval Rate එකක් පවත්වා ගනිමින් එමෙන්ම තම සේවා දායකයින්ගේ අවශ්‍යතා හඳුනාගෙන, ඔවුන්ගේ සිතැඟි ඉටුකරගැනීමට මඟ පෙන්වමින් ක්ෂේත්‍රෙය් රඳවාගෙන ඇති විශ්වාසනීයත්වය ඔවුන්ගේ කීර්ති නාමය ඉහළට ඔසවා තබනවා.

පසුගිය අගෝස්තු පළමුවන දින Ardent සමූහයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂ සචිර විමලවීර මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව  ශ්‍රී ලංකාවේදී ආරම්භ කරනු ලැබූ Ardent Travels and Tours ආයතනයේ නිල සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් කළමණාකාර අධ්‍යශක්ෂ නදීශානි පෙරේරා මහත්මිය සඳහන් කලේ ලෝකය වටා සංචාරය කිරීම සහ තමන්ගේ ජීවිතයට විවිධ අත්දැකීම් එකතු කර ගැනීමට පිපාසයක් ඇති සංචාරකයින්ට තමන්ටම ගැලපෙන ආකාරයේ සුවපහසු මෙන්ම සුවිශේෂි අත්දැකීමක් ලබා ගැනීමට අවශ්‍ය සේවාවන් ලබා දීම Ardent Travels and Tours ආයතනයේ මූලික අභිලාෂය වන බවයි. එමෙන්ම Travel and Tours වලට අදාලව සිය සේවාදායකයන්ට ගැලපෙන Travel Packages සහ විශේෂීකරණය කරන ලද නිවාඩු පැකේජ, හෝටල් වෙන්කරවා ගැනීම්, Airport Transfer සේවාවන්, වීසා සම්බන්ධීකරණ සේවාවන්, ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීම් ඇතුලු විවිධ සේවාවන් රැසක් ලබා දීම Ardent Travel and Tours ආයතනයේ මූලික මෙහෙවර වන බවයි.

තවද නිවාඩු සහ ආයතනික සංචාර පැකේජ සඳහා සුවිශේෂී අවස්ථාවන් රැසක් උදාකර දෙමින්, Ardent Travels and Tours ආයතනය මේ වන විට ශ්‍රී ලංකාව තුළ වර්ධනය වෙමින් පවතින මෙහෙයුම් වර්ධනය සඳහා Amadeus වැනි ගෝලීය බෙදාහැරීම් පද්ධති පිළිබඳ මනා දැනුමක් ඇති විශිෂ්ඨ ටිකට්පත් නියෝජිතයන් සහ සංචාරක විධායක නියෝජිතයන් සම්බන්ධ කර ගනිමින් Ardent  කණ්ඩායම සතු ශක්තිය තවදුරටත් පුළුල් කර ගනිමින් සිටියි. Ardent ආයතනය සිය Immigration සහ Travel යන ද්විත්ව ආකෘතික ආයතන තුලින් පාරිභෝගිකයින් වෙත පහසු සේවාවක් අත්කර දෙමින් තනි සංචාරකයින්ට, පවුල්වලට සහ ව්‍යාපාරික සහ ආයතනික සංචාර වලටම ගැලපෙන ඔවුන්ටම සුවිශේෂී සංචාරක විසඳුම් ලබා දීමට කටයුතු කරයි.

මෙම සමාරම්භ කිරිමේ අවස්ථාව සනිටුහන් කිරීම නිමිත්තෙන් Ardent Immigration සහ Ardent Travels and Tours සහයෝගීත්වයෙන් Sri Lanka’s Biggest Travel & Immigration Giveaway නමින් ආකර්ෂණීය දීමනාවක් ලබාදීමට තීරණය කර ඇති අතර තෝරගන්නා ලද ජයග්‍රාහකයන් සඳහා කැනඩාවට නොමිලේ යාමට සහ ඒමට ගුවන් ටිකට්පත් දිනාගැනීමට සහ වීසා අයදුම් කිරීම සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාගැනීමට අවස්ථාව උදාකර දී ඇත. මෙම මහඟු අවස්ථාව ලබාගැනීමට #CanadaWithArdent හරහා ඔවුන්ගේ සමාජ මාධ්‍ය සමඟ සම්බන්ධ වීමෙන් අවස්ථාව සැලසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Close